තන්හා රතී රඟා ජාත්‍යන්තර ඇගයීමට

Avatar Cinema.lk A | April 25, 2014 175 Views 0 Likes 0 Ratings

175 Views 0 Ratings Rate it

නිලේන්ද්‍ර දේශප්‍රිය කියන නාමය ගැන වැඩි දෙනා කතාබහ කරන්න පටන් ගත්තේ පුංචි තීරයේ නිලේන්ද්‍රගේ වැඩ කටයුතු දැක්කායින් පසුවයි.ඒත් දැන් චිත්‍රපට ගැන කතා කරද්දීත් මිනිස්සු හරි හරියට නිලේන්ද්‍ර ගැන කතා කරාවී.මොකද ඔහු හදපු කුලුඳුල් සිනමා නිර්මාණයෙන්ම තමන් සිනමාලෝකයට ළදරුවෙකු නොවන බව ඔහු පසක් කර ඇති නිසාවෙනි.මාධ්‍ය දර්ශන කිහිපයක් පමණක් පැවැත්වු ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවම තන්හා රතී රඟා මේ වන විට ජාත්‍යන්තර ඇගයීමට නතුවෙලා තියෙනවා.ජාත්‍යන්තර සිනමා උළෙලක් වු ජූලියන් ඩුබියුග්  සිනමා උළෙලේ නිල තේරීමේ අංශයට තේරී පත් වී ඇති මෙම සිනමාපටය මේ වන විට එම උළෙලට සහභාගී වු බොහෝ දෙනාගේ පැසසුමට භාජනය වෙලා තියෙනවා.අමෙරිකාවේ ජුලියන් ඩුබියුන් නගරයේදී පැවැත්වෙන එම උළෙල මෙම මස 23 වැනිදා සිට 27 දක්වා පැවැත්වීමට නියමිතයි.

නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි තිර රචනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ගෙනි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටී. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. රොබ් නේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද තන්හා රතී රඟා සඳහා දායකත්වය සපයා ඇත.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රතී රඟා රංගනයෙන් හැඩ කරයි.

Share

175 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.