ලාංකික සිනමා රසිකයින්ට ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක අත්දැකීමක්!

Avatar Kavinu Weerakkody | November 28, 2024 42 Views 0 Likes 0 Ratings

42 Views 0 Ratings Rate it

“කලාකරුවා මහජන බුද්ධිමතෙකු ලෙස… ආචාරධාර්මික අන්තර්ජාතික මාධ්‍ය (පර්යේෂණ) සහයෝගීතාවයේ පරිකල්පනීය අනාගතයට” යන තේමාව ඔස්සේ පැවැත්වෙන මාර්ගගත (online) කෙටි චිත්‍රපට දැක්මක් මෙම නොවැම්බර් 28 සහ 29 දෙදින තුළදී පැවැත්වෙනවා.

මහා බ්‍රිතාන්‍යෙය් Bournemouth විශ්ව විද්‍යාලය, ඝානා රාජ්‍යෙය් KNUST විශ්ව විද්‍යාලය, උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලය, කැනඩාවේ Kings University වැනි විශ්ව විද්‍යාලවල පර්යේෂණ කණ්ඩායම් එකතුවක් මේ සඳහා එක්ව සිටින අතර UKRI-HEIF අරමුදල් සහිතව මෙම වැඩසටහනය සංවිධාන කර තිබෙනවා.

අන්තර්ජාතික මාධ්‍ය පර්යේෂණවල ආචාර ධර්ම කෙරෙහි අවධානය යොමු කරන ජාලයක් වන මාධ්‍ය විජිතකරණ පරිකල්පන සංවර්ධන සංසදය (DMDI) විසින් තවත් රටවල් කිහිපයක් එකාබද්ධ කරමිනුයි, මේ වැඩසටහන සංවිධාන කෙරෙන්නේ…

මෙම ජාලය විශ්ව විද්‍යාල තුනක් සහ විද්වතුන්, කලාකරුවන් සහ මාධ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන අතර එය මෙහෙයවනු ලබන්නේ එක්සත් රාජධානියේ Bournemouth විශ්වවිද්‍යාලයේ CESJ මධ්‍යස්ථානය සහ Ghana හි Kwame Nkrumah University of Science and Technology (KNUST), බංග්ලාදේශයේ ලිබරල් කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ලංකා සිනේ මීඩියා ආයතනය සහ නයිජීරියාවේ Wole Soyinka ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව (WSICE) ඇතුළු හවුල්කරුවන් සමඟිනුයි.

ටෝනි මොරිසන් (1987) විසින් නිර්වචනය කරන ලද “මතකය” යන සංකල්පය යන්න පාදක කරගෙන කලාකරුවා මහජන බුද්ධිමතෙකු ලෙස අතීතය දෙස නැවත බැලීම සහ නැවත සිතීම හරහා සමාජය සුවපත් කිරීමට, පරිකල්පනය පුළුල් කිරීමට සහ නව්‍යකරණයට තමාගේ කලාවන් භාවිතා කරන්නේ කෙසේදැයි යන්න මෙහිදී ප්‍රමුඛව ගවේෂණයට ලක්වනවා..

ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් මෙම වැඩසටහනට සම්බන්ධ වූයේ නයෝමි අප්සරා යි.

මෙම චිත්‍රපට අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එකතුවන්නේ ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ Deferred (2024) නැමැති කෙටි චිත්‍රපටයයි. DMDI සහයෝගයෙන් නිර්මාණය කළ මෙම කෙටි චිත්‍රපටය, මේ සඳහා ඉදිරිපත් වූයේ “Deferring that Unconditional Admission Offer” යන තේමාව යටතේ යි.

තම සහකරු හෝ සහකාරිය එක්සත් රාජධානියට රැගෙන ඒම වළක්වන නව සංක්‍රමණ ප්‍රතිපත්ති හේතුවෙන්, අධ්‍යාපනික වශයෙන් සාර්ථක තරුණියන්ට එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා අහිමි වී යන පසුබිමක, මෙම නව නීති නිසා ඔවුන්ට අධ්‍යාපනික අරමුණු සහ පවුල් බැඳීම් අතුරින් එකක් තෝරා ගැනීමට සිදුවන කටුක යථාර්ථයට මුහුණ දීමට සිදුවනවා.
ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ Deferred කෙටි චිත්‍රපටය දිවෙන්නේ ද එවැනි දුක්බර අවස්ථාවක් වටායි.

ලංකා බණ්ඩාරනායක මීට පෙරද සම්මානිත චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ අතර දැන් ඇය එංගලන්තයේ Bournemouth විශ්වවිද්‍යාලයෙන් සිනමාව සම්බන්ධයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කොට තිබෙනවා.

චිත්‍රපට ප්‍රදර්ශනයට අමතරව දේශන, සංවාද, චිත්‍රපට දර්ශන, කවි කියවීම්, වේදිකා නාට්‍යයක්, සංගීතය, පොත් කියවීම් සහ ඡායාරූප ප්‍රදර්ශනයක් ද මෙම වැඩසටහනට ඇතුළත් වනවා.

චිත්‍රපට ප්‍රදර්ශනයේ කාල සටහන සඳහා:
https://www.eventbrite.co.uk/e/the-artist-as-public-intellectual-tickets-1083086885029?aff=oddtdtcreator&_gl=1*fvgmbl*_up*MQ

Zoom සබැඳියට පිවිසීම සඳහා:
https://bournemouth-ac-uk.zoom.us/j/86258488450?pwd=wviTiqnI6emF85GF5QzROXVVeuWsJt.1

Share

42 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.