මධුරිට ලැබුණු අපූරු Online උපන්දින තෑග්ග
Madhuri Dixit කියන්නේ ලංකාවේ සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දියයුතු කෙනෙක් නොවෙයි. බොලිවුඩ් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් මධුරිගේ චිත්‍රපට බොහොමයකට කැමැත්තක් දක්වනවා වගේම ඇය රඟපෑ චිත්‍රපට ගීත බොහොමයක් ඔවුන්ගේ මතකයේ රැඳී තිබෙනවා. මධුරි ඇගේ 53 වැනි උපන් දිනය සමරුවේ මැයි 15 වැනිදා. මධුරිගේ උපන් දිනයට බොහෝ දෙනක් සුබපැතුම් එකතු කර තිබුනා. මේ අතරේ මධුරිට වෙනස්ම විදිහක උපන්දින තෑග්ගක් ලැබී තිබුනා.
බොලිවුඩ්හි ජනප්‍රිය YouTuber කෙනෙක් වුනු Lilly Singh තමයි මධුරිට මේ තෑග්ග ලබාදී තියෙන්නෙ. ඒ ඇගේ Instagram පිටුව හරහායි. මධුරි දශක තුනක් තිස්සේ සිනමාවේ නිරුපණය කළ ජනප්‍රිය ගීත ඇසුරින් කළ අපූරු වීඩියෝවක් ලිලී ඇගේ Instagram පිටුවට එක්කොට තිබුනා. බොලිවුඩ් රසිකයින් මේ වීඩියෝව මේ වෙද්දීත්බොහොම ජනප්‍රිය වෙලා තිබෙන බව bollywood hungama වෙබ් අඩවිය සඳහන් කරනවා. ලිලී ඇගේ උපන්දින සුබපැතුම සමග මෙලෙස සඳහන් කොට තිබුනා.
Today is @madhuridixitnene birthday and in honor of my very first idol, here is a tribute to the queen. From a young age until now, you continue to inspire me and blow me away with your talent. 100% of my photos from childhood are me posing as you (Hum Aapke Hain Kon being the first movie I remember seeing ever).
Written by Nisanka Weheraduwa