I Love You – තරිඳු දිල්ෂාන් අබේවර්ධනගේ පළමු සිනමාපටය
සමාජ මාධ්‍ය තුළ සිනමාව පිළිබඳ ක්‍රියාකාරී තරුණකෙු වන තරිඳු දිල්ෂාන් අබේවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන පළමු සිනමා නිර්මාණය වන I Love You චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.
I Love You සිනමාපටයේ රංගනය සඳහා මෙරට පුංචි තිරයේ ජනප්‍රිය නලු නිලියන් රැසක් එකතු වනවා. සංජය මුරමුදලි, ඉමා වීරසූරිය, අංජලී ලියනගේ, මනෝජ් දේවගේ, සවිනි යකුපිටිය, නේහා බාලසූරිය සමඟින් අශේන් සත්සර විජේසූරිය ඇතුළු නලු නිලියන් බොහෝ දෙනෙකු I Love You චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වීමට නියමිතයි.
මීට අමතරව, මෙරට ජනප්‍රිය YouTube තරු රැසක්ද මෙම චිත්‍රපටය සමඟින් රංගනයෙන් එක් වනවා.
මේ වනවිට චිත්‍රපටයේ තිර පිටපත රචනා කර අවසන් අතර පූර්ව නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙනවා. මෙහි රූගත කිරීම් ළඟදීම ඇරඹීමට නියමිතයි.
I Love You සිනමාපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක් පහතින් >>>>>>>>
Written by Kavinu Weerakkody