Sri Lanka's Best Cinema Portal

 


නිකිණි වැස්සට හසුවූ චාන්දනී [Paper Article]

0
Posted June 28, 2013 by Cinema.lk A in Articles
chandani

මේ කතාව රූපයට නැගෙන තුරු ආසාවෙන්ම බලා හිටිය රසිකයා මමයි

‘නිකිණි වැස්ස’ නිෂ්පාදක වෛද්‍ය කුසුම්සිරි ද සිල්වා

පවිත්‍ර කරදිය මිශ්‍ර සුළඟින් නිරතුරු සිහිල් පහස විඳින මාතර නගර මධ්‍යයේ බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ ඉදිරිතම අසුනක, ඉදිරි කොනට බර දී මනුෂ්‍යත්වය චිත්‍රපටයේ රූප පෙළහර දෙස දෑස යොමන තරුණයෙකි. චිත්‍රපට කවදත් ප්‍රිය කළ මේ සොඳුරු නිර්මාණශීලී තරුණයා චිත්‍රපටවල ගීත කට පාඩමින් ගයමින් රූප දෙස බලා උන්නේ දැඩි උන්දුවකිනි.

සිනමාපටය නිමා වූ විගස ඒ චිත්‍රපටය පිළිබඳ විස්තරය කුඩා කොළ කැබැල්ලක ලියා ගත් මේ චරිතය බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ නිතර ගැවසෙන සිනමාශාලා වැසියකු බවට පත් වූයේ කාලයේ ඇවෑමෙනි.

නිරතුරුවම චිත්‍රපටයට ප්‍රිය කළ හෙතෙම සිංහල, ඉංග්‍රªීසි දමිළ, හින්දි මෙන්ම වෙනත් විදේශීය චිත්‍රපට සඳහා ද දැක්වූයේ දැඩි උනන්දුවකි. කුඩා කල සිටම වැඩී පෝෂණය වූ කලා ප්‍රේමිත්වයත්, මාතර ශාන්ත තෝමස් සහ මහින්ද විද්‍යාලයෙන් ලැබූ කලා ආභාසයත් හේතුවෙන් පෙර කී තරුණයා කලාව පිළිබඳ දත් මහ රුකක්ව වැඩුණේය.

පාසල් කාලයේ වේදිකා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළ හෙතෙම දෙස් විදෙස් කලාව පිළිබඳ පොත පත පරිශීලනය තමාගේ ජීවිතයේ ප්‍රමුඛ විනෝදාංශයක් කොට ගත්තේය.

See Full Article

චතුර ගීතනාත් බණ්ඩාර – sarasaviya

නිකිණි වැස්සට හසුවූ චාන්දනී සෙනෙවිරත්න

මම මළවුන්ගේ ලෝකයට ගියෙමි. එතැනත් මෙතැනත් හැම තැනම මළවුන් වැතිර සිටී. බැලූ බැලූ හැම අත මළවුන්ය. මම ඔවුන් අතරින් ඇවිද ගියෙමි. සියල්ල අඩ අඳුරේය. දොර ජනේල වා කවුළු කිසිවක් නැත. අවට වාතය ඝනකමින් වැඩිය. හුස්ම ගැනීමද දැඩි ආයාසයකින් කළ යුතුව ඇත. මට මහත් අපහසුවක් දැනේ. මා තවත් දින ගණනක් – සති ගණනක් මෙහි රැඳිය යුතුය. ඒ ගැන සිතත්ම සිත තැති ගනී. හදවත වේගයෙන් ගැහේ. දෙපා පණ නැතිව ඇද වැටෙන්නට පෙර මම හිඳගතිමි.

නිකිණි වැස්සේ සෝමලතා ලෙස එය මගේ පළමු අත්දැකීම විය. නිකිණි වැස්ස මගේ නිළි ජීවිතයේ කූඨප‍්‍රාප්තියයි. මෙවන් පෙර පුහුණුවකින් පසු මා රඟ පෑ පළමු හා එකම සිනමා පටයද එයයි. මම ඒ ගැන දැන් ඔබට කියමි. සෝමලතා මිනී පෙට්ටි සාප්පුකාරියකි. තිර පිටපතට අනුව ඇයට භාරවන මළසිරුර රැගෙන ඒම, සැකසීම, සැරසීම, දෙනේ තැන්පත් කිරීම මේ ආදී කුදු මහත් සියළු කටයුතු ඇය අතින්ම සිදුවේ. ඇයට අත්උදව්කරුවෙකුද සිටී. ඔහු නමින් පියසිරිය. ජගත් මණුවර්ණ ඒ භූමිකාවට පණ පොවයි.

See Full Article

 

ලංකාදීප

 

මම විජ්ජාවක් කළේ නෑ..

වර්ෂ 1979දි පාසල් වේදිකාවෙන් රංගනයට පිවිසුණු ඇය සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙසින් දශක ගණනාවක් තිස්සේ කලා අඹරෙන් බැස නොගිය දීප්තිමත් තාරකාවියකි. නමුදු ඇය අදත් පියකරු සිනාවෙන් මුව සරසාගත් නිරහංකාර චාන්දනීම වූවාය. පසුගියදා ඩුබායි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවන මේ සොඳුරු රංගන ශිල්පිනිය මහ පොළවට අහිමි වැහි බිඳු රැගත් නිකිනි වැස්සෙන් රසික සිත් ආදරයෙන් අමතන්නිය.

• චාන්දනීට සෝමලතා බවට පරිවර්තනය වීම අභියෝගයක් වුණාද…?

අභියෝගයක් කියන වචනයත් මට හරිම අවුල් වචනයක්. මොකද මට ඒ වචනය හරියට පැහැදිලි නෑ. ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉෂ්ට කරන එක රංගන ශිල්පියෙකුගේ කාර්ය භාරයක්. අභියෝගයක් කියනවාට වඩා ඒක වෘත්තීය වගකීමක් කියලයි මට දැනෙන්නේ.

• සෝමලතා වටා ගොඩනැඟෙන කතාව වර්තමාන සමාජයේ අතිශය අහඹුවක්. ඒත් ඔබේ රංගනය තුළ ඒ අහඹුව අපට අමතක කරවනවා. කොහොමද ඒ විජ්ජාව කළේ…?

එහෙම අමුතු විජ්ජාවක් නම් නෑ. පිටපත් රචනය හා අධ්‍යක්ෂණය සිදු කළ අරුණ ජයවර්ධන වගේම මේ නිර්මාණයේ සියලුම ශිල්පීන් චිත්‍රපටය තුළ විශාල කාර්ය භාරයක් කළා

See Full Article

වාසනා සුරංගිකා විතානගේ – මව්බිම

 

සිනමාව කෑලිවලට කඩා වෙන්කරන්න බෑ

  • සිනමාවට අවතීර්ණ වීම තෙක් ඔබ ආ ගමන් මඟ පිළිබඳ සඳහන් කළොත්?

ජාතික තරුණ සේවා සභාවෙන් කළ වීඩියෝ තාක්‍ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව මේ ගමන කෙරෙහි මාව උනන්දු කළා. කාර්මික ශිල්පියෙක් ලෙස වැඩ කළ මට සිරස ටී.වී. එකට එන්න අවස්ථාව ලැබෙන්නේ ඔය අතරතුරයි. සිරසෙ අවුරුදු 12ක් සහාය නිෂ්පාදකවරයෙක් සහ විධායක නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කළා. බාඳුරා දේශය, විදර්ශනා ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නේ ඒ අයුරින්. ඒ අතරතුර මා නිෂ්පාදනය කළ ‘සුළඟට එන්න කියන්න’ ඒකාංගික ටෙලි නාට්‍යයට රයිගම් සම්මාන උළෙලේදී හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලැබීමත් මේ ගමන් මඟට පන්නරයක් වුණා.

 

  •  පළමු සිනමා නිර්මාණය කියන්නෙත් ඔබ ලැබූ අත්දැකීම් සමූහයමද?

සිනමා පාසලක් නැති රටක අපි සිනමාවෙන් හොයපු දේ සහ ජීවිතයෙන් ලබා ගත් අත්දැකීම් මේ සඳහා රුකුලක් වුණා. ඒ වගේම රූපවාහිනියෙන් ලබාගත් අත්දැකීම් සහ විෂයෙන් ලබාගත් අවබෝධය යන සමස්තයෙහි එකතුව ලෙසිනුයි ‘නිකිණි වැස්ස’ බිහි වෙන්නේ.

 

  •  නිකිණි වැස්සෙහි වස්තු බීජය ඔබේ හිතේ පැලපදියම් වෙන්නේ මොන විදියටද?

See Full Article

නිලූකා ප්‍රියංගනී – මව්බිම

නිකිණි වැස්ස නරඹන්න එපා නිකිණි වැස්ස කියවන්න ඔබට යමක් දැනේවි

මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහි ජනතාව නියඟය නිසා විඳින පීඩාවන් පිළිබඳ විවරණයකි.
මෙහි ප්‍රධාන භූමිකාව නම් සාමාන්‍යයෙන් කාන්තා සමාජයෙහි විරල චරිතයකි. එනම් අවමංගල සේවයක් පවත්වා ගෙන යන කාන්තාවකි (සෝමලතා). ඇයගේ රැකියාවේ ස්වභාවය නිසා ඇයගේ අසල්වාසීන් ඇය දැකීම පවා පිළිකුල් කරති. තමන්ද කෙදිනක හෝ මියයන බව ඔවුන් කාහටත් අමතකව ගොස් ඇති සෙයකි.

 

සෝමලතාගේ ව්‍යාපාරයට සහායට සිටින්නේ පියසිරි නම් තරුණයෙකි. පියසිරිට අහඹු ලෙස හමුවන තරුණියක හා ඔහු පෙමෙන් බැඳෙයි. දිනක් පියසිරි ඔහුගේ පෙම්වතිය සමඟ සම්භෝගයේ යෙදුණු අවස්ථාවක සෝමලතාගේ අතටම අසුවෙයි. පෙම්වතිය විවාහ කර ගන්නා ලෙස සෝමලතා නිතර පියසිරිට බලපෑම් කරයි. තමාට ජීවිතයේ අත්කර ගත නොහැකි අවස්ථාවන් පියසිරිට ලබාදීම සඳහා සෝමලතා පියසිරිට අවශ්‍ය උදවු කරයි.

See Full Article

රංජිත් බණ්ඩාර අත්තනායක – මව්බිම

මිනී පෙට්ටි සාප්පුවක් ඇතුළේ චිත්‍රපට දාහක් වුණත් හදන්න පුළුවන්

‘නිකිණි වැස්ස’ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන සමඟ සෘජු කතාබහක්

අරුණ වසර පහළොවකට එපිටින් අපි මේ කතාව අරඹමු.

වසර පහළොවක ඈතට දිවෙන ඉතාමත් සුන්දර ශක්තිමත් මාධ්‍ය ජීවිතයක් මට තිබෙනවා. නිර්මාණශීලී හැකියාවන් හිතේ පුරවගෙන මාධ්‍ය ජීවිතයට ඇතුළත් වෙන ඕනෑම කෙනකුට හීන ලැයිස්තුවක් ඉබේටම හැදෙනවා. ඒ හීන හරිම සුන්දර නොකිළිටි ඒවා. ඇතැම් වෙලාවට මිතුරන් සමඟ එක් වී අපි ඒ හීන ගණන් කරනවා. ඒ වගේම තමන්ගේ හිතේ තිබෙන හීන ගැන කතා කරනවා.

පුංචි තිරයේ රූප අඳින සිත්තරෙකු වන්නට පෙරුම් පිරූ මට රිදී තිරයේ අධ්‍යක්ෂක ලැයිස්තුවට මගේ නම එකතුª කරන්නට තිබුණේ විශාල ආසාවක්. නමුත් ඒ නම එකතු විය යුත්තේ හොඳ නිර්මාණයකින් කියලා මම ස්ථාවරයක හිටියා.

මගේ හීනය යථාර්ථයක් කරගන්න හීන දකිමින් ඉන්නේ නැතුව බොහෝ දේ හැදෑරුවා. සිනමාව කියන්නේ ඉතාමත් අලංකාර භාෂාවක්. ඒ භාෂාව නෙදැන අපට කාටවත් කතා කරන්න බැහැ. සිනමා භාෂාව තරමක් හැදෑරුවට පස්සේ හොඳ වස්තු බීජයක් ලැබෙන තෙක් බලාන හිටියා. හොඳ වස්තු බීජයකුත් ලැබුණා. ඉන් පස්සේ හැකි උපරිම දේ යොදා ගනිමින් තිර පිටපතක් ලිව්වා. ඉන් පස්සේ හොඳ නිෂ්පාදකවරයකුත් ලැබුණා. නිකිණි වැස්ස වහින්න පටන් ගත්තේ එහෙමයි.

 

* ඔබ ඇයි මෙවැනි මාතෘකාවක් ගැන කතා කරන්නට පෙලඹෙන්නේ?

See Full Article

චතුර ගීතනාත් බණ්ඩාර – sarasaviya

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2