නිව් යෝර්ක් චිත්‍රපට විචාරකයින්ගේ වාර්ෂික සිනමා ඇගයුම : NYFCC AWARDS

Avatar Kavinu Weerakkody | December 13, 2022 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

1930 දශකය මැද භාගයේදී New York Film Critics Circle නොහොත් NYFCC සංවිධානය ඇරඹෙන්නේ එකල ඇමරිකාවේ, නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව සිටි ප්‍රමුඛතම පෙළේ සිනමා විචාරකයින් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙනුයි. 1935 වසරේදී එහි පළමු සැසිවාරය පැවැත්වූ අතර ඒ සඳහා ඇමරිකාවේ විවිධ පුවත්පත් හි සේවය කළ සිනමා පුවත් කතුවරයින් 20කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටියා.
විශේෂත්වය වන්නේ මෙම New York Film Critics Circle සංවිධානය, ඕනෑම අයෙකුට සාමාජිකත්වය ගත හැකි සංවිධානයක්ද නොවීමයි. මේ සඳහා තෝරාගන්නේ ද ඉතා සීමිත පිරිසක් වන අතර සාමාජිකත්වය ලද සියලු දෙනාම නිව් යෝර්ක් නගරය තුළ පළවන විවිධ පුවත්පත්, සඟරා හෝ ඔන්ලයින් ප්‍රකාශනවල සිනමාව සම්බන්ධ විචාරකයින් විය යුතුයි.

මෙම NYFCC විචාරක එකමුතුව ඇරඹීමෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මාසයේදී එහි සාමාජිකයින් සියලු දෙනාගේම ඡන්දයෙන් “අදාළ වසරේ නිකුත් වූ විශිෂ්ටතම චිත්‍රපට” තෝරාගෙන ඒවාට ඇගයුම් ලබා දීමට කටයුතු කළ අතර ඒ ආකාරයට සංවිධානය කළ පළමු සම්මාන උළෙල 1936 වසරේදී පැවැත්වුනා. 1936දී පැවැත්වූ එම පළමු උළෙලේදී වසරේ හොඳම සිනමාපටය ලෙස ජයග්‍රහණය කළේ The Informer නැමැති සම්මානනීය නිර්මාණයයි.
New York Film Critics Cirlce Awards හි තවත් විශේෂත්වයක් වන්නේ මෙය ඇමරිකා එක්සත් ජනපදය තුළ දැකගත හැකි පැරණිතම විචාරක සම්මාන උළෙල වීමයි. වර්තමානයේදී හොලිවුඩ් සිනමාවට සම්බන්ධ, ජනප්‍රිය ධාරාවේ විචාරක සම්මාන උත්සව ගණනාවක්ම පැවැත්වූවත් ඒ සියල්ලටම පෙර ආරම්භ කළ මුල්ම Critics’ Awards ඇගයුම වන්නේ මෙයයි.

1936 වසරේ සිට මේ දක්වා නොකඩවා දක්නට ලැබුනු New York Film Critics Cirlce Awards උළෙල මෙවර පැවැත්වෙන්නේ 88 වන වතාවටයි. 2022 ජනවාරි සිට 2022 දෙසැම්බර් අතර කාල වකවානුවේදී ලෝක සිනමාවෙන් නිකුත් වූ ගුණාත්මක චිත්‍රපට රාශියක් පාදක කොටගෙන පැවැත්වූ මෙම ඡන්ද විමසුමට NYFCC සංවිධානයේ සියලුම සාමාජිකයින් මනාප ප්‍රකාශ කොට තිබුනා.
මේ වනවිට එහි අවසන් ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවත් මාධ්‍යයට නිකුත් කොට තිබෙන අතර එළඹෙන ජනවාරි 04 වනදා උත්සවාකාරයෙන් අදාළ ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමීමට නියමිතව තිබෙනවා.

හොලිවුඩ් සිනමා ලෝකයේ බොහෝ දෙනෙකු New York Film Critics Cirlce Awards ජයග්‍රාහකයින් ලැයිස්තුව නිකුත් වන තෙක් බලා සිටින්නේ බොහොම උනන්දුවකින් සහ අවධානයෙන්… ඊට හේතුව වන්නේ බොහෝදුරට එම වසරේ Oscars සම්මානලාභීන් බවට පත් වන්නේත් මෙහිදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණකරුවන්ම වීමයි. 1935 සිට Oscars හි “Best Picture” සම්මානය ලබාගත් සිනමාපටවලින් 43%ක්ම ඊට පෙර NYFCC Awards හිදීත් හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනාගෙන තිබුනා.
එතරම් ගුණාත්මක තෝරාගැනීම්වලින් සපිරුනු සම්මාන ඇගයුමක් ලෙසටයි හොලිවුඩ් නිර්මාණකරුවන් විසින් NYFCC Awards උළෙල හඳුනාගෙන තිබෙන්නේ..!

මෙහිදී ප්‍රධාන ධාරා 12ක් යටතේ මනාප විමසීම සිදුවන අතර
හොඳම අධ්‍යක්ෂකවරයා
හොඳම නලුවා
හොඳම නිළිය
හොඳම කලා අධ්‍යක්ෂණය
හොඳම ඇනිමේෂන් සිනමාපටය
හොඳම විදේශ භාෂා චිත්‍රපටය
ආදී විවිධ අංශවල විශිෂ්ටතමයින් උදෙසා සම්මාන ප්‍රදානය කෙරෙනවා. ඊට අමතරව සිනමාව සඳහා සිදු කළ සේවය වෙනුවෙන් ලෝක සිනමාවේ ප්‍රවීණයින් තිදෙනෙකු උදෙසා තවත් ගෞරව සම්මාන ත්‍රිත්වයක් ද මෙවර ලබා දීමට නියමිතයි.
වසරේ හොඳම සිනමා විචාරය උදෙසා තවත් සම්මාන ප්‍රදානයක් ද මෙවර NYFCC උළෙලේදී සිදු කිරීමට නියමිතයි. එහි undergraduate අංශයෙන් Nico Predrero – Setzer ද, graduate අංශයෙන් Greg Nussen ද ජයගෙන තිබෙනවා.

NYFCC Awards 2022 හිදී මෙවර සම්මානයට පාත්‍ර වීමට නියමිත ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

Best Film :
“Tár” (Focus Features)

Best Director :
S. S. Rajamouli, “RRR” (Variance Films)

Best Actor :
Colin Farrell, “The Banshees of Inisherin” (Searchlight Pictures) and “After Yang” (A24)

Best Actress :
Cate Blanchett, “Tár” (Focus Features)

Best Supporting Actor :
Ke Huy Quan, “Everything Everywhere All at Once” (A24)

Best Supporting Actress :
Keke Palmer, “Nope” (Universal Pictures)

Best Screenplay :
“The Banshees of Inisherin” (Searchlight Pictures) – Martin McDonagh

Best Animated Film :
“Marcel the Shell with Shoes On” (A24)

Best Cinematography :
“Top Gun: Maverick” (Paramount Pictures) – Claudio Miranda

Best First Film :
“Aftersun” (A24) – Charlotte Wells

Best International Film :
“EO” (Poland)

Best Non-Fiction Film :
“All the Beauty and the Bloodshed” (Neon)

හොඳම අධ්‍යක්ෂකවරයා ලෙසින් මෙවර සම්මානයට පාත්‍ර වන්නේ හොලිවුඩයෙන් බැහැර ඉන්දියානුවෙකු වීම තවත් විශේෂත්වයක්! මෙම වසරේදී වැඩිම විදෙස් අවධානයට පත් ඉන්දියානු චිත්‍රපටය ලෙසට අවිවාදයෙන්ම පිළි ගැනෙන RRR තෙළිඟු චිත්‍රපටය වෙනුවෙන් එහි අධ්‍යක්ෂකවරයා වන RR Rajamouli හටයි, මෙවර NYFCC හි Best Director සම්මානය හිමි වුනේ.
විශිෂ්ටතම චිත්‍රපටය වශයෙන් Todd Fieldගේ “Tar” ජයගත් අතර, “Marcel the Shell with Shoes on”හොඳම ඇනිමේෂන් සලරුවට හිමි සම්මානය දිනා ගත්තා. බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ පරිදිම හොඳම සහාය රංගන ශිල්පියාගේ සම්මානය වෙන් වූයේ Everything Everywhere at Once චිත්‍රපටයටයි.

Share

83 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.