ඩිජිටල්කරණය වූ බොලිවුඩයට Bollywood Life Awards 2023
කොරෝනා වසංගතය නිසා ලෝ පුරා සිනමාශාලා වැසී ගොස් සමස්ත චිත්‍රපට ක්ෂේත්‍රයම විශාල පසුබෑමකට ලක්ව සිටි අවධියකදී රසිකයින්ට අවශ්‍ය සිනමා වින්දනය ලබා දීමට උපකාරී වුනේ ඩිජිටල් මාධ්‍යයි. ඒ සමයේදී ලෝක සිනමාවම ඩිජිටල්කරණය වූ අතර හුදෙකලා වූ රසිකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් දැවැන්ත චිත්‍රපට දිගින් OTT මාධ්‍ය හරහා දිගටම අන්තර්ජාලයට නිකුත් වුනා.
ඉන්දියානු සිනමාවත් මෙම තත්වය යටතේ සිනමාශාලාවලට පැමිණීමට නොහැකි වූ සිය චිත්‍රපට රසිකයින්ගේ අවශ්‍යතාවය තේරුම් ගෙන විවිධ OTT මාධ්‍ය හරහා තමන්ගේ නිර්මාණ නිකුත් කරන්නට පටන් ගත්තා.
එම ඩිජිටල්කරණ ක්‍රියාවලිය 2019 වසරේ සිට මේ දක්වාම සැලකිය යුතු මට්ටමකින් ඉන්දියානු සිනමාවට බලපෑම් එල්ල කරන අතර සිනමාශාලා ප්‍රදර්ශනය මඟහරිමින් Direct OTT ක්‍රමයට නිකුත් වන සිනමා නිර්මාණ දැනුත් දැකගත හැකියි.
Bollywood Life Awards සම්මාන උළෙලත් එලෙස කෝවිඩ් වසංගතයේ බලපෑම මත වෙනස් වුනු ඉන්දියානු සිනමාව මුල් කරගෙන ඇරඹි සිනමා සම්මාන රාත්‍රියක්. විශේෂත්වය වන්නේ බොහෝ සම්මාන උළෙලවල මෙන් මෙහි සම්මාන ප්‍රදානය එක් ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවීමයි.
උතුරු ඉන්දියාවේ හින්දි සිනමාවට මෙන්ම, දකුණු ඉන්දියානු සිනමාව සහ බොජ්පූරි සිනමා කර්මාන්ත උදෙසාත් මෙහි සම්මාන පිරිනැමෙනවා. එමෙන්ම ඉන්දියානු රූපවාහිනියේ විශිෂ්ටතම වැඩසටහන් පවා මෙහිදී ඇගයීමට ලක්වෙනවා. Social Media තුළ ජනප්‍රියත්වට සහ කතාබහට ලක්වූ contents උදෙසා වෙනම තරඟ අංශයක් පවත්වන මෙම සම්මාන උළෙල තුළ OTT මාධ්‍යයෙන් නිකුත් වූ චිත්‍රපට සඳහාත් වෙනමම ජයග්‍රහණ පිරිනැමීම සුවිශේෂීත්වයක්.
ඒ අයුරින් එකිනෙකට වෙනස් චිත්‍රපට සහ විනෝදාත්මක අංශ 06ක් උදෙසා Bollywood Life Awards හි ජයග්‍රාහකයින් තෝරා පත්කර ගැනෙනවා.
Bollywood Life Awards හි 2023 වසරට අදාළ දිගහැරුමේදී විශිෂ්ටතම හින්දි චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ආලියා භත් ප්‍රධාන චරිත රඟපෑ Gangubai Kathiawadi චිත්‍රපටයයි. ඉන්දීය කෝටි 400කට අධික ආදායමක් ඉපැයූ Kantara, හොඳම දකුණු ඉන්දියානු චිත්‍රපටය බවට පත් වූවා.
Bhool Bhulaiyaa 2 හි රංගනය උදෙසා හොඳම හින්දි නලුවාට හිමි සම්මානයට Kartik Aryan විසින් ජය ගත් අතර හොඳම දකුණු ඉන්දීය නලුවා වූයේ Kantara කන්නඩ චිත්‍රපටයේ රඟපෑ Risha Shettyයි. Human, විශිෂ්ටතම වෙබ් කතාමාලාව ලෙසින් සම්මාන හිමි කරගත්තා. විශිෂ්ටතම දකුණු ඉන්දියානු නිළිය බවට පත්වීමට Mrunal Thakurට හැකියාව ලැබුනු අතර Alia Bhatt විශිෂ්ටතම හින්දි නිළිය ලෙසින් ජයග්‍රහණය කළා. ඒ ඇය විසින්ම නිෂ්පාදනය කළ Darlings නැමැති චිත්‍රපටයේ පෙරළිකාර රංගනය වෙනුවෙනුයි.
Check the winners in Bollywood category
Best Film: Gangubai Kathiawadi
Best Actor: Kartik Aryan (Bhool Bhulaiyaa 2)
Best Actress: Alia Bhatt (Gangubai Kathiawadi)
Best Director: Sanjay Leela Bhansali (Gangubai Kathiawadi)
Best Supporting Actress: Mouni Roy (Brahmastra)
Best Supporting Actor: Abhishek Banerjee (Bhediya)
Best Song: Kesariya (Brahmastra)
Trailblazer of the Year: Nora Fatehi
Check the winners in Social Media category
Original Youtube Star: Bhuvan Bam
Best musician on Youtube: Jubin Nautiyal
Most Popular Comedian: Ashish Chanchlani
Best Lifestyle Blogger: Mumbiker Nikhil
Best Fitness Blogger: Ranveer Allhabadia
Best Beauty Blogger: Ashima Makhija
Most Popular Reels Song: Oo Antava
Social Media King: Kartik Aaryan
Viral Social Star of the Year: Urfi Javed
Check the winners in Television category
Most Popular TV Diva: Rupali Ganguly
Most Popular TV Dude: Karan Kundrra
Best Social Media TV Couple: Fahmaan Khan, Sumbul Touqeer
Best TV Show: Yeh Rishta Kya Kehtala Hai
Best Actor: Fahmaan Khan (Imlie)
Best Actress: Ayesha Singh (Ghum Hai Kisikey Pyaar Meiin)
Best Reality Show Star: Ankit Gupta (Bigg Boss 16)
Best Debut TV Show: Katha Ankahee
Best onscreen jodi on TV: Harshad Chopda and Pranali Rathod
Check the winners in South and Bhojpuri categories
Best Actor: Rishab Shetty (Kantara)
Best Actress: Mrunal Thakur
Best Director: Vipin Das (Jaya Jaya Jaya Jaya Hey)
Best Supporting Role: Murali Sharma (Godfather)
Best Film: Kantara
Best Song: Naatu Naatu from RRR
Social Media King – Bhojpuri: Ravi Kishan
Social Media Queen- Bhojpuri: Rani Chatterjee
Check the winners in OTT category
Best Actor – Hindi Movies: Vijay Varma (Darlings)
Best Actor – Hindi Web-Series: Zain Khan Durrani (Mukhbir)
Best Actress – Hindi Movies: Bhumi Pednekar (Govinda Naam Mera)
Best Actress – Hindi Movies: Deepika Padukone (Gehraiyaan)
Best Actress – Hindi Web-Series: Shefali Shah (Human)
Best Actor – South: Naveen Chandra-Ammu
Best Actress – South: Aishwarya Lekshmi-Ammu
Most Popular Web Series: Human
Best Supporting Actor: Arbaaz Khan (Tanaav)
Best Supporting Actress: Shefali Shah (Darlings)
Best Film on OTT – Hindi: Gehraiyaan
Best Film on OTT – South: Senapathi
Written by Kavinu Weerakkody