ආදරවන්තයාගෙන් චරිතාංග රංගන ශිල්පියෙකු දක්වා: Varun Tej

Avatar Kavinu Weerakkody | June 8, 2022 33 Views 0 Likes 0 Ratings

33 Views 0 Ratings Rate it

Comedy ශානරයේ සාර්ථක චිත්‍රපට කිහිපයකින් පසු දකුණු ඉන්දියානු රංගන ශිල්පී Varun Tej නැවතත්, තමන්ට සුපුරුදු ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට නියමිත යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු අවසන් වතාවට රංගනයෙන් සම්බන්ධ වූ F3: Fun & Frustration ෆැමිලි එන්ටටේනින් සිනමාපටය මේ දිනවල ඉන්දියාව පුරා ආදායම් වාර්තා තබමින් තිරගත වන අතර එහි ජනප්‍රියත්වය නිසාම, කාලයක් මාධ්‍යයෙන් බැහැරව සිටි Varun Tejගේ නම යළිත් සිනමා වෙබ් අඩවි තුළ කරළියට පැමිණ තිබෙනවා. තෙළංගානා සිනමාවේ අනෙකුත් romantic hero රංගන ශිල්පීන්ට සාපේක්ෂව, වඩා වෙනස් ශානරීය විවිධත්වයක් Varun Tejගේ සිනමාපට හරහා නිතරම දැකගන්න ලැබෙන කාරණාවක්.

ප්‍රේමාන්විත චරිත රඟන ROM – COM සිනමාපට මෙන්ම රළු කතා තේමා සහිත ACTION PACKED සිනමාපට ගණනාවකුත් ඔහුගේ චිත්‍රපට නාමාවලිය අතරෙ හි තිබෙනවා. Varun Tej සිනමාවට පිවිසි මුල් වසර කිහිපය තුළ ක්ෂේත්‍රයේ ස්ථාවර වීමේ අරමුණින් ඔහු තෝරාගෙන තිබුණේ සරල ආදර කතා සහිත romance කැටගරියේ චිත්‍රපට පමණයි. නමුත් Mister, Fidaa, Tholi Prema වැනි ඒ ශානරයේ චිත්‍රපට බොහෝමයක් වරුන් ටෙජ්හට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ ස්ථාවර තරුණ රංගන ශිල්පියෙකු වීමට බෙහෙවින්ම උපකාරී වුනා. Romantic Moviesවල රඟපා ඔහු ලබා ගත් ජනප්‍රියත්වය හේතුවෙන්, ආදර කතා නොවන සෙසු සිනමා නිර්මාණවලට සම්බන්ධ වීමට පවා ඔහුට ශක්තියක් වූ අතර සිනමා නිෂ්පාදකයින්ට ද බියක් නොමැතිව තමන්ගේ නිර්මාණය සඳහා Varun Tejව තෝරා ගැනීමට හැකියාවක් ලැබුනා.

ඔහු ඒ ආකාරයෙන් සම්බන්ධ වූ රොමෑන්ටික් කැටගරියෙන් පිටත චිත්‍රපට අතුරින් Kanche, Gaddalakonda Ganesh, Ghani සහ Antariksham 9000KMPH යන නිර්මාණ සුවිශේෂියි.
Varun Tej අවසාන වතාවට රංගනයෙන් දායක වූ F3: Fun & Frustration තෙළිඟු සිනමාපටයත් මේ දිනවල ප්‍රදර්ශනය වන අතර ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයකුත් ඊට ලැබී තිබෙනවා. Fun & Frustration හාස්‍යමය චිත්‍රපට මාලාවේ තෙවන නිර්මාණය වන එහි Varun සමඟින් ප්‍රධාන චරිත රඟපාන්නේ Venkatesh සහ සුරූපී Thamannah Bhatiaයි.

ඉන්දියාවේ සිනමාව සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් වන Pinkvilla වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට සිය මීළඟ සිනමා නිර්මාණය වෙනුවෙන් Varun Tej තිර – පිටපත් කිහිපයක්ම තෝරාගෙන තිබුණද, පසුගිය වසර කිහිපයේ එකදිගට රඟපෑ family entertainers ශානරයෙන් ඔහුට යම් විවේකයක් අවශ්‍යව තිබෙනවා. ක්‍රියාදාම දර්ශන බහුල මෙම action චිත්‍රපටයට ඔහු කැමැත්ත ලබා දී තිබෙන්නේ ඒ නිසායි.

ඔවුන් පවසන ආකාරයට Varun Tejගේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙන්නේ ඉන්දියානු සිනමාකරුවෙකුට හිමිවිය හැකි ඉහළම ජාතික සම්මානය වන National Film Award සම්මානයක් පවා දිනාගත් Praveen Sattaru විසිනුයි. 2011 වර්ෂයේදී LBW: Life Before Wedding සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණි Praveen Sattaru එකල තෙළිඟු ප්‍රේක්ෂකාගාරය තුළ සැලකිය යුතු අන්දමේ අවධානයක් දිනාගන්නට සමත් වුනා. නමුත් එක්වරම මුලු දකුණු ඉන්දීය සිනමාගාරය තුළම Praveen Sattaru ගැන සොයා බලන්නට උනන්දුවක් ඇති වූයේ ඔහු අධ්‍යක්ෂණය කළ තෙවන නිර්මාණය වන Chandamama Kathalu සිනමාපටය නිසාවෙනුයි. 2014 වර්ෂයේදී නිකුත් වූ එම චිත්‍රපටය 62වන ඉන්දීය ‘ජාතික සම්මාන’ උළෙලේදී හොඳම තෙළිඟු දිගු වෘතාන්ත චිත්‍රපටයට (National Film Award for Best Feature Film in Thelegu) හිමි සම්මානය දිනා ගැනීමත් සමඟම, ප්‍රවීන් ගැන බොහෝ දෙනෙකු කතා කරන්නට පටන් ගත්තා. ඔහුගේ නිර්මාණ අගයමින් ජාතික මාධ්‍ය තුළ පවා ඔහුගේ සිනමා භාවිතාව ගැන විස්තර පළ වුනා.

ඊට අමතරව නිෂ්පාදකවරයෙකු ලෙසද සාර්ථක වී සිටින ඔහු Guntur Talkies, PSV Garuda Vega වැනි තවත් චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසුව වෙබ් කතාමාලා නිර්මාණකරණයට ද පිවිසුනා. ඒ Tamannah ප්‍රධාන චරිත නිරූපණය කළ 11th Hour වෙබ් කතාමාලාව හරහායි. මෙතෙක් OTT ප්ලැට්ෆෝමයකට නිර්මාණය වූ දැවැන්තම වෙබ් කතාමාලාව ලෙසයි එය සැලකෙන්නේ.
Varun Tej රඟපාන නවතම චිත්‍රපටය හැරුණුකොට ඔහු තවත් සිනමා නිර්මාණයක තිර පිටපතෙ හි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා. නමුත් Varun Tejගේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹීමට බොහොම ළඟ නිසා සෙසු ව්‍යාපෘති පසෙකට දා මේ දිනවල මෙම චිත්‍රපටය වෙනුවෙන් තමන් මැදිහත් වන බවත් අධ්‍යක්ෂක ප්‍රවීන් පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුනා.

මෙම මාසය පුරාවටම චිත්‍රපටයේ තමන්ගේ චරිතය වෙනුවෙන් පෙර-පුහුණුවීම් කරමින් සූදානම් වන Varun Tej එළඹෙන ජූලි මාසයේදී රූපගත කිරීම් සඳහා එක්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. බොහෝවිට ජූලි මුල සතියේදී නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතයි.

“I am doing an action film with Praveen Sattaru. He is presently directing Ghost with Nagarjuna. We start shooting in the first week of July and I am looking forward to starting this film,”

එම සම්මුඛ සාකච්ඡාවේදී චිත්‍රපටය ගැන තවත් විස්තර රාශියක් ඔහු මාධ්‍යයට අණාවරණය කළා. සිනමාපටයේ දර්ශන තලවලින් 90%ක්ම ලන්ඩන් නගරය මුල් කරගනිමින් සිදුවන බවත්, ක්‍රියාදාම දර්ශන සඳහා නිර්මාණයේ වැඩි ඉඩක් වෙන්වී තිබෙන බවත් ඔහු එහිදී පැවසුවා. වරුන් ප්‍රකාශ කළ අන්දමට මෙම චිත්‍රපටයෙන් ඔහු නිරූපණය කරන්නේ පෞද්ගලික ආරක්ෂකයෙකුගේ (Bodyguard) චරිතයකුයි. සිනමාපටයේ නිල දැනුම්දීමක් නුදුරු අනාගතයේදීම සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කරන බවත් සඳහන්.

Praveen Sattaru සහ නාගර්ජුනා සුසංයෝගයෙන් නිර්මාණය වන The Ghost චිත්‍රපටයත් මේ දිනවල නිෂ්පාදන මට්ටමේ පවතින අතර Varun Tejගේ චිත්‍රපටය හා එය එළඹෙන වසරේදී සිනමාශාලාවලට නිකුත් වීමට ඉඩ තිබෙනවා. මෙයින් පසු Varun රගපාන ඊළඟ නිර්මාණය ගැන official announcement කිසිවක් නිකුත් වී නැතත් බොහෝ දුරට එය F4: Fun & Frustration විය හැකියි. Praveen Sattaru සමඟින් නිපදවෙන මෙම චිත්‍රපටය ඔහු රඟපාන 12වන සිනමා නිර්මාණයයි.

Share

33 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.