පරාග – යශ් වීරසිංහ සහ රශිප්‍රභා සංදීපනීගෙන් අලුත්ම චිත්‍රපටියක්

Avatar Kavinu Weerakkody | December 20, 2025 54 Views 0 Likes 0 Ratings

54 Views 0 Ratings Rate it

යෂ් වීරසිංහ සහ රශිප්‍රභා සංදීපනී කියන්නේ නව පරපුරේ ජනකාන්ත නලු නිලියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා වගේම, මෙරට රසිකයින් අතරේ විශාල ජනප්‍රියතාවයකුත් ලබාගෙන තිබෙනවා.

මෙතරම් කාලයක් පුංචි තිරයෙන් ඔබට සමීප වූ ඔවුන් දෙදෙනාව සිනමා තිරයෙන් නරඹන්නට පුලුවන් වෙනස්ම ආකාරයේ වැඩක් පසුගියදා ආරම්භ වුනා.

පරාග (Paraaga) අලුත්ම සිංහල චිත්‍රපටයයි.

නැවුම් කතා තේමාවකින්, ලාංකීය සිනමාවට එකතු වෙන්නට නියමිත පරාග චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ධනුෂ්ක රත්නායක විසිනුයි. හේලි – වෙස් – දාම් වැනි අතිශය ජනප්‍රිය ටෙලි කතාමාලා රැසකින් පසුව ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන පළමු සිනමාපටය මෙය වීමත් විශේෂත්වයක්! හර්ෂ තෙන්නකෝන් – කින්ග් රත්නම් – එස් අයි සමරක්කොඩි ඇතුලු තවත් නලු නිලියන් රැසක් මෙහි සහාය රංගනයෙන් එක්වනවා.

චිත්‍රපටයේ ගී පද රචනය ශෙහාන් ගලහිටියාව විසිනි. ස්ට්‍රයිනර් ඇඩම්ස් කැමරාකරණයෙනුත්, නිමේෂ් කුලසිංහ සංගීත නිර්මාණයෙනුත් පරාග සිනමාපටයට සම්බන්ධ වනවා.

මේ වනවිට චිත්‍රපටයේ සියලු රූගත කිරීම් අවසන් වී තිබෙනවා. පසු නිෂ්පාදන කටයුතු නුදුරේදීම ආරම්භ වීමට නියමිතයි.

පරාග චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළ දින ලබාගත් ඡායාරූප අතුරින් කිහිපයක් >>>>>>>>>

Share

54 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.