ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

Avatar Kavinu Weerakkody | August 31, 2026 21 Views 0 Likes 0 Ratings

21 Views 0 Ratings Rate it

මෙරට සිටි ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක, උපදේශිකාවක සහ රංගන ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්‍ර මහත්මිය මීට සුලු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට, ඇය 46 හැවිරිදි වියේ පසු වුනා. නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් පසුව රෝහලට ඇතුළත් කරන විටත් ඇය ජීවිතයෙන් සමුගෙන තිබූ බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ…

මෙරට මෙන්ම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රැසකට සහභාගි වී ඇති චූලාපත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය, මෙරට ප්‍රධාන පෙලේ මෝස්තර නිරූපණ උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

රංගන ශිල්පිනියක වශයෙන් ද කටයුතු කළ ඇය ‘වහින්න මුතු වැස්සක්’ ටෙලිනාට්‍යය තුළින් මෙරට විශාල රසික ආකර්ෂනය දිනාගන්නට සමත් වුනා. ඊට අමතරව 2000 මුල් දශයකයේදී මෙරට ජනප්‍රිය වූ ගීත වීඩියෝ නිර්මාණ රැසක්ම ඇගේ රංගනයෙන් හැඩවුනා.

 

Share

21 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.