රන් පා පැදිය ප්‍රසන්නට

Avatar Cinema.lk A | February 14, 2013 143 Views 0 Likes 0 Ratings

143 Views 0 Ratings Rate it

ලාංකේය සිනමාවේ නාමය ලෝක සිනමා වංශකතාවේ රනින් බැබලු ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වු ප්‍රසන්න විතානයන්ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක“චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි ‘රන් පා පැදිය’ (Golden Cyclo) සම්මානය දිනාගෙන තිබෙනවා.මෙවර මේ සම්මානය සඳහා චිත්‍රපට දෙකක් හිමිකම් කීවා.මෙලෙස බුහුමන් ලැබු අනෙක් චිත්‍රපටය “ජෙසූයීල්“නම් කොරියානු සිනමා සිත්තමක්

නෙට්පැක් ජූරියේ හොඳම ආසියානු චිත්‍රපටය උදෙසා පිරිනැමෙන ‘නෙට්පැක් සම්මානය’ ද ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය හිමිකරගෙන තිබෙනවා.

මෙවර වෙසුල් ජූරිය ඉන්දුනීසියානු ජාතික අධක්‍ෂවරයකු සහ ලේඛකයකු වන ගැරින් නුග්රෝහෝ ගේ ප්‍රධානත්වයෙන් යුතු වූ අතර ජූරි සභාව ගෞතම් ගෝෂ් (ඉන්දියාව), සෑම් හෝ (හොංකොං), බරාන් කොසාරි (ඉරානය) ගෙන් සමන්විත විය. සිද්ධික් බැරමක් (ඇෆ්ගනිස්ථානය), මාරා මාටා (ඉතාලිය) සහ කැවිච් නේන්ග් (කාම්බෝජය) නෙට්පැක් ජූරිය නියෝජනය කළහ.

සම්මාන ලාභී ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ලබන අප්‍රේල් මස 05 වැනි දා ප්‍රංශයේ පැරිස් නුවර එම්ලි ගිමේ කෞතුකාගාරයේ දී තිරගත කිරීමට නියමිතය.Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos Oba nathuwa oba ekka Golden Cyclos

Share

143 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.