මන්දාරා විජයග්‍රාහී දින 75 පසු කරයි! රට පුරා Houseful දර්ශන වාර තවමත්!
විජයග්‍රාහී දින 75 පසු කරමින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිංහල සිනමාපටය, දිවයින පුරා සිනමාශාලා රැසක තවමත් අති – සාර්ථකව තිරගත වනවා.
බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග, මේඝ සූරියආරච්චි, දිනක්ෂි ප්‍රියසාද් ඇතුලු ඔබ ආදරය කරන ජනකාන්ත නලු නිලියන් රැසක් මන්දරා චිත්‍රපටයේ රංගනයෙන් එකතු වනවා. පවුලේ සැමට නැරඹිය හැකි, නැවුම් කතා තේමාවක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය, ආරම්භයේ සිට අවසානය දක්වාම ආදරය – ත්‍රාසය – කුතුහලය කැටි කරගත් අපූරු නිර්මාණයක්!
මන්දාරා චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹුනේ පසුගිය ජූලි මාසයේදී වුවත්, මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙරට සිනමා රසිකයින්ගේ ආදරය ලබමින් එය අති සාර්ථකව තිරගත වනවා. ශ්‍රී ලංකාව පුරා මේ වනවිටත් එය තිරගත වන සිනමා ශාලා ප්‍රමාණය 35කට අධිකයි!
මන්දාරා චිත්‍රපටයට සමගාමීව GOAT | Thangalaan | Indian 02 වැනි දමිළ චිත්‍රපට සහ Deadpool 03 වැනි දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට රැසක්ම මෙරට ප්‍රදර්ශනය වුනු අතර, ඒ සියලුම චිත්‍රපට අභිබවමින් මන්දාරා ඊට මාස ගණනාවකට පසුව තවමත් සාර්ථකව තිරගත වනවා.
මන්දාරා තිරගත වුනු 73වන දිනයේ පවා විශාල නරඹන්නන් පිරිසක් සමඟින්, දිවයිනේ සිනමා ශාලා කිහිපයකම houseful දර්ශන වාර රැසක් වාර්තා වුනා.
කලකට පසුව හෝ, ලාංකීය චිත්‍රපටයකට අපගේ සිනමා රසිකයින්ගෙන් මෙතරම් කැමැත්තක් දක්නට ලැබීම මෙරට සිනමාවට සුබවාදී සහ සතුටට කරුණක්!!
මන්දාරා චිත්‍රපටය ඔබ වෙත ගෙන එන්නේ ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ වැනි සිනමාපට හරහා මෙරට වාණිජ සිනමාවට වෙනස්ම හැඩයක් හඳුන්වා දුන් ප්‍රියන්ත කොළඹගේ විසිනුයි.
මෙම චිත්‍රපටය ගෙතෙන්නේ හදිසි අනතුරක් නිසා අහම්බයකින් මුණගැසෙන විශ්ව සහ මන්දාරා නැමැති තරුණ පෙම්වතුන් යුවලක් වටායි. මාපියන්ගේ විරෝධය නොතකා ඔවුන් විවාහ වන නමුත්, කෙටි කාලයක් ගත වෙත්ම ඔවුන්ගේ ජීවිතය යළිත් දෙදරා යනවා.
ඒ ගැබිණි මන්දාරාට විශ්ව එල්ල කළ පහරක් නිසා ඔවුන්ගේ දරුවා මිය යෑමත් සමඟයි. මේ සිදුවීම නිසා විශ්ව සහ මන්දාරා විවාහයෙන් වෙන්වීමට තීරණය කරන අතර ඔවුන් දෙදෙනාම ජීවත් වන්නේ දැඩි කලකිරීමකින්…
මිනීමරු ඥාතියෙකුගෙන් බේරී, ඈත කඳුකරයේ සිට කොළඹට පලා එන යශෝරා නැමැති සිඟිති දියණියව ඔවුන්ට මුණ ගැසෙන්නේ මේ අතරවාරයේ දීයි. දේපළ උරුමයට කෑදරකමින්, තමන්ව ඝාතනය කරන්නට පැමිණෙන භාරත නැමැති මිනීමරුවාගෙන් පලා එන යශෝරාව රැක කරගන්නට ඉදිරිපත් වන්නේ විශ්වයි.
සුන්දර ගැමි පරිසරයත් ජනාකීර්ණ කොන්ක්‍රීට් නගරයත් පසුබිම් කොට මැවෙන මන්දාරා, මේ ජීවිත හතරේ ඉරණම කියාපාන සුන්දර වෘතාන්තයක්…
හසුරුවා ගත නොහැකි කෝපයේ පිපිරුමට හසුවී සුන්නද්දූලි කරගත් ආදර කතාවක අතරමං වූ විශ්වටත්, ප්‍රේමය පසුපස හඹා ගොස් දිනනු නොහැකි වූ අතිදක්ෂ ක්‍රීඩා තාරකාවක වන සුරූපී මන්දරාටත් අවසානයේදී කුමක් සිදුවෙයිද?
තම කුරිරු මහප්පා වන භාරතගේ මරණ වරෙන්තුවෙන් ගැලවී පලා එන යශෝරා නැමැති අහිංසක අනාථ දැරිවිය ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තු ඇති කරයිද?
නැතහොත්, වෛරයේ ගිනිසිළු අතරින් යශෝරාව සොයා එන භාරත ඒ බලාපොරොත්තු සුන් කරයිද?
ඔබට මේ ගැන දැනගන්නට නම්, විජයග්‍රාහී දින 75 පසු කරමින් තිරගත වන මන්දාරා සිනමාපටය නරඹන්නට ම සිදුවනවා!!
චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි එකතුවෙනි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් සහ, රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂණයෙන් මීට එකතු වුනා.
මංගල ප්‍රනාන්දු සහ ලෙස්ලි වීරසිංහ කලා අධ්‍යක්ෂණය සිදු කළ අතර චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය ඩිරාන් විජේසිංහයි. ගයාන් ශ්‍රීමාල්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවුනු මන්දාරා චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය දසුන් කොළඹගේ විසිනි. සංස්කරණය සහ වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ යි. විශාරද සමන්ත පෙරේරා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයායි.
චිත්‍රාල් සෝමපාල සහ මහේන් පෙරේරා එකතුවෙන් මෙහි සංගීත තනු නිර්මාණය කොට තිබෙනවා. මන්දරා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ද මහේන් පෙරේරා විසින්මයි.
මෙම නිර්මාණයට පසුව සූරිය සුළඟ නමින්, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ තවත් නවතම සිනමාපටයක් ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා. මේ වනවිට එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් තිබෙන අතර, විශාල නිෂ්පාදන පිරිවැයක් දරමින්, ජනකාන්ත නලු නිලියන් රැසකගේ රංගන දායකත්වයෙන්, මෙතෙක් සිංහල සිනමාවෙන් ඔබ නොදුටු ආකාරයේ දැවැන්ත සිනමාපටයක් ලෙසටයි ‘සූරිය සුළඟ’ නිර්මාණය වන්නේ…
මේඝ සූරියආරච්චි – සනත් ගුණතිලක – අශාන් ඩයස් – බිමල් ජයකොඩි – මුතු තරංගා – සජිනි රෝයි – නිහාරි පෙරේරා වැනි ජනකාන්ත නලු නිලියන් රැසක් සූරිය සුළඟ චිත්‍රපටයෙන් ඔබ හමුවට පැමිණීමට නියමිතයි.
දින 75 පසු කරමින්, විජයග්‍රාහී දින 100 තෙක් රජ ගමනේ යන “මන්දාරා” චිත්‍රපටය පහත සිනමා හල්වලදී ඔබට දැන් නරඹන්නට පුලුවන්!
Scope CCC – කොළඹ
Scope Havelock – කොළඹ
PVR – කොළඹ
Ritz – බොරැල්ල
Amity Lite – මහරගම
Lite Cinema- හෝමාගම
Sky Light – මාළඹේ
Regal Cinema – මොරටුව
Maxx Lite – මොරටුව
Plaza Cinema – කළුතර
New Imperial – කුරුණෑගල
New Nanda – නිකවැරටිය
Samanala – මැල්සිරිපුර
Sarasavi – අලව්ව
Ruoo Cinema – කටුනායක
Royal Cinema – මීගටුව
Aqua Lite- මීගමුව
Shamrock – වෙන්නප්පුව
Nikado – කඩවත
Regal – ගම්පහ
CK Cinema – කිරිඳිවැල
Gamini – ඇහැලියගොඩ
New Champika – ඉංගිරිය
EDC – කැකිරාව
Milano – කෑගල්ල
KCC Multiplex – මහනුවර
Rex Cinema – බදුල්ල
Sky Lite 3D – මාතර
Ruhunu – තංගල්ල
Dulmini – හොරණ
HR Cinema – දික්වැල්ල
Written by Kavinu Weerakkody