මෙය Now You See Me හි අවසානයද?
සාමාන්‍ය Thriller චිත්‍රපටයකට සාපේක්ෂව Heist Thriller ගණයේ චිත්‍රපට සඳහා තරුණ රසිකයින්ගෙන් වැඩි ආකර්ෂණයක් සහ ඔවුන්ගේ වැඩි ජනප්‍රියත්වයක් තිබෙන බව නොරහසක්. ඒ නිසාම හොලිවුඩයෙන් බිහිවූ Heist Thriller චිත්‍රපට බොහෝමයක් ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වුනා. එවැනි චිත්‍රපට අතුරින් Now You See Me සිනමාපට මාලාව අදටත් සිනමාලෝලීන් අතර ප්‍රියතම නිර්මාණ ද්විත්වයක් ලෙසට හැඳින්වෙනවා.
2013 වසරේදී තිරගත වුනු Now You See Me පළමු සිනමාපටය, බොක්ස්-ඔෆිස් ආදායමින් සහ රසික ප්‍රසාදයෙන් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත්තා. ඇමරිකානු ඩොලර් මිලියන 70ක නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය කළ එම සිනමාපටය ඩොලර් මිලියන 300කටත් අධික ආදායමක් රැස් කරගත්තේ ලෝ පුරාම විසිරුනු හොලිවුඩ් සිනමා ලෝලීන්ගේ අවධානය දිනා ගනිමින්. ඉන්පසුව 2016 වසරේදී එහි දෙවන දිගහැරුම වන Now You See Me: The Second Act චිත්‍රපටයත් සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹුනා. එයද පළමු චිත්‍රපටයට නොදෙවෙනි ජනප්‍රියත්වක් ලබා ගත්තේ ඩොලර් මිලියන 350ක සාර්ථක ආදායම් වාර්තාවකුත් තමන් සතු කර ගනිමිනුයි.
Jesse Eisenberg, Mark Ruffalo, Woody Harrleson සහ Daniel Radcliffe වැනි ලෝක සිනමාවේ ජනප්‍රිය නලු නිළියන් රංගනයෙන් එක් වූ මෙම සිනමාපට මාලාව එකල හොලිවුඩයේ ප්‍රධානතම සම්මාන උළෙල ගණනාවකදී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
නොසිතූ අන්දමින් ලැබුනු ජනප්‍රියත්වය නිසාම, මෙහි තෙවන දිගහැරුම හෙවත් Now You See Me 3 ගැන චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් නිල නිවේදනයක් නිකුත් කළේ 2016 වසරේදී Now You See Me: The Second Act තිරගත වන්නටත් පෙරදීයි. මෙම චිත්‍රපට මාලාව සහ එහි සාර්ථකත්වය ගැන එතරම් විශ්වාසයක් ඔවුන් සතු වුනා.
2016දී දෙවන චිත්‍රපටයේ තිරගත වීම් අවසන් වූ පසුව, ඒ සමඟම තෙවන චිත්‍රපටයේ රූගත අරඹන්නට ඔවුන් සූදානම්ව සිටියත් විවිධ හේතූන් නිසා එය දිගින් දිගටම කල්ගියා. ප්‍රසිද්ධ හොලිවුඩ් නලු Benedict Cumberbatch ද තෙවන සිනමාපටයේ රංගනයෙන් එක් වන බවට මුලදී ප්‍රකාශ වුනා. වසර දෙකකට අධික කාලයක් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ඔවුන් අපොහොසත් වීම නිසා රසිකයින් පවා සිතුවේ Now You See Me 03 ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවටයි.
නමුත් 2020 වසරේදී Now You See Me චිත්‍රපට මාලාවේ හිමිකාරීත්වය හිමි Lionsgate සමාගම නැවත වතාවක් මේ ගැන සිය රසිකයින්ගේ අවධානය යොමු කළේ, Now You See Me 03 හි නවතම තොරතුරකුත් මාධ්‍යයට අණාවරණය කරමින්… තෙවන චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීමට Seth Grahame- Smithව තෝරාගත් බවට ඔවුන් රසිකයින්ට පැවසූ අතර ඒ වනවිට තිර පිටපත රචනය ආරම්භ කොට තිබෙන බවටත් දැනුම් දුන්නා.
Lego Batman, Dark Shadows ආදී නිර්මාණ ගණනාවක් රචනා කළ ඔහු IT, IT Chapter 02, Child’s Play වැනි ජනප්‍රිය චිත්‍රපටවල නිෂ්පාදකවරයා ද වනවා.
2020 වසරේදී සැලසුම් කළ එම තිර පිටපත් රචනය මේ වනවිට අවසන් වී තිබෙන අතර දැන් ඔවුන් සූදානම් වන්නේ හැකි ඉක්මනින්ම මෙහි රූගත කිරීම් පටන් ගැනීමටයි. 2022 වසර මුල සිටම Now You See Me 03 සඳහා එක් වන අධ්‍යක්ෂකවරයා ගැන විවිධ තොරතුරු හොලිවුඩ් ගොසිප් අඩවි තුළ පළවුනා. ක්ෂේත්‍රයේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරු ගණනාවක්ම මීට සම්බන්ධ කොට rumors පැතිරුනා.
නමුත් Now You See Me 03 හි අධ්‍යක්ෂකවරයා ගැන රසිකයින්ට නිල වශයෙන්ම දැනගන්නට හැකිවුනේ පසුගිය සැප්තැම්බර් මාසයේදී යි.
ඒ අනුව නවතම දිගහැරුම අධ්‍යක්ෂණය කිරීමට Lionsgate ආයතනයෙන් තෝරාගෙන තිබෙන්නේ Ruben Fleischerවයි. පළමු Now You See Me චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Louis Leterrier මෙම සිනමාපටය සඳහා යළිත් ගිවිසුම්ගත වුනු බව ආරංචි පැතිරී ගියත් පෞද්ගලික හේතුවක් නිසා ඔහු ඉන් ඉවත් වී තිබෙනවා.
Ruben Fleischerට අවස්ථාව හිමිව තිබෙන්නේ ඉන් පසුවයි. Zombieland සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු පසුව Gangster Squard සහ Zombieland: Double Trip ද අධ්‍යක්ෂණය කළා. ජනප්‍රිය මාවල් චිත්‍රපටයක් වන Venom හි අධ්‍යක්ෂකවරයා වන්නේත් ඔහුයි. රූබන්ගේ නවතම නිර්මාණය වූ Uncharted චිත්‍රපටයත් ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනිමින් මෙම වසර මුලදී තිරගත වූවා.
මුල් නිර්මාණවල රඟපෑ නලු නිළියන් පිරිස තෙවන සිනමාපටය සඳහා යළිත් එක්වන අතර මෙයින් පසුව Now You See Me චිත්‍රපට මාලාව නිල වශයෙන්ම අවසන් වනු ඇතැයි ද හොලිවුඩ් මාධ්‍ය සඳහන් කරනවා. මෙය නිෂ්පාදනය කරන්නේ Bobby Cohen සහ Alex Kurtzmanගේ එකතුවෙනි.
Written by Kavinu Weerakkody