මේධා ලංකාවට ඇවිත්

Avatar Cinema.lk A | July 8, 2013 30 Views 0 Likes 0 Ratings

30 Views 0 Ratings Rate it

මේධා ජයරත්න….ඇය දක්ෂ නිවේදිකාවක්.ඒ වගේම දක්ෂ චරිතාංග රංඟන ශිල්පිණියක්.මීට වසර කිහිපයකට පෙර නිතර නිතර පුංචි තිරයේ දී ඇගේ රුව දකින්නට ලැබුණත් කලක පටන් ඇය ගැන හාවක් හුවක් පවා නැතිව ගියා.ඇය ගැන මෙහෙම කිසි තොරතුරක් නැතිව යන්න පටන් ගත්තේ වසර දෙකකට පෙර ඇය මුහුණ දුන් මාරාන්තික රිය අනතුරින් පස්සෙයි.මේ අනතුරට දේශපාලනඥයෙකුගේ සම්බන්ධයක් තිබුණු නිසාවෙන් ඒ වකවානුවේ මේ පුවත උණු කැවුම් මෙන් මාධ්‍ය ලෝකයේ විකිණෙන්න පටන් ගත්තා.ඒත් අනතුරින් දින කිහිපයක් ගත වු තැන මේධාත් ඇගේ සැමියාත් රටින් පිටවුණා.මේ සමඟම මාධ්‍යයන් හි නොයෙක් කට කතා පැතිර ගියා.ඒ උනාට ඒ දෙවල් හුදෙක් බොරු කට කතාම පමණක්ම බව පසුගිය දවසක පසක් කරගන්න පුළුවන් වුණා.මේධා ආයෙත් තම මව්බිමට ඇවිල්ලා.තම උපන් රටට පැමිණි ඇය තමන්ට සිදු වු අනතුර ගැනත්,හදිස්සියේම මව්බිමින් පිටව යාම පිළිබඳවත්,පෙර කිවු දේශපාලඥයාගේ සම්බන්ධය ගැනත් මාධ්‍ය වෙත අනාවරණය කර සිටියා.

“ඇත්තටම අපි එංගලන්තයට යාමට සැලසුම් කරගෙනයි සිටියේ.ඒ මගේ මහත්තයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා.ඔයා කාලේ දී අපි ගලේවෙල දී නොසිතු වීරු ලෙස අනතුරකට මුහුණ පෑවා.ඔය කියන දේශපාඥයාගේ ආරක්ෂක රථයේයි අපේ වාහනේ හැප්පුනේ.දේව හාස්සකමකින් වගේ අපිට කිසිම අනතුරක් වුණේ නෑ.ඒත් මාධ්‍ය මඟින් ප්‍රචාරණ වුනේ වෙනම දෙයක්.අපිට ඔය කියන දේශපාලනඥයාගෙන් බලපෑම් ඇති වුණා කියලා සමහර මාධ්‍ය වාර්ථා කරලා තිබුණා.ඒවා සහ මුලින්ම බොරු.අපිට එහෙම කිසිම දෙයක් වුණේ නෑ“

වැඩිදුර කතා බහේදි දැන ගන්න ලැබුණේ ඇය මව්රටේ ස්ථිරව පදිංචි ව සිටින බවයි.දුර රටකට ගොස් තම මව් රටට ආ මේධා,පැමිණ තිබුණේ හිස් අතින්නම් නෙවෙයි.දෙවන වරටත් මව්පදවියෙන් පිදුම් ලැබු ඇය,තම සුරතල් දියණියත් තුරුළු කරන්මයි තම උපන් බිමට පැමිණිලා තිබුණේ.

396788_211112962307274_1696967463_n 373939_211112698973967_1510931968_n 387261_211110588974178_575717378_n 373992_190348834383687_1330374490_n 307226_190346511050586_669802517_n 318407_181684678583436_296690619_n 248311_119166304835274_4688308_n 246674_117125588372679_1721443_n 431746_236972643054639_202300119_n 428346_236971296388107_1937955154_n 399826_213698112048759_219872947_n

Share

30 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.