“කදිර දිව්‍යරාජ” සමග ඉන්දියාවෙන් එන නළුනිළි යුවල

Avatar Nisanka Weheraduwa | May 25, 2020 1080 Views 0 Likes 1 On 1 Rating

1080 Views 1 On 1 Rating Rate it

අපේ දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් ගෙන්වීම කලක් තිස්සේ සිදුවන දෙයක්. ඒ විදිහට මෙරටට ආව සමහර නළු නිළියන් ඉතාම ජනප්‍රිය වුනා. කොහොම වුනත් මේ තොරතුරු ලංකාවේ සිනමාවට හඳුන්වා දීමට සූදානම් වන අලුත්ම ඉන්දියානු නළු නිළි යුවලක් ගැනයි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඔහුගේ සිනමා නිර්මාණ කිහිපයකට විදෙස් ශිල්පින් යොදා ගත්තා. ඔහු අලුතින්ම නිර්මාණය කරන “කදිර දිව්‍යරාජ” චිත්‍රපටයේ වැඩකටයුතු COVID-19 වසංගතය මෙරටට පැමිණීමට පෙරදී සිදුවෙමින් පැවතුනා. හම්බන්තොර රන්මිණිතැන්න ආශ්‍රිතව ඒ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරුනා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය වෙනුවෙන් ඉන්දීය නළු නිළි යුවලක් යොදාගැනීමට අධ්‍යක්ෂවරයා කටයුතු කොට තිබෙනවා. අපේ සිනමාවට එක්වන අලුත්ම ඉන්දීය ශිල්පීන් යුවල හඳුන්වා දෙන්නේ එලෙසින්.

සමර් විර්මානි සහ සොනාක්ෂි රාවන් මෙලෙස කදිර දිව්‍යරාජ චිත්‍රපටය හරහා ඔබට හමුවනු ඇති. සුනිල් ආරියරත්නයන්ගේ මේ චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, වේශ නිරූපනයෙන් ප්‍රියන්ත දිසානායක, කොණ්ඩ නිර්මාණයෙන් හරූන් ශයිඩින් දායකත්වය ලබාදී තිබෙනවා. චිත්‍රපටය රූගත කෙරෙන අතරේ ලබාගත් කැමරා සටහන් කිහිපයක් මේ.

Share

1080 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.