චන්නගේ අලුත්ම පෙම්වතිය ජැස්මින්
මෙරට සිනමා ක්ෂේත්‍රයට ඉන්දියානු නිළියන් කිහිපදෙනෙක්ම හදුන්වාදුන් කෙනෙක් තමයි චන්න පෙරේරා.පුජා උමාශංකර්,චයිත්‍රා වගේ රූමත් ඉන්දියානු නිළියන් චන්නගේ හොයා ගැනීම්.මේ වගේ චන්න තව අලුත් නිළියක් යලිත් මෙරට සිනමාවට හඳුන්වා දෙන්න සුදානම් වෙනවා.ඇය නමින් ජැස්මින් භාෂින්.ඇය චන්නගේ නවතම චිත්‍රපටය වු “චමත්කා“ හි රඟපෑමට නියමිතයි.
ඇය හා චන්න සුපෙම්වතුන් ලෙස රඟපාන මෙම චිත්‍රපටයේ බුද්ධදාස විතානාරච්චි, ලකී ඩයස්, ජයනි සේනානායක, සේමිණි ඉද්දමල්ගොඩ, ජනිත් වික්‍රමගේ අනෙකුත් චරිත පණ පොවති.
චමත්කා ආචාර්ය සුමේධ ජයසේන සහ මර්වින් පෙරේරාගේ නිෂ්පාදනයකි. මහේෂ් රත්සරමද්දුමආරච්චිගේ තිර කතාවට අනුව නිර්මාණයවන මෙහි කැමරාව ජේ. රුවන් මෙහෙයවයි. සමීර මධු කිඳෙල්පිටියගේ අංග රචනයකි.
දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂවරයාය. හර්ෂන දේවේන්ද්‍ර කලා අධ්‍යක්‍ෂණයෙන් ද, සුමේධ විජේසිංහ සහාය අධ්‍යක්‍ෂණයෙන් ද චමත්කා සඳහා එක්වෙති.
Written by Cinema.lk A