මධුරී හා ජුහී මුහුණට මුහුණ – Gulaab Gang – Official Trailer | Madhuri Dixit, Juhi Chawla

Avatar Cinema.lk A | January 10, 2014 196 Views 0 Likes 0 Ratings

196 Views 0 Ratings Rate it

මධුරී ඩික්සින් හා ජුහි චව්ලා කියන්නේ 80 හා 90 දශක වල බොලිවුඩය උඩුයටිකුරු කළ සුපිරි තාරකාවන් දෙපොලක්.ඒ කාලේ හින්දි චිත්‍රපට පිස්සුවෙන් හිටපු උදවියට නම් මේ දෙන්නා හොඳට මතක ඇති.ඒ කාලේ හිටපු නළුවන් තාමත් බොලිවුඩ් සිනමාවේ රජකම් කළත්  සෙසු සමකාලීන නිළියන් මෙන් මේ දෙන්නත් විවාහයෙන් පසුව රංඟනයට ආයුබෝවන් කිව්වා.කාලයක් ගත වුනා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් නියෝජනය කරමින් වරින් වර කරළියට පැමිණියත් මේ දෙන්නා හුඟ කාලේකින් ප්‍රධාන රංඟ භූමිකාවකින් නිර්මාණයකට දායක වුනේ නැ.ඔන්න දැන් මේ දෙන්නම එකම චිත්‍රපටයකින් ආයේත් බොලිවුඩ් ඇවිත්..හැබැයි ඉස්සර වගේ ගස් වටේ දුවන බොළඳ පෙම්වතියගේ චරිතය කරන්න නම් නෙවෙයි.

මේ ගුලාබ් ගැන්ග්..මේ ගැන වැඩි විස්තර පසුව කියන්නම්.පහතින් තියෙන්නේ ඊයේ අන්තර්ජාලයට මුදා හළ එහි පුර්ව ප්‍රචාරක පටයයි.

Gulaab-Gang-Poster

Share

196 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.