“සහෝ” චිත්‍රපටය හැදෙන්නේ මෙහෙමයි
“සහෝ” – මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුනේ ටික කලකට පෙර. නමුත් හදිසියේ රට මුහුණදුන් වසංගත තත්වයත් එක්ක චිත්‍රපටයේ රූගත කිරීම් වලටත් යම් යම් බාධා ඇතිවී තිබෙනවා. කෙසේ නමුත් මේ වෙනකොට “සහෝ” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කොට තිබෙන බවයි පැවසෙන්නේ.
මේ චිත්‍රපටයට පදනම් වෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතය. ආදරය, විරහව, ත්‍රාසය මේ සියලු දේ “සහෝ” චිත්‍රපට කතාව ඇතුලට එක්ව තිබෙනවා. චිත්‍රපටයේ පිටපත සහ අධ්‍යක්ෂණය මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් සිදුකළා. චන්දන ජයසිංහගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, සරත් සේනාරත්නගේ සහය අධ්‍යක්ෂණයෙන් යුතුවයි මේ චිත්‍රපටය නිමැවෙන්නේ. ඉලේකා රුවන්පතිරණ චිත්‍රපටයට විධායක නිෂ්පාදනයෙන් දායක වුනා. තරුපති මුණසිංහගේ සංගීතයට ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේඛා නිර්මාණි ගීත ගායනයට එක්ව තිබෙනවා. වේශ නිරූපණයෙන් ලක්ෂික සංකපාල ජයකොඩි සහ ඇඳුම් නිර්මාණයෙන් මනෝරි චන්ද්‍රදාස චිත්‍රපටය වර්ණ ගැන්වුවා. මෙහි කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංකගෙන්. දසුන් පතිරණ, දිනාරා පුංචිහේවා, බියංක අමරසිංහ, හර්ෂි අන්ජුමලා ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා.
චිත්‍රපටය රූගත කෙරුනු ආකාරය, එහි නිශ්චල ඡායාරූප ශිල්පී ධම්මික පතිරගේගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසින්.
Written by Nisanka Weheraduwa