ප්‍රසන්නගේ “ගාඩි”, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගත් සිනමා සම්මානයක් දිනා දෙයි……

Avatar Nisanka Weheraduwa | December 14, 2021 213 Views 0 Likes 0 Ratings

213 Views 0 Ratings Rate it

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
ලොව පුරා ක්රියාත්මක වන අන්තර්ජාතික සිනමා උළෙලවලට (International Film Festivals) සාපේක්ෂව, ලොව තුළ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල (International Film Awards) ක්රියාත්මක වන්නේ ඉතාමත් සීමිත සංඛ්යාවකි. ඒ අතුරින්ද ජාත්යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමට හා අවධානයකට ලක්වන සම්මාන උළෙල ඇත්තේ අතලොස්සකි. එහිදී ආසියානු හෝ ආසියානු-පැසිෆික් කලාපය තුළ වර්තමානයේදී ක්රියාත්මක වන සිනමා සම්මාන උළෙල සැලකිල්ලට ගැනීමේදී, ඒෂියන් ෆිල්ම් අවෝර්ඩ්ස් (හොංකොං), ඒෂියා පැසිෆික් ස්ක්ර්රීන් අවෝර්ඩ්ස් (ඕස්ට්රේලියාව) සහ ගෝල්ඩන් හෝර්ස් අවෝර්ඩ්ස් (තායිවානය), කලාපය තුළ ඉහළම පිළිගැනීමට ලක්වන ජාත්යන්තර සිනමා සම්මාන උළෙල ත්රිත්වය වේ. ඒ අතුරින්ද ආසියානු-ෆැසිෆික් කලාපය තුළ වර්තමානයේ පැවැත්වෙන උත්කර්ෂවත්ම, ආකර්ෂණීයම, දැවැන්තම සහ තරගකාරීම සිනමා සම්මාන උළෙල ලෙසින් කිරුළ දරන්නේ, ඕස්ට්රේලියාවේ පිහිටි “ඒෂීයා ෆැසිෆික් ස්ක්රීන් ඇකඩමිය” විසින් වාර්ෂිකව පවත්වන “ඒෂීයා ෆැසිෆික් ස්ක්රීන් අවෝර්ඩ්ස්” (Asia Pacific Screen Awards) හෙවත් “ඇප්සා” (APSA) සම්මාන උළෙලයි.
ආසියා ශාන්තිකර කලාපීය රටවල් 70 ක් උදෙසා විවෘත වන “ඇප්සා” සම්මාන උළෙලේ ආරම්භය 2007 වර්ෂයේදී සටහන් විය. එකී මංගල අදියරේ සිටම උළෙල වෙත ශ්රී ලාංකේය චිත්රපට ඉදිරිපත් වු අතර, එහිදී 2007, 2008, 2009, 2013, 2014 සහ 2015 යන වසර හයේදී, සම්මාන 08 ක් වෙනුවෙන් නිර්දේශ නාම (Nominations) ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් විය. එහෙත් ඒ එකදු අවස්ථාවකදී හෝ සම්මානයක් ජයග්රහණය කිරීමේ අවස්ථාව ශ්රී ලංකාවට හිමි නොවීය. එසේම පසුකාලීනව උළෙලේ ජනප්රියත්වය හා ජාත්යන්තර පිළිගැනීම සීඝ්රයෙන් ඉහළ යාමත් සමග, කාන්ස්, සන්ඩෑන්ස්, වෙනීස්, බර්ලින්, ටොරොන්ටෝ, ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ්, බෆ්ටා ආදී ලොව ඉහළම පිළිගැනීමට ලක්වන සිනමා උළෙල හා සිනමා සම්මාන උළෙල නියෝජනය කළ හා එකී උළෙලවල සම්මාන දිනූ ආසියානු-ෆැසිෆික් කලාපීය චිත්රපටද “ඇප්සා” උළෙල නියෝජනය කරනු ලැබීය. එලෙස සම්මාන උළෙලේ තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමක ස්ථානගත වීම හේතුවෙන් 2015 වසරේ සිට, එකදු සම්මානයක් වෙනුවෙන් නිර්දේශ නාම ලැබීමේ අවස්ථාව පවා ශ්රී ලංකාවට අහිමි විය. එහෙත් එකී සියලු මගහැරීම්, අහිමි වීම් සඳහා නැවතීමේ තිත තබමින්, “ඇප්සා” සම්මාන උළෙලේ සම්මානයකින් පිදුම් ලැබීමට අවස්ථාව ලද පළමු ශ්රී ලාංකේය චිත්රපටය ලෙසින් ඉතිහාසගත වීමට ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ “ගාඩි” (Children of the Sun) චිත්රපටය පසුගියදා සමත් විය. ඒ 2021-ඇප්සා උළෙල නියෝජනය කළ සිනමාපට අතුරින් “සංස්කෘතික විවිධත්වය ප්රවර්ධනයෙහිලා හා සුරැකීමෙහිලා” උපරිම දායකත්වය ලබා දුන් විශිෂ්ටතම සිනමාපටයට පිරිනමන “සංස්කෘතික විවිධත්ව සම්මානය” (Cultural Diversity Award) දිනාගනිමිනි.
“එක්සත් ජාතීන්ගේ අධ්යාපනික, විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය” හෙවත් “යුනෙස්කෝ” (UNESCO) ආයතනයේ සහයෝගයෙන් පිරිනමන “සංස්කෘතික විවිධත්ව සම්මානය” පසුගිය අදියරවලදී, ඒ වෙනුවෙන්ම පත්කළ ස්වාධීන ජූරියක (Independent Jury) අධීක්ෂණය මත පිරිනැමුණි. එහෙත් කොවිඩ් වසංගතයේ බලපෑම නිසා ගිය වසරේ “ඇප්සා” උළෙල අවලංගු කිරීමත්, මේ වසරේ උළෙල තුළ සිදු කළ සුළු වෙනස්කමුත් නිසා, මෙවර “සංස්කෘතික විවිධත්ව සම්මානය” උදෙසා ජයග්රාහකයා තේරීමේ බලය, ඇප්සා අන්තර්ජාතික නිර්දේශ කවුන්සලයේ” (APSA International Nominations Council) සමාජිකයින් හත් දෙනා වෙත හිමිවිය. එසේම වෙනදා මෙන් “සංස්කෘතික විවිධත්ව සම්මානය” උදෙසා නිර්දේශ නාම ඉදිරිපත් කිරීමකින් තොරව, ජයග්රාගී සිනමාපටය ලෙසින් “ගාඩී” සිනමාපටය නම් කිරීම කැපී පෙනුණි. එසේම මෙම සම්මානය මෙවර “අන්තර්ජාතික නිර්දේශ කවුන්සලයේ” විනිශ්චය මත පිරිනමන නිසාවෙන්, ජයග්රාගී සිනමාපටයේ නාමය සම්මාන ප්රදානෝත්සවයට පෙර ප්රසිද්ධ කරන ලදී. එහෙත් උළෙලේ ප්රධාන අන්තර්ජාතික ජූරිය ඇතුළු සෙසු ජූරීන් විසින් පිරිනමන ප්රධාන සම්මාන සමග, ඕස්ට්රේලියාවේ ගෝල් කෝස්ට් නුවර පැවැත්වෙන අති උත්කර්ෂවත් 14 වෙනි ඇප්සා සම්මාන රාත්රියේදී , “සංස්කෘතික විවිධත්ව සම්මානය” (Cultural Diversity Award) “ගාඩී” චිත්රපටය වෙත පිරිනැමුනි.. “ගාඩි” ලබන මෙම ජයග්රහණය 2015-2021 යන වසර හත තුළ, ජාත්යන්තර හෝ කලාපීය වශයෙන් ඉහළම පිළිගැනීමට හා ශ්රේණිගත කිරීමකට ලක්වන උළෙලකදී, ශ්රී ලංකාව ලබන ඉහළම සිනමා ජයග්රහණය වේ.
කාන්ස්, ටොරොන්ටෝ, වෙනීස්, බර්ලින්, ලොකර්නෝ, කලෝවී වේරී, ටෝකියෝ, බූසාන්, සිඩ්නි ආදී ලොව ඉහළම පිළිගැනීමට ලක්වන උළෙල ඇතුළුව අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festivals) 45 ක නීතී රේගුලාසීන් උදෙසා “සිනමාපට නිෂ්පාදකයින්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික ජාතික සම්මේලනය” (International Federation of Film Producers Association) හෙවත් “ෆිඇප්ෆ්” (FIAPF) ආයතනයේ අනුමැතිය හෙවත් පිළිගැනීම හිමිව තිබුනද, එවන් අනුමැතියක් ලද ලොව එකම සිනමා සම්මාන උළෙල (International Film Awards) “ඒෂියා පැසිෆික් ස්ක්රීන් අවෝර්ඩ්ස්” හෙවත් “ඇප්සා” සම්මාන උළෙල වේ.
උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

213 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.