යුරේනි – දේවා – මහේන්ද්‍ර රඟන වරල් (FIN) රූගත කිරීම් ළඟදීම

Avatar Kavinu Weerakkody | January 8, 2026 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

යුරේනි නොෂිකා – මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් එක්වන, සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කරන, “වරල් (FIN)” සිංහල සිනමාපටයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

එමලී චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ ෆයිසල් දේවා මෙහි ප්‍රධාන චරිතය රඟපාන අතර පාලිත සිල්වා ඇතුලු තවත් ජනප්‍රිය නලු නිලියන් රැසකුත් රංගනයෙන් එක්වනවා.

වරල් සිනමාපටයේ කතාව දිවෙන්නේ මහමුහුදේ කිසිවෙකුට ඇස නොගැටී සිදුවන ජීවී මංකොල්ලයක් ගැනයි.

මීට පෙර සම්පත් ශ්‍රී රෝෂන් විසින් ජූලියා සිනමාපටය අධ්‍යක්ෂණය කල අතර ඉදිරියේදී තිරගත වීමට නියමිත එමලී සිනමාපටයත් ඔහුගේම නිර්මාණයක්.

වරල් තිර පිටපත රිහාන් රවීන්ද්‍ර විසිනි. රංග එස් බණ්ඩාර කැමරාකරණයෙන් සහ පියතිස්ස අකුරංබොඩ කලා අධ්‍යක්ෂණයෙන් එක්වනවා.

වේෂ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක සහ සහාය අධ්‍යක්ෂණයෙන් සරත් සේනාරත්න එකතු වන මෙහි සංගීතය රංග දිසානායකගෙනි.

වරල් Pixel Dots හි ඉදිරිපත් කිරිමකි.

Share

36 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.