සූරියා සිවකුමාර් – දමිළ සිනමාවෙන් බොලිවුඩයට
පසුගිය කොවිඩ් සමයේදී ඉන්දියාව පුරා සිනමා ශාලා වැසී යාමත් සමඟ, එරට රසිකයින්ට චිත්‍රපට නැරඹීමට අවකාශය උදා වුනේ OTT platforms හරහා පමණයි. ඉන්දියානු ප්‍රාන්තීය සිනමාවන් ගණනාවක නවතම චිත්‍රපට මෙම OTT platformsවලට නිකුත් වීමත් සමඟ, වැඩි අසීරුතාවයෙන් සහ භාෂා විවිධත්වයකින් තොරව ඉන්දියාව පුරාම විසිරී තිබෙන සිනමා සංස්කෘතීන් රස විඳීමට එරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වුනා.
එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්ත අතර තිබුනු පරතරය ද සැලකිය යුතු තරමේ අඩුවීමක් දක්නට ලැබුනා. කෝවිඩ් කාලය තුළ දකුණු ඉන්දියානු නලු නිළියන් උතුරු ප්‍රදේශවල ලබාගත් ජනප්‍රියතාවය සහ උතුරු ඉන්දියානු බොලිවුඩ් නලු නිළියන් දකුණු ඉන්දියාව තුළ ලබාගත් ජනප්‍රියතාවය, සිනමා ක්ෂේත්රය තුළ ඔවුන්ගේ ස්ථාවරත්වය කෙරෙහි ද විශාල බලපෑමක් සිදු කළා.
කෝවිඩ් වසංගත සමයෙන් පසුව දකුණු ඉන්දියාව තුළ එතෙක් කාලයක් තම චිත්‍රපට ප්‍රදර්ශනය නොකළ රංගන ශිල්පීන් පවා චිත්‍රපට මුදාහැරි අතර උතුරු ඉන්දියානු කලාපය තුළත් වෙනදාට වඩා වැඩි දමිළ – තෙළිඟු – මලයාලම් චිත්‍රපට ප්‍රමාණයක් තිරගත වීම ඇරඹුනා.
පසුගිය වසර කිහිපය තුළ තිරගත වුනු බොලිවුඩ් සිනමාපට ගණනාවකටම දකුණු ඉන්දියානු නලු නිළියන් රංගනයෙන් සම්බන්ධ වූ අතර ඔවුන්ට චිත්‍රපටයේ වැඩි ධාවන කාලයකුත් ලබා දීමේ ප්‍රවණතාවයක් ඇති වුනා. අවසානයට තිරගත වුනු සල්මන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය වන Kisi ka Bhai – Kisi Ki Jaan (2023) චිත්‍රපටය තුළ ප්‍රසිද්ධ තෙළිඟු නලුවන් දෙදෙනෙකු වන වෙන්කටේෂ් සහ රාම් චරන් රංගනයෙන් එක්වීම ඊට හොඳම නිදසුනක්…
මේ ආකාරයෙන් දකුණු ඉන්දියාවේ තමන්ගේ ප්‍රාන්තය තුළ රඟපෑ සිනමා නිර්මාණ ගණනාවකට පසුව, උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාවට පය තබන්නට තවත් ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු රංගන ශිල්පියෙකුට අවස්ථාවක් ලැබී තිබෙනවා.
ඒ තමිල්නාඩුව මුල් කරගත් දමිළ චිත්‍රපට කර්මාන්තයේ වර්තමාන පරපුර නියෝජනය කරන දැවැන්ත – දක්ෂ සිනමා තරුවක් වන Suriya Sivakumar (සූරියා සිවකුමාර්) හටයි.
සූරියා සිවකුමාර් වර්තමාන තමිල්නාඩුවේ සිටින රසික ආකර්ෂණය ඉහළම නලුවෙකු වගේම එකිනෙකට වෙනස් නැවුම් චරිත හරහා සිය රසිකයින්ට සමීප වීමට උත්සාහ දරන චරිතාංග රංගන ශිල්පියෙක්. Singam – Anjaan – Etharkkum Thunindhavan – 24 වැනි ක්‍රියාදාම දර්ශන පිරුනු ජනප්‍රිය ධාරාවේ වාණිජ සිනමාපට වගේම, Ghajini – Jai Bhim – NGK – Soorarai Pottru වැනි family audience පාදක නොවුනු content based සිනමාපට රාශියකටම සූරියා රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
1997 වසරේදී “Nerrukku Ner” සිනමාපටය හරහා රංගනයට පිවිසෙන ඔහු දශක දෙකකට අධික කාලයක් තිස්සේ මේ වනවිට රඟපෑ ඇති දමිළ චිත්‍රපට සංඛ්‍යාව 40කට අධිකයි. ඔහුගේ සිනමා ජීවිතයේ අතිශය සාර්ථක මෙම පළමු රංගන පරිච්ඡේදයෙන් පසු, සූරියා සිවකුමාර් බොලිවුඩ් සිනමාවට පය තබන්නට සූදානම් වන්නේ අධ්‍යක්ෂක Rakeysh Omprakash Mehra සමඟිනුයි.
ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය කිරීමට යන මෙම හින්දි චිත්‍රපටයත් සුලු පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන, සාමාන්‍ය අන්දමේ හින්දි චිත්‍රපටයක් නම් නොවෙයි. මෙම චිත්‍රපටයට පාදක කර ගන්නේ ඉන්දියානු සාහිත්‍යයේ එන ජනප්‍රියතම දේව පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන ‘මහාභාරතය’යි.
මහාභාරතයේ සඳහන් වන සූර්යපුත්‍ර නැමැති දේව පුරාවෘත්තය ආශ්‍රය කරගෙන නිපදවෙන මෙම දැවැන්ත හින්දි චිත්‍රපටය නම් කර තිබෙන්නේ “Karna” නමිනුයි.
Karna හි ප්‍රධාන භූමිකාව වන සූර්යපුත්‍රගේ චරිතයට සූරියා විසින් පණ පොවන අතර බොලිවුඩයේ සහ කොලිවුඩයේ ප්‍රධාන ධාරාවේ නලු නිළියන් රැසක්ම ඉතිරි චරිත සඳහා රංගනයෙන් දායක වීමට නියමිතයි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Rakeysh Omprakash Mehra වසර පහළොවක පමණ කාලයක් හින්දි සිනමාව තුළ ක්‍රියාකාරීව සිටියත් ඔහු මේ දක්වා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බොහොම සීමිත චිත්‍රපට සංඛ්‍යාවක් පමණයි. Delhi 6 – Toofan – Bhaag Milka Bhaag යනාදිය ඔහුගේ ජනප්‍රිය සිනමාපටයි. 2006 වසරේදී ඇකඩමි (Oscars) සම්මානය සඳහා ඉන්දියාවෙන් තෝරාගත් නිල චිත්‍රපටය වූයේ ද ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වන “Rang De Basanti” නිර්මාණයයි.
මෙම Karna සිනමාපටයේ දැවැන්ත බව සහ ඊට පාදක කරගන්නා පුරාවෘත්තයේ දීර්ඝබාවය නිසා මෙය කොටස් දෙකකට නිෂ්පාදනය කරන්නටයි අධ්‍යක්ෂකවරයා සැලසුම් කරමින් සිටින්නේ. විශේෂයෙන්ම මෙය දිගු කාලයක් තිස්සේ ඔහු අධ්‍යක්ෂණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් වන නිසා මුලු කතාවම එක් සිනමාපටයකට ගොනු කරමින්, තමන්ගේ සිතේ මතුව තිබෙන Mahabharat අදහස සීමා කරගන්නට ඔහු සූදානම් බවක් පෙනෙන්නට නැහැ.
ඇස්තමේන්තු ගත කර තිබෙන ආකාරයට සමස්ත සිනමාපට දෙක සඳහාම වැයවන පිරිවැය ඉන්දියානු කෝටි 200කට ආසන්න විය හැකියි. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෆර්හාන් අක්තර් සහ රිතේෂ් සිධ්වානිගේ Excel Entertainment ආයතනයේ මූලිකත්වයෙනි.
දැනට වාර්තා වන පරිදි චිත්රපටය් කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස ගිවිසුම්ගත වී තිබෙන්නේ ඉන්දියාවේ සිටින ප්රවීණතම කැමරා අධ්‍යක්ෂකවරයෙකු වන Ravi Varmanයි. Anniyan – Sanju – Jagga Jasoos – Barfi වැනි නිර්මාණ රැසක කැමරාව හැසිරවූ ඔහු මෑතකදී තිරගත වුනු, මනිරත්නම්ගේ Ponniyin Selvan දමිළ චිත්‍රපට ද්විත්වයටත් සම්බන්ධ වූවා.
තිර පිටපත අවසන් කර පෙර නිෂ්පාදන කටයුතු නිමා කළ පසු, එළඹෙන 2024 වසරේ ජූනි මාසය පමණ වනවිට Karna හි රූපගත කිරීම් ඇරඹෙන අතර ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මෙහි දර්ශන තල ඉදි කිරීමට නියමිතයි. චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග සහ VFX දර්ශන සඳහා හොලිවුඩයේ ප්‍රධාන ස්ටුඩියෝවක් එකතු කරගැනීමට මේ දිනවල සාකච්ඡා කරමින් තිබෙනවා.
දමිළ නලු සූරියා මේ දිනවල සිටින්නේ තම අලුත්ම චිත්‍රපටය වන Kanguva දර්ශන තලයේ යි. Kanguva චිත්‍රපටයෙන් පසු ඔහු වෙට්රිමාරන්ගේ Vaadivasal සහ Sudha Konaraගේ (Sorarai Pottru අධ්‍යක්ෂිකා) නවතම චිත්‍රපටයට එකතු වීමට නියමිතයි.
ඊට අමතරව ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන Rolex දමිළ සිනමාපටයත් සූරියාගේ ඉදිරි නිර්මාණ අතරෙ හි දක්නට ලැබෙනවා.
Written by Kavinu Weerakkody