තලපති විජේගේ 66වන චිත්‍රපටය: රශ්මිකා ප්‍රධාන කාන්තා චරිතයට

Avatar Kavinu Weerakkody | April 10, 2022 260 Views 0 Likes 0 Ratings

260 Views 0 Ratings Rate it

වර්තමාන ‍දෙමළ සිනමාවේ ජනප්‍රියතම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් හෙවත් විජේගේ 66වන සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 06 වනදා උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුනා. දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියතම සිනමා නළුවා ලෙසින් හැඳින්වෙන Vijayට ලාංකීය රසිකයින් අතරේද දැවැන්ත ජනප්‍රියත්වයක් ගොඩ නැඟී තිබෙනවා. වාර්ෂිකව මෙරට සිනමාශාලාවල ප්‍රදර්ශනය වන දෙමළ චිත්‍රපට අතරින් සාර්ථකම නිර්මාණය බවට පත් වෙන්නේද ඔහු රඟපෑ චිත්‍රපටයක් වීමත් අද වන විට සාමාන්‍ය කරුණක්.

පසුගිය කාලය පුරාවටම දමිළ රංගන ශිල්පී Vijay රඟපෑ නිර්මාණ නිකුත් වුණේ වසරකට එකක් බැගිනුයි. නමුත් වසරකට එක් වරක් පමණක් නිකුත් වන ඔහුගේ එම චිත්‍රපට, අනෙක් සියලුම චිත්‍රපට අභිබවමින් ජනප්‍රියත්වයෙන් වගේම ආදායම් වාර්තාවලිනුත් අතිශය සාර්ථකත්වයට පත් වනවා. මෙවැනි හේතූන් නිසා වර්තමාන දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ වැඩිම ආදායමක් උපයන රංගන ශිල්පියා වශයෙනුත් කිහිප වතාවක්ම ඔහුගේ නම සඳහන් වී තිබෙනු දැක ගත හැකියි.

මෙවැනි පසුබිමක් තුළ, ඔහුගේ 66වන චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹීම සමස්ත ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේම අවධානය දිනා ගත් ප්‍රවෘත්තියක් වුනා. එහි නිෂ්පාදන කටයුතු සහ පූජා උත්සවය පැවැත්වූයේ පසුගිය දින කිහිපයේ වුණත්, මෙම ව්‍යාපෘතිය ගැන තොරතුරු නිකුත් වූයේ නම් මෑතකදී නොවෙයි.
පසුගිය වසර මැද භාගයේ සිටම දමිළ නළු Vijayගේ 66වන සිනමා නිර්මාණය ගැන විවිධ මත පළවුනා.

පසුගිය අප්‍රේල් 06වනදා හයිද්‍රාබාද් හි පැවැත්වූ මෙම මුහුරත් උළෙලට විජේ සහ රශ්මිකා මන්දානා ඇතුළු චිත්‍රපටයේ නළු නිළියන්, කාර්මික ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියා. දකුණු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදක Dil Rajuගේ Sri Venkateshwara Creations සිනමා ආයතනයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම සිනමාපටය තෙළිඟු සහ දමිළ භාෂාමය bilingual චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කරන බවටයි තොරතුරු පළ වන්නේ…

තවමත් නිශ්චිත නමක් යෝජනා නොවුණත් Thalapathy 66 යනුවෙන් රසිකයින් අතරෙ හි ජනප්‍රිය මෙම නිර්මාණය ගැන බොහෝ ගොසිප් ආරංචි පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලයේ පළවුනා. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා  Pooja Hedge සහ Rashmika Mandanna දෙදෙනාම යෝජනා වී ඇති බව එකල ඉන්දීය මාධ්‍ය රාශියක් වාර්තා කළත් පසුගියදා වනතුරුම ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් දැනගැනීමට හැකි වූයේ නැහැ.
නමුත් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූයේ Pooja Hedge පරදා Rashmika Mandannaව Thalapathy 66 සඳහා සම්බන්ධ කරගනු ඇති බවටයි.

එළඹෙන අප්‍රියෙල් 13වනදා සිට තිරගත වීම ඇරඹෙන Vijay රඟන නවතම චිත්‍රපටය වන Beast හි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ද Pooja Hedge වීම නිසා ඇයව පිට පිට දෙවතාවක්ම ඔහුගේ චිත්‍රපටයකට එක් කර නොගනීවි යනුවෙනුයි රසිකයින් පැවසූයේ…

කෙසේ වෙතත් මේ ආරංචිය සත්‍යයක් කරමින් Thalapathy Vijayගේ 66වන සිනමා නිර්මාණයට සම්බන්ධ වීමට සුරූපී නිළි Rashmika Mandanna වාසනාවන්ත වුනා. පසුගිය කාලය තුළදී තමිල්නාඩු ප්‍රන්තයෙන් සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමි කරගැනීමට රශ්මිකාට නොහැකි වූ නිසා මෙම සිනමාපටය ඇගේ රංගන ජීවිතයේ විශේෂ සංදිස්ථානයක් වීමටත් හැකියි. තමිල්නාඩුව තුළින් ඇයට අහිමිව ගිය රසික ප්‍රසාදය යළිත් රඳවා ගැනීමට මේ නිර්මාණය සාර්ථක අවස්ථාවක් බවයි විචාරකයින් පවා සඳහන් කරන්නේ…

“Ok now this feels like something else… ❤️❤️ Been watching sir for years and years and now to do everything that I’ve been wanting to do.. act with him, dance with him, take his nazar, talk to him.. everything .. yaaaaay finally! 😄❤️ An absolute delight.. ❤️”

මෙහි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ Yevadu, Oopiri, Brindavanam වැනි චිත්‍රපට නිර්මාණය කරමින් රසික ප්‍රසාදය දිනාගත් Vamshi Paidipally විසිනුයි. ඔහු අවසන් වතාවට අධ්‍යක්ෂණය කළ Maharshi (2019) තෙළිඟු සිනමාපටය, මෑතකාලීන දකුණු ඉන්දීය සිනමාවේ සාර්ථකම නිර්මාණයක් ලෙසත් හැඳින්වෙනවා. ඉන්දීය කෝටි 200කට අධික ආදායමක් රැස් කරගත් ඒ නිර්මාණය ඉන්දීය ජාතික සම්මාන 02ක් ජයග්‍රහණය කිරීමටත් සමත් වුනා.
සුපිරි තෙළිඟු නළු Mahesh Babu විසින් ප්‍රධාන චරිත රඟපෑ එහි අධ්‍යක්ෂණයට අමතරව තිර පිටපත රචනය සිදු කළේ ද Vamshi Paidipallyයි.

2007 වසරේදී Vamshi Paidipally පළමු වරට අධ්‍යක්ෂණය කළ Munna චිත්‍රපටයේ සිට මේ දක්වාම ඔහුගේ කිසිදු චිත්‍රපටයක් අසාර්ථක නොවූ අතර ඒ කිසිවකට ජනතා ආකර්ෂණය නොලැබ ගියේද නැහැ. මෙවැනි හේතූන් නිසා Vamshi Paidipallyව හැඳින්වෙන්නේ වර්තමාන තෙළිඟු සිනමාවේ දක්නට ලැබෙන profitableම mass movies අධ්‍යක්ෂකවරයෙකු ලෙසයි.

නමුත් මෙතෙක් කල් ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සියල්ලම පාහේ තෙළංගානා සහ ආන්ද්‍රා සිනමාව මුල් කරගත් තෙළිගු භාෂාමය නිර්මාණ වනවා. වම්සිගේ තෙවන නිර්මාණය වන Oopiri (2016) දමිළ භාෂාවෙන් ප්‍රදර්ශනය කළත් එහි මුල් චිත්‍රපටය නිර්මාණය වූයේ තෙළිගු භාෂාවෙනුයි.
මේ ආකාරයෙන් තෙළිඟු සිනමාව තුළ දස්කම් දැක්වූ Vamshi Paidipally තමිල්නාඩුව මුල් කරගත් දෙමළ සිනමාවට සම්බන්ධ වන මුල්ම අවස්ථාව මේ Thalapathy 66 චිත්‍රපටයයි. එයත් සුලුපුටු චිත්‍රපටයකින් නම් නොවෙයි; අද දමිළ සිනමාවේ ජනප්‍රියම සහ බලවත්ම රංගන ශිල්පියා වන Thalapathy Vijay සමඟිනුයි.

“ #Thalapathy66..Cherishing the new beginnings with THALAPATHY @actorvijay Sir,
@iamRashmika & the whole team :)”

සමාජ මාධ්‍ය ඔස්සේ අධ්‍යක්ෂක වම්සි සිය පණිවුඩය බෙදා ගත්තේ එලෙසයි.

දකුණු ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන S. Thaman මේ නිර්මාණයට සම්බන්ධ වන බවත් චිත්‍රපටයේ පූජා උත්සවයට සමගාමීව නිෂ්පාදකවරුන් විසින් දන්වා සිටියා. Dookudu, Kanchana, Sarrainodu, Aravinda Sametha Veera raghava වැනි ජනප්‍රිය චිත්‍රපට විශාල සංඛ්‍යාවක සංගීත නිර්මාණකරණයෙන් එක්වී සිටි ඔහු පසුගිය වසර 2-3 කාලයේදී මුලු ඉන්දියාවේම කතාබහට ලක්වූ චරිතයක් බවටත් පත් වුනා.
ඒ පසුගිය වසර කිහිපයේදී ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ Ala Vaikunthapurramuloo, Akhanda සහ Golmaal Again චිත්‍රපටවල ගීත ඇල්බම දකුණු ඉන්දියාවට පමණක් සීමා නොවී මුලු උතුරු ඉන්දීය ප්‍රාන්ත පුරාමත් එක සේ ජනප්‍රියත්වයට පත් වූ නිසායි.

“My longgestttttt Wait!! For Our Dearest @actorvijay Anna Has finally Come True. It’s A great Feeling to be On Board for #Thalapathy66 along with dear @directorvamshi @SVC_official #DilRaju. For Me it’s Going to be 6-6-6-6-6-6 !! Musical Fireworks All Over.”

Thalapathy 66 සිනමා නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණයට තමන් සම්බන්ධ වූ බව S Thaman එසේ දන්වා සිටියා. ඔහු තලපති විජේගේ චිත්‍රපටයකට සංගීතය සපයන පළමු අවස්ථාව මෙයයි.

විජේ සහ රශ්මිකා මන්දානාට අමතරව චිත්‍රපටයේ රඟන සෙසු රංගන ශිල්පීන් ගැන එතරම් විස්තරයක් මාධ්‍යයට දැනගන්නට නොලැබුණත් චිත්‍රපටයට සම්බන්ධ විය හැකි බවට ඉඟි පළවෙන නළු නිළියන් කිහිප දෙනෙකු ගැනම අන්තර්ජාලයේ විස්තර පළ වී තිබෙනවා. පසුගියදා පැවති මුහුරත් උත්සවයට ප්‍රවීණ දමිළ නළු R. Sarathkumar පැමිණ සිටීම නිසා ප්‍රධාන පෙළේ මාධ්‍ය සියල්ලකම පාහේ අදහස වන්නේ ඔහු මෙහි වැදගත් චරිතයක් රඟන බවටයි. ඊට අමතරව Prakash Raj රඟන ප්‍රතිවීර චරිතයකුත් Tahalapathy 66 හි ඇතුළත් බවට ඇතැම් ගොසිප් අඩවි සඳහන් කරනවා.

විජේගේ Sarkar චිත්‍රපටය මෙන් දේශපාලනය සම්බන්ධ වූ පිටපතක් Thalapathy 66 සඳහාත් පසුබිම් වී තිබෙන බවට කාලයක පටන් සිනමා රසිකයින් අතරේ කතාබහ වුණත් පසුගියදා අධ්‍යක්ෂකවරයා විසින්ම මේ ආරංචිය ප්‍රතික්ෂේප කළා. ඔහු සම්බන්ධ වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වම්සි, Thalapathy 66 කිසිසේත්ම දේශපාලනික මුහුණුවරක් සහිත නිර්මාණයක් නොවනු ඇති බවට දැන්වූවා.
බොහෝ දුරට Yevadu, Maharshi, Thozha වැනි වම්සිගේ පෙර නිර්මාණවල දැක ගැනීමට හැකි වූ emotional කතා තේමාවක් මේ සඳහාත් පසුබිම් වීමට ඉඩකඩ තිබෙනවා.
නමුත් තවමත් චිත්‍රපටයේ තිර පිටපත ගැන කිසිදු තොරතුරක් අණාවරණය වී නැහැ.

අධ්‍යක්ෂණයට හැරුණුවිට මෙහි තිර පිටපත රචනා කර තිබෙන්නේද Vamshi Paidipallyයි. දෙබස් රචනය දමිළ සිනමාවේ පළපුරුදු ගීත රචකයෙකු වන Vivek විසින් සිදු කර තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙන්නේ Kharthik Palani නැමැති උතුරු ඉන්දීය කැමරා ශිල්පියායි. ඉන්දීය කෝටි 500කට ආසන්න පිරිවැයකින් නිෂ්පාදනය වන Prabashගේ Adipurush හින්දි සිනමාපටයේ කැමරාව මෙහෙය වන්නේ ද ඔහු විසින් වීම විශේෂත්වයක්!
නර්තන නිර්මාණයෙන් Prabhu Deva එක්වවන අතර චිත්‍රපටයේ සංස්කරණය Praveen KL විසිනි. ඉන්දීය ජාතික සම්මානලාභී සංස්කරණය ශිල්පියෙකු වන ඔහු මින් පෙරත් Vamshi Paidipallyගේ චිත්‍රපටවල සංස්කරණයෙන් සම්බන්ධ වී තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Dil Rajuට අයත් Sri Venkateshwara Creations සිනමා නිෂ්පාදන ආයතනය විසිනුයි. Dil Raju විසින් විජේගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන මුල්ම අවස්ථාව මෙය වූවද, Vamshi Paidipallyගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන මුල්ම අවස්ථාව නම් මෙය නොවෙයි.
අධ්‍යක්ෂක Vamshi Paidipallyගේ කුළුදුල් චිත්‍රපටය වූ Munna (2007) ද නිෂ්පාදනය කළේ Sri Venkateshwara Creations ආයතනය හරහායි.

දමිළ රංගන ශිල්පී විජේගේ නවතම චිත්‍රපටය Beast, එළඹෙන අප්‍රියෙල් 13 වනදා සිට ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබෙන අතර ලංකාව තුළත් ඒ වෙනුවෙන් දැවැන්ත රසික පෙළගැස්මක් දැකගන්නට පුලුවන්. මෙරට ඇතැම් සිනමාශාලා තුළ අලුයම 5 පමණ සිට Beast දර්ශනවාර සංවිධානය කර තිබීම තුළින් මේ බව තවත් මනාව සනාථ කරගන්නට හැකියි…

#Thalapathy66

Cast: Vijay, Rashmika Mandanna, R Sarathkumar, Prakash Raj

Director : Vamshi Paidipally
Story, Screenplay : Vamshi Paidipally, Ashishor Solomon
Producer : Dil Raju

Co Producer : Shirish
Banner : Sri Venkateshwara Creations
Music Director : S Thaman
DOP : Kharthik Palani
Edit : Praveen KL
Dialogues & Additional Screenplay : Vivek
Lyrics : Vivek

Production Design : Sunil Babu & Vaishnavi Reddy
Executive Producers : B Sreedhar Rao & R Udayakumar
Make Up : Nagaraju
Costumes : Deepali Noor
Publicity Designs : Gopi Prasanna
VFX : Yugandhar

Share

260 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.