නිෂ්පාදකවරුන් 80000 ක් සිටින සිනමා පටයක්
හෙළ සිනමාවට තවත් නවක ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු හඳුන්වා දෙමින් දිගහැරෙන “වරිගපොජ්ජ“ සිනමාපටය හෙට දිනයේ පටන් බොරැල්ල රිට්ස් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන් හි ප්‍රදර්ශනය ඇරැඹෙනු ඇත.මේ චිත්‍රපටය සමඟින් තවත් මතු බලාපොරොත්තු තැබිය හැකි මෙරට සිනමාවට එක්වන මේ සිනමාකරුවා නමින් තුෂාර තෙන්නකෝන් වේ.
නන්දසිරි ගමගේ ගේ ‘වරිගෙ’ නම් වූ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටයේ එක් විශේෂයක්ද පවති.ඒ මේ සිනමාපටයට නිෂ්පාදකවරුන් 80000ක් සිටීමයි.මෙරට වැඩිම නිෂ්පාදකවරු සංඛ්‍යාවක් දායකත්වය සැපයූ සිනමාපටය ලෙස ඉතිහාසගත වන මේ සිනමාපටයේ බැරපැන දරා ඇත්තේ කාන්තා සමුපාකාරය මගිනි.එහි වු සමාජිකයින් සියලු දෙනාම මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වශයෙන් මෙහිදි හඳුන්වනු ලැබේ.
ජගත් මනුවර්ණ, සෝමවීර ගමගේ, නදීශානී නිලුක්‍ෂි, නයනා හෙට්ටිආරච්චි සමඟ පුපාලසිංහම් ෂදීපන් රංඟනයෙන් දායකත්වය සපයන මෙහි අධ්‍යක්‍ෂණය මෙන්ම තිර රචනය ද තුෂාරගෙනි. නන්දසිරි ගමගේ විධායක නිෂ්පාදකවරයාය. විශ්වජිත් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. සංස්කරණය සහ නිෂ්පාදන සැලසුම්කරණය ජයන්ත අංගම ගෙනි. උදය ප්‍රසන්න සහාය අධ්‍යක්‍ෂවරයාය. ධම්මික හේවාදූවගේ ගේ කලා අධ්‍යක්‍ෂණයකි. ජයන්තා රණවක අංග රචනයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් ද, කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් ද, ප්‍රවීන් ජයරත්න වර්ණ සංකලනයෙන් ද, දයා වලේබොඩ මූල්‍ය කළමනාකරණයෙන් ද මේ සඳහා එක්ව ඇත.
Written by Cinema.lk A










