80වන වරටත් පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන රාත්‍රිය

Avatar Kavinu Weerakkody | December 17, 2022 87 Views 0 Likes 0 Ratings

87 Views 0 Ratings Rate it

1944 වසරේදී ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට වසරේ විශිෂ්ටතම හොලිවුඩ් චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign Press Association සමූහයේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙය, ඇමරිකානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධානම සම්මාන උළෙල කිහිපය අතුරින් එකක්…

2022 වසරේ නිකුත් වූ සිනමාපට සහ රූපවාහිනී කතාමාලා සැලකිල්ලට ගනිමින්, ඒවායින් විශිෂ්ටතම ගණයේ නිර්මාණ සඳහායි මෙවර Golden Globes උළෙලේදී ජයග්‍රහණ පිරිනැමෙන්නේ. එහිදී හොඳම අධ්‍යක්ෂකවරයා, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම සහාය රංගන ශිල්පියා, හොඳම කලා අධ්‍යක්ෂණය ආදී එකිනෙකට වෙනස් – විවිධ ශානර 14ක් යටතේ “චිත්‍රපට” අංශයෙන් සම්මාන පිරිනැමීමට නියමිතයි.

මේ වනවිටත් එම අවසන් නිර්දේශ නාම අතරට පැමිණ තිබෙන නිර්මාණ පිළිබඳව මාධ්‍යයට අණාවරණය කොට තිබෙන අතර සම්මාන උළෙල පැවැත්වීමට සූදානම්ව තිබෙන්නේ එළඹෙන 2023 වසරේ ජනවාරි 10 වනදායි.

80වන වතාවටත් නොකඩවා පැවැත්වෙන මෙවර Golden Globes සම්මාන රාත්‍රියේ අවසන් නිර්දේශ නාම අතරට පැමිණි චිත්‍රපටවල සම්පූර්ණ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

Best Picture — Drama
Avatar: The Way of Water
Elvis
The Fabelmans
Tar
Top Gun: Maverick

Best Picture — Musical or Comedy
Babylon
The Banshees of Inisherin
Everything Everywhere All at Once
Glass Onion: A Knives Out Mystery
Triangle of Sadness

Best Actress — Drama
Cate Blanchett, Tár
Olivia Colman, Empire of Light
Viola Davis, The Woman King
Ana de Armas, Blonde
Michelle Williams, The Fabelmans

Best Actor — Drama
Austin Butler, Elvis
Brendan Fraser, The Whale
Hugh Jackman, The Son
Bill Nighy, Living
Jeremy Pope, The Inspection

Best Actor — Musical or Comedy
Diego Calva, Babylon
Daniel Craig, Glass Onion: A Knives Out Mystery
Adam Driver, White Noise
Colin Farrell, The Banshees of Inisherin
Ralph Fiennes, The Menu

Best Actress — Musical or Comedy
Lesley Manville, Mrs. Harris Goes to Paris
Margot Robbie, Babylon
Anya Taylor-Joy, The Menu
Emma Thompson, Good Luck to You, Leo Grande
Michelle Yeoh, Everything Everywhere All at Once

Best Supporting Actress
Angela Bassett, Black Panther: Wakanda Forever
Kerry Condon, The Banshees of Inisherin
Jamie Lee Curtis, Everything Everywhere All at Once,
Dolly De Leon, Triangle of Sadness
Carey Mulligan, She Said

Best Supporting Actor
Brendan Gleeson, The Banshees of Inisherin
Barry Keoghan, The Banshees of Inisherin
Brad Pitt, Babylon
Ke Huy Quan, Everything Everywhere All at Once
Eddie Redmayne, The Good Nurse

Best Director
James Cameron, Avatar: The Way of Water
Daniel Kwan, Daniel Scheinert, Everything Everywhere All at Once
Baz Luhrmann, Elvis
Martin McDonagh, The Banshees of Inisherin
Steven Spielberg, The Fabelmans

Best Motion Picture – Animated
Guillermo del Toro’s Pinocchio
Marcel the Shell With Shoes On
Puss in Boots: The Last Wish
Turning Red
Inu-Oh

Best Picture, Non-English Language
All Quiet on the Western Front
Argentina, 1985
Close
Decision to Leave
RRR

Best Screenplay – Motion Picture
Todd Field, Tár
Tony Kushner & Steven Spielberg, The Fabelmans
Daniel Kwan, Daniel Scheinert, Everything Everywhere All at Once
Martin McDonagh, The Banshees of Inisherin
Sarah Polley, Women Talking

Best Original Score — Motion Picture
Alexandre Desplat, Guillermo del Toro’s Pinocchio
Hildur Guðnadóttir, Women Talking
Justin Hurwitz, Babylon
John Williams, The Fabelmans
Carter Burwell, The Banshees of Inisherin

Best Original Song — Motion Picture
“Carolina” by Taylor Swift for Where the Crawdads Sing
“Ciao Papa” by Alexandre Desplat for Guillermo del Toro’s Pinocchio
“Hold My Hand” by Lady Gaga and Bloodpop for Top Gun: Maverick
“Lift me up” by Tems, Ludwig Göransson, Rihanna and Ryan Coogler for Black Panther: Wakanda Forever
“Naatu Naatu” by Kala Bhairava, M. M. Keeravani, Rahul Sipligunj for RRR

මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් උළෙලේදී වැඩිම නිර්දේශවීම් සංඛ්‍යාවකට ඇතුළත්වීමට සමත් වූයේ Martin McDonagh විසින් අධ්‍යක්ෂණය කළ The Banshees of Inisherin නැමැති සිනමාපටයයි. හොඳම චිත්‍රපටය, හොඳම රංගන ශිල්පියා, හොඳම සහාය රංගන ශිල්පියා ඇතුළු සම්මාන 08කට නිර්දේශ වූ එය, Gloden Globes උළෙලට අමතරව ලෝ පුරා තවත් සම්මාන රාත්‍රීන් ගණනාවකදීම සම්මානයට පාත්‍ර වුනා.
වැඩිම නිර්දේශවීම් ප්‍රමාණයක් හිමි චිත්‍රපට ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වූයේ පසුගිය දිනවල ලෝ පුරා අවධානයට පත් වූ Everything Everywhere All at Once චිත්‍රපටයයි. එය හිමි කරගෙන තිබෙන nominations ප්‍රමාණය 06ක්.

80වන ගෝල්ඩන් ග්ලෝබ්ස් රාත්‍රිය එළඹෙන ජනවාරි 10 වනදා කැලිෆෝනියාවේ බෙවර්’ලි හිල්ටන් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ජයග්‍රාහකයින් සියලුම දෙනාට එහිදී සම්මාන පිරිනැමෙනු ඇති..!

Share

87 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.