හසන්තගේ “Mutton” හොඳම කෙටි චිත්‍රපටය ලෙස ජාත්‍යන්තර ඇගැයුමට.
රටවල් 197ක කෙටි චිත්‍රපට 7000කට අධික ප්‍රමාණයක් අභිබවමින්, ජාත්‍යන්තරව සම්මානයට පාත්‍ර වූ ලාංකීය කෙටි චිත්‍රපටයක් පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. Mutton ලෙසින් හැඳින්වූ ඒ ලාංකීය කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබුණේ හසන්ත දිසානායක නම් තරුණ නිර්මාණකරුවා විසිනුයි. හසන්ත දිසානායක මීට පෙර අවස්ථා ගණනාවකදීත් ජාත්‍යන්තර වශයෙන් ඇගයුමට පාත්‍ර වූ කෙටි චිත්රපටකරුවෙක්. ඔහුගේ නවතම නිර්මාණය වුණු Mutton කෙටි චිත්‍රපටය මේ ජයග්‍රහණය ලැබුවේ තුර්කියේ 07වැනි Sakarya International Film Festival හිදීයි. Sakarya International Film Festival තුර්කියේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලක්. Sakarya විශ්ව විද්‍යාලය විසින් සංවිධාන කරන මීට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ තුර්කියේ සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශයයි. Mutton කෙටි චිත්‍රපටය එහි ජයග්‍රහණය ලැබූයේ Best Insternational Short Movie කාණ්ඩය යටතේ හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය බවට ලෙසයි.
හසන්ත දිසානායක කැළණයේ විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්යයානංශයේ ශිෂ්‍යයෙකු වන අතර Mutton නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ විශ්ව විද්‍යාල අවසන් වසර නිෂ්පාදනය ලෙසිනි. ලෝ ප්‍රකට ගත් කතුවරයෙකු වන රෝල් ඩාල්ගේ Lamb to the Slaughter කෙටි කතාව පාදක කර ගනිමින් නිර්මාණය කර තිබෙන මේ කෙටි චිත්‍රපටය විනාඩි 12ක ධාවන කාලයකින් යුතු වනවා. අධ්‍යක්ෂණය වගේම තිර පිටපත රචනා කර තිබෙන්නේ ද හසන්ත විසින්මයි.
මීට පෙරත් අන්තර්ජාතික සිනමා තරඟාවලි කිහිපයක් සඳහා Mutton කෙටි චිත්‍රපටය එකතු වී තිබෙනවා.
Druk International Film Festival – භූතානය
International Moving Film Festival – ඉරානය
Falcon International Film Festival – ඉන්දියාව
Madras Film Festival – ඉන්දියාව
Bayelsa International Film Festival – නයිජීරියාව
Sakarya සිනමා උළෙලට පෙර භූතානයේ DRUK සිනමා උළෙලේදීත් සම්මාන ද්විත්වයක් දිනාගන්නට Mutton සමත් වුනා. DRUK සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කරමින් හොඳම ශිෂ්‍ය චිත්‍රපටය (any length) බවට පත් වූ එය කැමරාකරණය සඳහා වන විශිෂ්ට කුසලතා සම්මානයකුත් ජයග්‍රහණය කළා. රංගන ශිල්පිනී නදීශානි පේළිආරච්චිගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුණු Mutton හි සංගීත අධ්‍යක්ෂණය මියුරු සංගීත් විසින් සිදුකොට තිබෙනවා. කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් චින්තක බණ්ඩාර කටයුතු කළ අතර සංස්කරණය අනුර බණ්ඩාර අතින් සිදුව තිබෙනවා.
Cast
Nadeeshani Peliarachchi
Malaka Vithanage
Harindu Senanayake
Hashen Achinthya
Supervision – Lec. Prabhath Agampodi
Screenplay and Director – Hasantha Dissanayake
Director of Photography – Chinthaka D Bandara
Editor – Anura Bandara
Colorist – Ananda Bandara
Music Director – Miyuru Sangeeth
Sound Designer – Sasika Ruwan Marasinghe
Line Producer – Asitha Karunarathne
Production Manager – Tharanga D Gamage
Assistant Director – Sonduru Lokupothagama
Makeup Artist – Lakmal Imaduwa
Art Director – Ravishanka Gamage
Costume Designer – Pasindu Kariyakaranage
Sound Recordist – Nipuna Fernando
Camera Assistant – Jagath Susantha
Gaffer – Dinuka Chathuranga
2nd Assistant Director – Sankha Ranaweera
Wardrobe and Costume Assistant – Janani Praharsha
Assistant Sound Recordist – Chamoda Jayaruwan
Still Photographer – Minindu Vithanage
Lighting Assistant – Akesh Louvi
Grip Assistant – Waruna Pramuditha
Equipment – Finevision group
Sakarya චිත්‍රපට උළෙලේ ජයග්රහණයෙන් පසු හසන්ත දිසානායකට තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ ආරාධනාවක් කර තිබූ අතර දෙරට සිනමාවේ වර්ධනය පිළිබඳව බොහෝ තොරතුරු හුවමාරු කරගත් බවත් ඔහු පවසනවා. මෙම අවස්ථාව තුළින් ලාංකීය සිනමාකරුවන්ට තුර්කි සිනමාව හා නව සබඳතා ඇරඹීමට හැකි බවයි ඔහු අදහස් කරන්නේ. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් රිස්වි හසන් මහතා විසින් කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයට විශේෂ ත්‍යාගයක් පරිත්‍යාග කළ බවත් හසන්ත විස්තර කළා. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හසන්ත දිසානායක, මීට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති කෙටි චිත්‍රපට තරඟාවලියකදී ලෝකයේ ජනප්‍රියතම කෙටි චිත්‍රපටයට හිමි සම්මානයක්ද දිනා තිබෙනවා.
Written by Nisanka Weheraduwa