Virus – මේ මලයාලම් චිත්‍රපටය බැලුවොත් ඔබ තැතිගනීවි
Virus outbreak එකක් කියන්නෙ මොන වගේ අත්දැකීමක්ද කියල දැන් අපට තරමක අවබෝදයක් තියෙනවා. හේතුව අපි මේ වෙනකොට සංකීර්ණ වෛරස outbreak එකකට මුහුණ දෙමින් ඉන්න නිසා. හැබැයි අපට තරමක් ආගන්තුක වුනත් pandemic situations වලට ලෝකයේ විවිධ රටවල් කාලයෙන් කාලයට මුහුණ දෙමින් ඇවිත් තියෙනවා. නමුත් මෙවර විශේෂත්වය වෙන්නේ මේක ගෝලීය වසංගත තත්වයක්. (Global pandemic) සිනමාවේ මේ විදිහේ වෛරස හෝ ව්‍යාධිජනකයින්ගේ පහරදීම් ගැන කියවෙන නිර්මාණ බිහිවෙලා තියෙනවා. මේ වර්ගයේ කතා ඇතුළත් Horror. Si-Fi, Zombi හෝ වෙනත් ඕනෑම ශානරයකට අයත් චිත්‍රපට අපට හමුවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනි චිත්‍රපටයක තොරතුරු. මේක අසල්වැසි ඉන්දියාවේ නිර්මාණය කෙරුණු මලයාලම් චිත්‍රපටයක්. වැඩි ඈතක නෙමෙයි. පසුගිය අවුරුද්දේදී. චිත්‍රපටයේ නම VIRUS.
Meical thriller චිත්‍රපටයක් විදිහටයි ඔවුන් මේක හඳුන්වා තිබුනේ. Ashiq Abu චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. කේරල ප්‍රදේශයේ සිදුවුනු Nipah virus outbreak එක පදනම් කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කෙරෙන්නේ. Muhsin Parai, Sharfu, Suhas චිත්‍රපටයට තිර රචනය සිදුකළා. Kunchako Bohan, Asif Ali, Parvathy Thiruothu, Tovino Thomas, Revathi, Rahman ඇතුළු නළු නිලියන් පිරිසක් රඟපෑමෙන් එක්ව තිබෙනවා.
සංගීත නිර්මාණයෙන් Sushin Shyam චිත්‍රපටයට සම්බන්ධ වුනා වගේම ඔහුගේ සංගීත නිර්මාණයේ චිත්‍රපටයේ කතාව තවත් තීව්‍ර කර ප්‍රේක්ෂකයාට දනවන බව තමයි විචාරකයින්ගේ මතය වුනේ. විශේෂයෙන්ම චිත්‍රපටය ආරම්භ කෙරෙන රූපරාමු පෙළ සහ ඒ වෙනුවෙන් මුසුවුණු සංගීතය ඒ කතාවට හොඳම සාක්ෂියක්.
චිත්‍රපටයේදී සෑම චරිතයකටම පසුබිමක් සහ බරක් ලබාදෙන්න පිටපත සමත් වෙලා තිබෙනවා. ඒ නිසාම චිත්‍රපටයේ කතාව හැම තැනකින්ම ප්‍රේක්ෂකයාට සම්බන්ධ වනවා. විශේෂයෙන් අධ්‍යක්ෂවරයා තෝරාගෙන තියෙන නළු නිළියන් පිරිස නිසා මේ චිත්‍රපටය සජීවී අත්දැකීමක් බවට පත්වෙලා තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ උපරිම දායකත්වය නිර්මාණයට ලබාදී ඇති බව බොහෝ විචාරකයින් පවසා තිබුන කාරණයක්. මාරාන්තික වෛරසයක් පැතිරෙමින් තියන අවදියක ඒකට විසඳුම් සොයන්න වෙහෙසෙන සෞඛ්‍ය සහ අනිකුත් නිලධාරීන්, ඔවුන් මත ක්‍රියාත්මක වන දේශපාලන අදිකාරියේ බලපෑම, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීම මේ කාරණා සියල්ල අප මේ මොහොතේ සජීවීව අත්විඳිමින් සිටින අත්දැකීමට සමාන වන අවස්ථා බොහොමයක් චිත්‍රපටයේ තිබෙනවා. ඒ නිසාම මේක මේ මොහොතේ නැරඹිය යුතු චිත්‍රපටයක් වනවා.
ඔබ තවම මේ Virus චිත්‍රපටය නරඹා නැතිනම්, මේ ඒකට හොඳම වෙලාව වෙන්න පුළුවන්.
Written by Nisanka Weheraduwa