හොලිවුඩය ජයගත් ලංකාවේ පළමු රූ රැජින දිවි ගමනින් සමු ගනී

Avatar Kavinu Weerakkody | July 1, 2025 61 Views 0 Likes 5 On 1 Rating

61 Views 5 On 1 Rating Rate it

මෙරට සිටි ජනප්‍රිය නිරූපන ශිල්පිනියක, රූ රැජිනියක වගේම ලංකාවෙන් හොලිවුඩයට ගිය ජනකාන්ත රංගන ශිල්පිනියක වූ “මොරීන් හින්ගර්ට්” මහත්මිය මීට සුලු මොහොතකට පෙර දිවි ගමනින් සමුගෙන තිබෙනවා.

1955 වසරේදී මෙරට Miss Ceylon රූ කිරුළ දිනා ගත්තේ ඇයයි. ඉන් අනතුරුව 1955 වසරේදීම ලංකාව නියෝජනය කරමින් Miss Universe තරඟාවලියටත් ඇය සහභාගී වුනා.
එහිදී රටවල් ගණනාවක් පරාජය කරමින් 2nd Runner Up අනුශූරතාව දිනා ගන්නටත් මොරීන් හින්ගර්ට් වාසනාවන්ත වුනා.

එවැනි ජාත්‍යන්තර කිරුළකට හිමිකම් කී ප්‍රථම ශ්‍රී ලාංකික යුවතිය ලෙසටත් ඇය ඉතිහාසගත වනවා.

ඇය හොලිවුඩ් සිනමාවට පා තබන්නේ The King and I චිත්‍රපටය තුළිනුයි.

Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo සහ The Rawhide Trail වැනි තවත් හොලිවුඩ් සිනමාපට රැසක් මොරීන් හින්ගර්ට්ගේ රංගනයෙන් හැඩ වුනා.

අද උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී දිවි ගමනින් සමු ගත් ඇය මිය යන විට 88 වියෙ හි පසු වුනා.

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර සිනමාවට එකතු කළ ඔබට සුබ ගමන්!!

Maureen Hingert
1937 – 2025

Share

61 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.