MIDWAY චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න කැමතිද..??

Avatar Nisanka Weheraduwa | October 31, 2019 210 Views 0 Likes 0 Ratings

210 Views 0 Ratings Rate it

හොලිවුඩ් චිත්‍රපට නරඹන්න කැමති ඔබ වෙනුවෙන් cinema.lk වෙතින් වටිනා අවස්ථාවක් උදාකර දෙන්න අපි සූදානම්. දෙස් විදෙස් සිනමා තොරතුරු සිංහල බසින් ඔබට ගෙනෙන, සිනමා වෙබ් අඩවිය www.cinema.lk, Movie works (Pvt) Ltd, එක්ක අත්වැල් බැඳගෙන මේ අවස්ථාව ඔබට ලබා දෙනවා.

නොවැම්බර් 08 වැනිදා ලෝක මංගල දර්ශනය පවත්වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටය ගැන ඔබ මේ වෙනකොටත් තොරතුරු දන්නවා ඇති. දෙවැනි ලෝක යුධ සමයේ සිදුවූ සටනක් පාදක කරගෙන නිර්මාණය වුනු, Roland Emmerich අධ්‍යක්ෂණය කළ Midway චිත්‍රපටයේ ශ්‍රී ලංකික මංගල දර්ශනය පැවැත්වෙන්නේ නොවැම්බර් 09 වැනිදා. Movie Works (Pvt) Ltd තමයි ලංකාවට චිත්‍රපටය ගෙන්වා බෙදාහරින්නේ.

මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙන අවස්ථාවට මොරටුව K-Zone හි පිහිටා තිබෙන MaxX – Lite සිනමාහලට පැමිණ චිත්‍රපටය නොමිලේ නරඹන්න ඔබටත් අවස්ථාව උදාකරගන්න හැකියි. cinema lk ෆේස්බුක් පිටුව හරහා අපි ඔබෙන් චිත්‍රපටය ඇසුරින් අහන පහසු ප්‍රශ්නයට පිළිතුරු එම ප්‍රශ්නයට කමෙන්ට් එකක් ආකාරයෙන් ලබා දීම පමණයි ඔබ කළ යුත්තේ. තෝරා ගන්නා ජයග්‍රාහකයින් තිදෙනෙකුට චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න ප්‍රවේශපත් දෙක බැගින් ලබාදෙන්න අපි සූදානම්. කලා ලෝකයේ ජනප්‍රිය ශිල්පීන් ඇතුළු ආරාධිතයින් සමග Midway චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න. මේ සිකුරාදා (නොවැම්බර් 01 වැනිදා) අපි ඔබෙන් අහන ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්න.

Share

210 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.