රිතික් සූසෑන්ව හැරගියේ සූසෑන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?

Avatar Cinema.lk A | May 13, 2014 37 Views 0 Likes 0 Ratings

37 Views 0 Ratings Rate it

රිතික් හා සුසෑන් ප්‍රේම වෘතාන්තය නිම වී කාලයක් ගත වුනත් තවමත් මේ දෙදෙනාට නීතියෙන් දික්කසාදය ලබා දී නැහැ.පසුගිය දවසක මේ දෙදෙනාම මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි පවුල් අධිකරණයට පැමිණීයේ මෙ ගැටලුවට ඉක්මන් විසදුමක් ලබාගන්නයි.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන විදියට මේ නඩුව සම්බන්ධයෙන් ඉක්මන් විසදුමක් ලඟදීම ලැබෙනු ඇත.

සිව් වසරක ඇසුරෙන් පසුව 2000 වසරේදී විවාහ වූ රිතික් සහ සුසෑන් 2013 දී වෙන්වී ජීවත්වීමට තීරණය කළා. රිතික් සහ ඔහු සමඟ චිත්‍රපටවල රඟපෑ නිළියන් අතර ඇතිවූ පෙම් සබඳකම් මේ වෙන්වීමට හේතුවූ බව පැවසෙනවා.විශේෂයෙන් ම ‘කයිට්ස්’ චිත්‍රපටයේ රඟපෑ බාබරා මෝරි සහ රිතික් අතර ඇතිවූ තහනම් පෙම මෙයට වඩාත් ම බලපා තිබෙනවා. සමහරු පවසන්නේ රිතික්ගේ කාර්ය බහුල ජීවිතය නිසා හුදෙකලා වූ සුසෑන්, ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල් සමඟ ඇසුරක් පැවැත්වීම ද මේ වෙන් වීමට හේතුවක් වූ බවයි. ඒත්, ඒ කතාවට ප්‍රතිචාර දැක්වූ අර්ජුන් සහ ඔහුගේ බිරිය පැවසුවේ එය මුළුමනින් ම අසත්‍යයක් බවයි.‍

මෙවැනි ආරංචි පැතිරෙද්දී පසුගියදා තවත් කතාවක් අහන්න ලැබුණා.මේ පුවතෙන් කියවෙන්නේ සුසෑන් හා රිතික්ගේ වෙන්වීමට සුසෑන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී ඇති බවයි.සුපිරි නළු රිතික් රෝෂන් රංඟන ජීවිතයටම හිර වී සිටි නිසා සුසෑන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවටයි ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වමන් පවසා සිටියේ.ඉන්දීය මාධ්‍ය මේ ගැන නොයෙකුත් පුවත් පළ කළත් තවමත් එහි ඇත්ත නැත්ත හරිහැටි හෙළිවී නැහැ.

 

Share

37 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.