5සමත් ළඟදීම ඔබේ නගරයේ සිනමා ශාලාවට
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ තෙවැනි සිනමාපටය 5 සමත් ළඟදීම තිරගත වීමට නියමිතයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දක්ෂ දරුවකු වටා ගෙතුනු අපුරු කතාවක් මේ සිනමාපටය හරහා ගෙන එනවා. රසික සුරවීර ආරච්චි මේ චිත්‍රපටයට තිර රචනයෙන් දායකවී තිබෙනවා. උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, සෙමිනි ඉද්දමල්ගොඩ, අයිරාංගනී සේරසිංහ, දයාදේව එදිරිසිංහ, මැල්කම් මචාඩෝ, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනවිරත්න, මල්කාන්ති ජයසිංහ, සද්ධා මංගල සුරියබණ්ඩාර, ආශා එදිරිසිංහ, සරත් චන්ද්‍රසිරි, ඇතුළු ප්‍රවීන නළු නිළියන් පිරිසක් මෙන්ම ළමා නළුවන් කිහිප දෙනෙකුත් මේ සිනමාපටයට රංගනයෙන් දායකවී තිබෙනවා. තුසිත අනුරාධගේ කැමරාවත්, රවින්ද්‍ර ගුරුගේගේ සංස්කරණයත්, කපිල පුගල ආරච්චිගේ සංගීතයත් සිනමාපටයට දායකත්වය ලබාදී තිබෙනවා.
Written by Nisanka Weheraduwa