ඔහු තවත් මෙලෙස සිනාසෙනු නොමැත
හොලිවුඩ් සිනමා ලෝකයේ හිටපු දැවැන්ත නළු වු පෞරුෂයක් වු මහා නළු රොබින් විලියම්ස් ඊයේ දිනයේ මිය ගොස් ඇතිබවට හොලිවුඩයෙන් වාර්තා වෙනවා.ඊයේ දිනයේ උදය කාලයේ ඔහුගේ නිසල දේහය ඔහුගේ නිවසේ තිබියදී හමු වී තිබෙනවා.ඔස්කාර් සම්මාන ලාභී මේ මහා නළුවා මිය යන විට 63 වියේ පසුවුවා.ඔහුගේ මේ හදිසි මරණය ගැන වැඩිදුර පරික්ෂණ පවත්වන කණ්ඩායම් පවසන්නේ මෙය සිය දිවිනසා ගැනීමක් විය හැකි බවයි.
1951 චිකාගෝ නුවර උපත ලැබු රොබින් මැක්ලරන් විලියම්ස් කුඩා කළ පටන් විකට රංඟනයට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වුණා.කුඩා කාලයේ දේශපාලන විද්‍යාව,නාට්‍ය හා රංඟකලාව ගැන පාසලේ උගත් විලියම්ස් පසු කලෙක ජුලියාර්ඩ් ස්කූල් නිව්යෝර්ක් හි ශිෂ්‍යත්වයක් දිනාගන්නවා.දැඩි කැපවීමකින් රංඟනය පිළිබද හැදැරු ඔහු මුල් කාලයේ තම ජීවිකාව වශයෙන් ස්ටැන්ඩ් අප් කොමඩියන් කෙනෙකු වශයෙන් ආපනශාලාවන් හි තැබැරුම් හි සේවය කරලා තියෙනවා.
රොබින් විලියම්ස් කියන නම ලංකාවේ අපට නුහුුරු වුවත් ඇලඩින් ගේ පුදුම පහනේ වුනු භුතයා ජෙනීට,බයිසෙන්ටියල් මෑන් හි රොබෝට,ජුමන්ජි චිත්‍රපටයේ ඇලන්ට අපේ අය දැඩි ලෙස ආදරය කළා.වයසින් මුහුකුරා යත්ම,ටිකෙන් ටික චිත්‍රපට පිස්සුව ඔලුවට ගහන කාලේ ආවම ගුඩ් විල් හන්ටින්,ඩෙඩ් පොයට් සොසයටි වැනි චිත්‍රපට බලද්දී මේ නළුවා රොබින් විලියම්ස් යන නමින් හදුනාගත්තා.මොහු විකට නළුවෙක් පමණක් නොව දක්ෂ චරිතාංග නළුවෙක් යන වග පසක් වු වහාම ආදරය කරන,ආස කරන,ගෞරව කරන නළුවන් ගොඩට මේ නළුවාත් ඇතමුන් ඇතුලත් කරගත්තේ ඇත්තටම ඔහු දක්ෂයෙක් වු නිසාමයි.
මේ ඔහුගේ සදා අනුස්මරණීය චරිතයන් කිහිපයක්
Mork in Mork & Mindy
Daniel Hillard/Mrs. Doubtfire in Mrs. Doubtfire
John Keating in Dead Poets Society
Genie in Aladdin
Dr. Sean Maguire in Good Will Hunting
Written by Cinema.lk A
