Jacqueline Fernandez, දායක වුනු SAAHO චිත්‍රපටයේ ගීතය
Shraddha Kapoor සහ Prabhas රංගනයෙන් දායක වන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය අගෝස්තු 30 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. SAAHO චිත්‍රපටයේ ගීතයක් සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළියක වන Jacqueline Fernandez දායක වී තිබෙනවා. පසුගියදා අන්තර්ජාලයට එක්කර තිබූ මේ ගීතය මේ වනවිට මිලියන 30කට ආසන්න පිරිසක් නරඹා ඇති බව පැවසෙනවා. Jacquelineට ආදරය කරන රසිකයින් වගේම Prabhasට ආදරය කරන රසිකයින් විශාල පිරිසක් ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරාම සිටිනවා. ඒ පිරිස් මේ ගීතය ගැන උනන්දුවෙන් පසුවූ බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා කර තිබුනා.
Written by Nisanka Weheraduwa