ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිණියක වු ජැනට් බාලසුරිය මැතිණිය අභාවප්‍රාප්ත වෙයි.

Avatar Cinema.lk A | May 16, 2014 102 Views 0 Likes 0 Ratings

102 Views 0 Ratings Rate it

සුප්‍රක්‍රට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වු ජැනට් සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිණියක වු ජැනට් බාලසුරිය මැතිණිය අභාවප්‍රාප්ත වී ඇත.ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. මිය යන විට 79 වියේ පසු වු ඇය දරුවන් 5 ‍දෙනෙකුගේ මවකි.

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් සිදුකල ඇය දේශීය අමුද්‍රව්‍යවලින් නිපදවූ රූපලාවණ්‍ය නිෂ්පාදනය කර ජාත්‍යන්තරයට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේය.

දේහය අද පස්වරුවේ මහජන ගෞරව සඳහා වැල්ලවත්ත, සින්සෆා පාරේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

 

 

Share

102 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.