රාණි (Raani) – රිචඩ් ද සොයිසාගේ අභිරහස් ඝාතනය හඳගමගේ ඇසින් සිනමාවට
මාධ්‍යෙව්දී රිචඩ් ද සොයිසාගේ අභිරහස් මරණය ඇසුරෙන් සිනමාවට නැඟුනු, රාණී (Raani) නවතම ලාංකීය සිනමාපටය දිවයින පුරා සිනමා හල් රැසකදී අති සාර්ථක අන්දමින් දැන් තිරගත වනවා.
මෙරට සිනමාවේ සිටින ප්‍රවීණ සහ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක වන ස්වර්ණා මල්ලවආරච්චි විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම සිනමාපටය අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයක්.
රාණි සිනමාපටයට පාදක වී තිබෙන්නේ මෙරට සිටි මාධ්‍යෙව්දියෙකු වූ රිචඩ් ද සොයිසා සහ ඇගේ මව වන මනෝරාණි සරවණමුත්තුගේ කතා පුවතයි. ප්‍රවෘත්ති නිවේදකයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙසින් ජනප්‍රියත්වයක් ලබා සිටි රිචඩ් ද සොයිසාව 1990 වසරේ පෙබරවාරි 18 වනදා අභිරහස් ලෙස ඝාතනයට ලක් වනවා. ඔහුගේ මළ සිරුර හමුවන්නේ ඊට පසු දින කොළඹ ප්‍රෙද්ශයේ වෙරළකට ගොඩ ගසා තිබිය දීයි.
එවකට පැවති රජයට එරෙහිව සිය මාධ්‍ය භාවිතය සිදු කිරීම නිසා ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කළ බවටයි කියැවෙන්නේ. සිය පුත්‍රයාගේ මරණයෙන් පසුව, ඔහුගේ අභිරහස් ඝාතනයට යුක්තිය සොයමින්, රිචඩ්ගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු විසින් සිය පුත්‍රයාගේ ඝාතකයින් සොයා ගැනීමට ඉතා වෙහෙසකර උත්සාහයක යෙදෙනවා.
රිචඩ්ගේ දේශපාලන සහ මාධ්‍ය ජීවිතයත්, ඔහුගේ මරණයෙන් පසුව යුක්තිය සොයා ගිය මනෝරාණි සරවණමුත්තුගේ වෙහෙසකර උත්සාහයත් රාණි (Raani) චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි. චිත්‍රපටයෙ හි ඇගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියයි.
රෙහාන් අමරතුංග විසින් රිචඩ් ද සොයිසාගේ චරිතයට පණ පොවනවා.
ලලිත් ඇතුලත්මුදලිගේ චරිතය සනත් ගුණතිලක විසිනුත්, මහින්ද රාජපක්ෂගේ චරිතය බිමල් ජයකොඩි විසිනුත්, මංගල සමරවීරගේ චරිතය අශාන් ඩයස් විසිනුත්, රණසිංහ ප්‍රේමදාසගේ චරිතය ප්‍රියන්ත ලලිත් විසිනුත් නිරූපණය කරනවා.
මයුර කාන්චන – රිතිකා කොඩිතුවක්කු – ගිහාන් ප්‍රනාන්දු – සජිත ඇන්තනි – අනුසුයා සුබසිංහ – කින්ග් රත්නම් – සම්පත් ජයවීර – නලින් ලුසේනා සමඟින් සෞම්‍ය ලියනගේ වැනි ජනප්‍රිය නලු නිලියන් රැසකුත් මෙහි සහාය චරිත සඳහා රංගනයෙන් එක්වනවා.
රාණි (Raani) සිනමාපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත් රචනය සිදු කළේ ද අශෝක හඳගමයි. ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු වන ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 11වන චිත්‍රපටය මෙයයි. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් සහ රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් එක් වන මෙය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කළා.
රාණි සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Kaththi, Ponniyin Selvan, 2.0 වැනි දැවැන්ත ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනය කළ Lyca Productions වෙනුවෙන් අල්ලිරාජාහ් සුබාස්කරන් විසිනි.
Regal, Savoy, Lite Cinemas ඇතුලු දිවයින පුරා සිනමා හල් විශාල ප්‍රමාණයකදී ඔබට දැන් රාණි සිනමා සිත්තම නැරඹිය හැකියි!
Written by Kavinu Weerakkody