රොබෝවරියක හා පෙමින් බැඳෙන විද්‍යාඥයෙක්!
ස්වතන්ත්‍ර නිර්මාණවලට සහ තරුණ සිනමාකරුවන්ට නිසි අවධානයක් ලබා නොදී, තරු පවුල්වල (Star Kids) සාමාජිකයින් සහ වෙනත් භාෂාවල ප්‍රතිනිර්මාණවලට නිරන්තර අවස්ථාවන් ලබා දෙන්නේ ඇයි දැයි යන්න පසුගිය කාලය පුරාවටම බොලිවුඩ් සිනමා කර්මාන්තයට එල්ල වී තිබුනු ප්‍රශ්නාර්ථයක්. රසිකයින් විසින් මෙම ගැටළුව මතු කළේ, තරුණ නිර්මාණකරුවන්ගේ ගුණාත්මක තිර පිටපත්වලට අවස්ථා ලබා නොදී බොලිවුඩයේ ප්‍රධාන නිෂ්පාදන ආයතන සියල්ලම පාහේ දකුණු ඉන්දියානු remakesවලට මුල් තැන ලබා දීම නිසායි.
බොලිවුඩයේ බොහෝමයක් ප්‍රධාන නිෂ්පාදන ආයතන අඩු මුදලකට ලබා ගත් remake rights මඟින් දිගින් දිගටම වෙනත් භාෂාමය චිත්‍රපට හින්දියට ප්‍රතිනිර්මාණය කළත්, Dinesh VIjayanගේ Maddock Films චිත්‍රපට නිෂ්පාදන ආයතනය මුල සිටම ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ඔවුන් සැමවිටම පාහේ තරුණ අධ්‍යක්ෂකවරුන්ගේ original scripts සඳහා අවස්ථාවන් ලබා දුන් අතර ඒ හරහා නවකයින් විශාල ප්‍රමාණයකට හින්දි සිනමා ක්ෂේත්‍රයට ඇතුල් වීමටත් අවස්ථාව උදා වුනා.
Raabta (2017) හින්දි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Dinesh Vijayan හිමිකාරීත්වය දරන මෙම Maddock Films සමාගම වර්තමාන බොලිවුඩයේ තිබෙන ප්‍රධානම සිනමා නිෂ්පාදන ආයතන අතුරින් එකක්. Badlapur, Hindi Medium, Stree, Mimi, Love Aj Kal වැනි අතිශය ජනප්‍රියම චිත්‍රපට සියල්ලම නිෂ්පාදනය කළේ මෙම Maddock Films ආයතනය හරහායි. සැමවිටම පාහේ එකිනෙකට විවිධත්වයක් සහිත චිත්‍රපට නිර්මාණය කිරීමත්, තිර පිටපතේ ගුණාත්මකබාවය පිළිබඳව සැලකිලිමත් වීමත් නිසා මේ වනවිට Maddock Films වටා ඊටම අනන්‍ය වූ ප්‍රේක්ෂකාගාරයක් බිහිවී තිබෙනවා.
මෙම වසර මුලදී නිකුත් වූ Dasvi (2022) හින්දි සිනමාපටයෙන් පසු ඔවුන් විසින් නිෂ්පාදනය කරන තවත් දිගු වෘතාන්ත සිනමාපටයක වැඩ කටයුතු දැන් ඇරඹී තිබෙනවා. Romantic Comedy චිත්‍රපටයක් වුවත්, මෙය මින් පෙර හින්දි සිනමාව තුළින් නොදුටු අන්දමේ Rom Com නිර්මාණයක් බවයි පැවසෙන්නේ. එනම් මෙම චිත්‍රපටයට පාදක වන්නේ රොබෝවරියක් සහ මනුෂ්‍යයෙකු අතර සිදු වන සිද්ධි දාමයක්! ඔහු සහ එම රොබෝවරිය අතර හටගන්නා ආදර සම්බන්ධතාවයක් පාදක කරගෙන නිර්මාණය වන මෙය Robot Rom-Com ගණයේ චිත්‍රපටයක් බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ.
මෙහි ප්‍රධාන චරිත ද්විත්වය සඳහා එක්වන්නේ අද බොලිවුඩයේ ජනප්‍රියම නලු නිළියන් දෙපළක් වන Shahid Kapoor සහ Krithi Sanon දෙදෙනායි. ෂාශිඩ් කපූර් විසින් නිරූපණය කිරීමට නියමිතව තිබෙන්නේ රොබෝ තාක්ෂණික ආයතනයක සේවය කරන රොබෝ විද්‍යාඥයෙකුගේ චරිතයකුයි. ඔහු හා පෙමින් බැඳෙන රොබෝවරියගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී Kriti Sanon විසිනුයි. ශාහිඩ් සහ ක්‍රිති මින් පෙර කිසිදු චිත්‍රපටයක එක්ව රඟපා නැහැ. මේ ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වන පළමු සිනමා නිර්මාණයයි.
රංගන ශිල්පිනී Kriti Sanon අවසන් වරට සම්බන්ධ වූ Mimi සහ Hum Do Hamare Do සිනමාපට ද්විත්වය නිෂ්පාදනය කළේද දිනේෂ් විජයන් වීමත් විශේෂත්වයක්. එමෙන්ම Mimi චිත්‍රපටයේ ඇය දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් “හොඳම නිළියට හිමි Filmfare සම්මානය” දිනා ගැනීමටත් Kriti Sanonට හැකියාව ලැබුනා. ඒ ඇය හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයක් දිනා ගත් පළමු අවස්ථාවයි.
මෙම චිත්‍රපටය Amit Joshi විසින් අධ්‍යක්ෂණය කරන අතර තිර පිටපත රචනා කර තිබෙන්නේ ද ඔහුයි. කලකට පෙර ඉන්දියාවේ කතාබහට ලක්වූ Trapped නැමැති සිනමාපටයත්, මෑතකදී රසිකයින්ගේ ආකර්ෂණය දිනා ගත් Babli Bouncer සිනමාපටයත් ඔහු විසින් රචනා කළ නිර්මාණයි. ඊට අමතරව ඉදිරියේදී නිකුත් වීමට නියමිත Santosh Sivanගේ Mumbaiker සහ India Lockdown චිත්‍රපට ද්විත්වයටත් ඔහු තිර පිටපත් රචනයෙන් එක්වී තිබෙනවා.
Amit Joshi විසින් සිය පළමු වෘතාන්ත සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබුනේ 2020 වසරේදී වුවත්, විවිධ හේතූන් නිසා එය අතරමඟ නතර වුනා. මේ ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මෙහි වැඩ කටයුතු අවසන් වීමෙන් පසුව බොලිවුඩ් නලු Vikrant Massey රඟන සිනමාපටයකුත් ඔහු විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි.
චිත්‍රපටයේ වෙනස් බව නිසාම මෙහි රූගත කිරීම් ඇරඹීමට පෙර Shahid සහ Kritiගේ සහභාගීත්වයෙන් රංගන පුහුණුවීම් කිහිපයකුත් පසුගියදා පවත්වා තිබෙනවා. රූගත කිරීම් මෙම නොවැම්බරයේදී ආරම්භ වන අතර එළඹෙන වසරට පෙර සියලුම දර්ශන රූගත කොට අවසන් කරන්නටයි නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කරන්නේ. ඉන්දියාවට අමතරව යුරෝපීය රටවල් කිහිපයක් ද මේ සඳහා යොදා ගැනීමට නියමිතයි.
රොබෝ තාක්ෂණික කතා තේමාවක් වටා නිර්මාණය වන නිසා මෙහි නිෂ්පාදන පිරිවැයද Meddock Films හි පෙර චිත්‍රපටවලට වඩා අධික විය හැකි බවට ඉන්දීය මාධ්‍ය පවසනවා. එමෙන්ම සාමාන්‍ය චිත්‍රපටයකට සාපේක්ෂව වඩා වැඩි VFX දර්ශන ගණනාවක්ම මීට ඇතුළත් වනවා. බොහෝදුරට චිත්‍රපටයේ පරිගණක සජීවීකරණ දර්ශන සඳහා ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන Red Chilies VFX කණ්ඩායම සම්බන්ධ වනු ඇති. චිත්‍රපටයේ කතා තේමාව ගැන වැඩිදුර විස්තරයක් අණාවරණය වී නැතත්, මෙම ශානරයෙන් බොලිවුඩය තුළ නිෂ්පාදනය වන පළමු සිනමාපටය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. එමෙන්ම, Meddock Films බැනරය යටතේ දිනේෂ් විජයන් නිෂ්පාදනය කරන දැවැන්තම romantic සිනමාපටයත් මෙය විය හැකියි.
Written by Kavinu Weerakkody