තවත් ඉන්දියානු සුපිරි වීරයෙකුගේ ආගමනය: රන්වීර් සහ අලි අබ්බාස් සුසංයෝගය නැවතත්
වාණිජමය සාර්ථක බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Ali Abbas Zafar සහ ජනප්‍රිය නලු Ranveer Singh දෙදෙනාගේ පළමු සුසංයෝගය සිදු වුනේ 2014 වසරේදී Gunday හින්දි චිත්‍රපටය හරහායි. Yash Raj Productions ආයතනයෙන් නිෂ්පාදනය කළ එය, එකල හින්දි සිනමාලෝලීන් අතරෙ හි අතිශය ජනප්‍රියත්වයට පත් වුනේ ඒ වටා වෙනස්ම cult ප්‍රේක්ෂකාගාරයක් බිහි කරමිනුයි.
Gunday හින්දි සිනමාපටයේ ජනප්‍රියත්වයෙන් පසු, අධ්‍යක්ෂක අලි අබ්බාස් සෆර් හා රන්වීර් සින්ග් එකතුවෙන් නිර්මාණය වන තවත් අලුත් සිනමාපට කිහිපයක් ගැනම 2014 සිට තොරතුරු වාර්තා වූවත් ඒ කිසිවක රූගත කිරීම් ආරම්භ වූයේ නැහැ. Ali Abbas Zafar සහ Ranveer Singh දෙදෙනාම කාර්යබුල සිනමාකරුවන් දෙදෙනෙකු වන නිසා මෙම චිත්‍රපට සියල්ලම අතරමඟ නතර වී තිබුනේ ඔවුන්ගේ දින ප්‍රශ්න මතයි. Dhoom චිත්‍රපට මාලාවේ සිව්වන දිගහැරුම සඳහා ඔවුන් යළිත් එකතු වීමට නියමිත බවට එකල ඉන්දීය මාධ්‍ය වාර්තා කළත්, එය සාර්ථක වූයේත් නැහැ.
අලි අබ්බාස් සෆර් හා රන්වීර් සින්ග් දෙදෙනාගේ නම් ඊළඟට යෝජනා වූයේ Mr. India නැමැති පැරණි හින්දි චිත්‍රපටයේ නව ප්‍රතිනිර්මාණයකටයි. Anil Kapoor සහ Sridevi දෙදෙනා ප්‍රධාන චරිත රඟපෑ එය සුපර් හීරෝ කාණ්ඩයේ සිනමාපටයක්. පිළිගත් බොලිවුඩ් මූලාශ්‍ර කිහිපයකින්ම එකල මෙම පුවත සනාථ කර තිබුනත් Ranveer Singhගේ අධික කාර්යබුලත්වය නිසා යළිත් මෙය මඟහැරුනා.
ඒ ආකාරයට Gunday (2014) චිත්‍රපටයෙන් පසු වසර දොළහකට වැඩි කාලයක් Ali Abbas Zafar – Ranveer Singhගේ සුසංයෝගයෙන් කිසිදු චිත්‍රපටයක් නිෂ්පාදනය වූයේ නැහැ. නමුත් දශකයකට පමණ පසු ඔවුන්ගේ එකතුවෙන් නිර්මාණය වන නවතම චිත්‍රපටයක වැඩ කටයුතු පටන් ගෙන තිබෙන අතර අධ්‍යක්ෂක Abbas Zafar විසින්ම මේ බව තහවුරු කොට තිබෙනවා.
“I am trying to find a story that get people excited to see me and him together.
It’s not worth coming together till we get that story,”
ඔහු පවසා තිබෙන අන්දමට මෙම නව සිනමාපටය තරුණ ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කොට නිපදවෙන ක්‍රියාදාම ගණයේ නිර්මාණයක්. ඇතමුන් මෙය period (ඵෙතිහාසික) චිත්‍රපටයක් ලෙස වාර්තා කර තිබුනද, Ali Abbas විසින්ම ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරමින් පැවසූයේ මෙය modern backdrop සහිතව නිමැවෙන වර්තමාන කාලයට අදාළ කතාවක් බවයි. විශේෂයෙන්ම අලි අබ්බාස් ජනප්‍රිය වී සිටින්නේත් සාර්ථක modern action movies අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් නිසා මෙයත් ඔහුට සුපුරුදු ත්‍රිලර් – ක්‍රියාදාම සහිත දැවැන්ත නිර්මාණයක් විය හැකියි.
එමෙන්ම, ක්‍රියාදාම තරුවක් (Action Star) වීමට අවශ්‍ය සියලුම සුදුසුකම් රන්වීර් සතුව තිබෙන බවටත් අධ්‍යක්ෂක Ali Abbas විසින් පැවසුවේ පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. Ranveerගේ ශරීරය සහ සිනමා පෞරුෂය ඔහුව දැවැන්ත බොලිවුඩ් නලුවෙකු බවට පත් කරන බවත්, ඔහු වැනි රංගන ශිල්පියෙකුට ගැළපෙනම තිර පිටපතක් සූදානම් කිරීමට තමන් වෙහෙස වන බවටත් Ali Abbas එහිදී පවසා තිබෙනවා.
විශේෂයෙන්ම ඔහු සහ Ranveer සුසංයෝගයෙන් නිර්මාණය කිරීමට සූදානම් වුනු Mr India 02, සමස්ත බොලිවුඩයේම අවධානය දිනාගත් චිත්‍රපටයක් අනුසාරයෙන් නිෂ්පාදනය වන්නක් වූ නිසා බොහෝ දෙනෙකු ඒ පිළිබඳව උනන්දුවෙන් පසු වුනා. ප්‍රවීණ හින්දි නලු Anil Kapoor එහි රඟ දැක්වූ චරිතයට රන්වීර් විසින් කෙතරම් සාධාරණයක් ඉටු කරයිද යන්න බොහෝ දෙනෙකුට එකල තිබූ ගැටළුවක්. නමුත් දැන් පැවසෙන්නේ මුල් චිත්‍රපටයේ නිෂ්පාදකයින්ගේ ඇතැම් කොන්දේසිවලට යටත් වීමට අධ්‍යක්ෂක Ali Abbas Zafar අකැමැති වූ නිසා එම සිනමාපටය නතර වූ බවයි.
බොලිවුඩයේ කුඩා ප්‍රේක්ෂකාගාරයකට සීමා වී සිටි Ranveer Singhව එක්වරම විශාල රසිකයින් පිරිසක් අතරට ගෙන ගිය පළමු නිර්මාණය වූයේත්, අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ක්ෂේත්‍රයේ ස්ථාවර වීමට Ali Abbasට උපකාරී වූයේත්, ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් 2014 වර්ෂයේදී තිරගත වූ Gunday චිත්‍රපටයයි.
එයින් පසුව නිමැවෙන මෙම දෙවන චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය දැරීමට සූදානම් වන්නේ ද Gunday නිෂ්පාදනය කළ Yash Raj Filmsම බවයි ආරංචි වන්නේ. අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් අලි අබ්බාස් දැන් ලබාගෙන තිබෙන සාර්ථකත්වය නිසාම ඉන්දියානු කෝටි 150කට ආසන්න මුදලක් මීට වැය කිරීමටත් ඔවුන් එකඟ වී තිබෙනවා.
වර්තමානය වනවිට හින්දි සිනමාවේ ප්‍රධාන ධාරාවේ නලුවෙකු වශයෙන් Ranveer Singh කෙතරම් නම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටියත්, 2019 පසු ඔහු රඟපෑ කිසිදු සිනමාපටයක් ආර්ථිකමය වශයෙන් සාර්ථක වූයේ නැහැ. Gullyboy (2019)ට පසුව තිරගත වුනු 83 සහ Jayeshbhai Jordaar නිර්මාණ ද්විත්වයටම දැවැන්ත පාඩුවක් ලබන්නට සිදු වුනේ එහි නිෂ්පාදන පිරිවැයවත් සපුරා ගැනීමට නොහැකි වෙමින්…
නමුත් Ali Abbas පසුගිය කිහිපය පුරාවමට නිර්මාණය කළ චිත්‍රපට සියල්ලම ප්‍රේක්ෂක – විචාරක අවධානය නොමදව ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ Sultan සහ Tiger Zinda Hai චිත්‍රපට ද්විත්වය රැස් කරගත් ආදායම පමණක් ඉන්දියානු කෝටි 1200කට අධිකයි. මීට මාස කිහිපයකට පෙරදී අලි අබ්බාස්ගේ Jogi නැමැති නවතම චිත්‍රපටයත් Netflix හරහා නිකුත් වුනු අතර එයත් අතිශය ධනාත්මක ප්‍රතිචාරයක් ලබා ගනිමින් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.
ඔහු මේ දිනවල සම්බන්ධ වී සිටින්නේ සිය 09වන නිර්මාණය වන Bade Miyan Chote Miyan හි රූගත කිරීම් සඳහායි. Akshay Kumar සමඟින් Tiger Shroff ප්‍රධාන චරිත නිරූපණය කරන එය, එළඹෙන වසරේදී ලෝ පුරා තිරගත වීමට නියමිතයි.
Written by Kavinu Weerakkody