Kevin Hart දරුණු රිය අනතුරකට ලක්වෙයි

Avatar Nisanka Weheraduwa | September 2, 2019 93 Views 0 Likes 0 Ratings

93 Views 0 Ratings Rate it

ජනප්‍රිය හොලිවුඩ් ප්‍රහසන නළුවකු වන Kevin Darnell Hart දරුණු රිය අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 01 වැනිදා අලුයම කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්. කෙවින් සමග තවත් දෙනෙකුගේ මෝටර් රථයේ සිටි බවත් තිදෙනාම රෝහල්ගත කොට ඇති බවත් වාර්තා වනවා. කෙවින් සහ රිය පැදවූ ජෙරාඩ් බ්ලැක්ගේ තුනටියට දැඩි හානි සිදුව ඇති බව රෝහල් වාර්තා පවසා තිබෙනවා. කෙවින් සිය 40 වැනි උපන්දිනය වෙනුවෙන් මිළදී ගත් Plymouth Barracuda මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතර පැන ආරක්ෂක වැටේ ගැටී ඇතැයි පැවසෙනවා.

40 හැවිරිදි කෙවින්, 2001 වසරේ හොලිවුඩ් චිත්‍රපට සහ ටෙලි මාලා නාට්‍ය සඳහා දායකත්වය ලබාදුන්නේ ප්‍රහසන නළුවකු ලෙසින්. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්ද වනවා.

Share

93 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.