පකිස්ථාන නිළි සානා ඛාන් රිය අනතුරන් මරුට
පකිස්ථාන නිළි සානා ඛාන් සහ ඇගේ සැමියා පසුගිය දා හයිද්‍රාබාද් ට 30km නිදුරින් වූ අධිවේගී මාර්ගයකදී දරුණු රිය අනතුරකට මුහුණපා ඇත. මේ අනතුරින් සානා ඛාන් ජීවිතක්ෂයට පත් වූ අතර ඇගේ සැමියා මේ වන විට අසාධ්‍ය තත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් වාර්තා පවසන අන්දමට සානා ඛාන් සහ ඇගේ සැමියා බාබර් ඛාන් කරච්චි සිට හයිද්‍රාබාද් දක්වා සිය මෝටර් රථයෙන් ගමන් කරන විටයි මේ අනතුර සිදුව ඇත්තේ.
සානාගේ සැමියා වන බාබර් විසින් මෝටර් රථය ධාවනය කොට ඇති අතර ලූනි කොට් හීදී වේගය පාලනය කර ගත නොහැකිව රථය මාර්ගයෙන් පිටට පැන අනතුරට ලක්වී ඇත. අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවූ සානා හා ඇගේ සැමියා වහාම රෝහල වෙත රැගෙන යාමට පොලීසිය හා ගිලන් රථ සේවකයින් සමත් වූ නමුත් රෝහලට ඇතුලත් කල වහාම සානා සිය අවසන් හුස්ම හෙලා ඇත.
2006 වසරේ දී බොලිවුඩ් සිනමා රසික රසිකාවියන් අතරට පැමිණි අතර ඇය රඟපෑ Parchhaiyan ටෙලි නාට්‍ය මාලාව අති විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.
Written by Cinema.lk