මාතරත් 3D වේ

Avatar Cinema.lk A | May 16, 2014 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

කාලෙන් කාලෙට සිනමා ලෝකය නවිණ තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් හැඩවෙන්නේ සිනමාශාලා සඳහා ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය වැඩිකිරීමටයි.වර්තමානය වන විට ඩිජිටල් කරණයට පිවිසි සිනමාව පසුවන්නේ ත්‍රිමාණ ප්‍රක්ෂේපණ යුගයේයි.3D සිනමාපට මේ වකවානුව වන විට සිනමාවේ නවමු අත්දැකීම වශයෙන් හදුන්වනු ලැබුවත් මෙරටනම් 3D සිනමාශාලා දකින්න ලැබෙන්නේ බොහෝම අතලෝස්සකි.ඒ අතරිනුත් බොහෝමයක් පිහිටා තියෙන්නේ කොළඹ අවට වීම නිසා මේ අත්දැකීම තමාත් හරි හැටි විඳ නොගත් බොහෝ පිරිසක් අප අතර සිටී.ඒත් දැන් ඒ තත්වය වෙනස් කරමින් කොළඹින් පිටත් 3D සිනමාශාලා එක දෙක විවෘත වීම ප්‍රවණතාවත් දකින්න ලැබෙන්නේ සිනමාවගැන සුභ පෙරනිමිති පලකරමිනි.

මෙ අයුරින් මාතර නගරයේ ත්‍රිමාණ සිනමාශාලාවක්  මෙම මස 19 වැනිදා එනම් සඳු දින අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් මාතර දී විවෘත වනු ඇත.‘ස්කයි ලයිට්’ යනුවෙන් නම තබා ඇති එය පිහිටා ඇත්තේ මාතර බස් නැවතුම්පළ පළමු මහලේය.

ලිබර්ටි ලයිට් ත්‍රිමාණ සිනමාහලෙහි අධ්‍යක්‍ෂ පාලිත පෙරේරා සහ ජසෙන්තු ලියනගේ ගේ හිමිකාරිත්වය යටතේ ඇති ස්කයි ලයිට් ඔවුන්ගේ මූවි වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාරිත්වය මඟින් පාලනයවේ.මේ වනවිට යුගයේ අවශ්‍යතාවක්ව පවතින ත්‍රිමාන සිනමාහල් මෙසේ ඉදිවීම ගැන සිනමාලෝලීන් සිටින්නේ මහත් වූ උද්යෝගයෙන් බව අප කළ විමසුමකදී හෙළිවිය. මෙම සිනමා ශාලාවෙහි ආසන ප්‍රමාණය 230 කි.

ලබන සඳුදා සිට 10.30, 1.30, 4.15 සහ 7.00 යන වේලාවන් හි ස්කයි ලයිට් සිනමා ශාලාවේ ත්‍රිමාන සිනමාපට ප්‍රදර්ශනය කෙරෙන අතර එදින එහි රියෝ 2 සහ ස්පයිඩර් මෑන් සිනමාපට නැරැඹීමේ හැකියාව සලසාදී තිබේ

Share

86 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.