ජියාගේ පුනරුප්පතිය බොලිවුඩයෙන්ම

Avatar Cinema.lk A | July 9, 2013 143 Views 0 Likes 0 Ratings

143 Views 0 Ratings Rate it

ජියා ඛාන්….පසුගිය දින කිහිපයේ බොලිවුඩයෙන් වැඩිපුරම අසන්න ලැබුණු නමයි.ජුනි 03 වැනිදා තම මව හා සොහොයුරිය නොමැති අවස්ථාවක ගෙල වැලලා ගෙන මිය ගිය මේ සුරූපිණියගේ මරණය මුළු ඉන්දියාවම කැළඹුවේ එක් ඇසිල්ලකිනි.

නිෂාබ්ඩ් චිත්‍රපටයේ ඈ සිඳු කළ ආන්දෝලනාත්මක රංඟනය නිසාවෙන් ඇය එක රැයකින් බොලිවුඩයේ කිරුළු පැළදුවාය.ඒ චිත්‍රපටය හරහා ඇය සිනමා ලෝකයේ දිඳුළන අනාගතයකට පාර කපා ගත්තද,ඇගේ අකල් මරණය ජීයාගේ රංඟනය නිෂාබ්ඩ් චිත්‍රපටයට පමණක් සිමා කළේ තවදුරටත් ඇගේ රංඟනයන් ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමේ අවකාශය අවහිර කරමිනි.දැන් බොලිවුඩ් තිරයේ ජීයාගේ රැඟුම් නොතිබුණත් නැවතත් බොලිවුඩයෙන්ම ජියා උපත්තිය ලබන්නට සුදානමින් සිටි.

බෝල්ඩ් බොලිවුඩ්..ජියා කාන්ගේ ජීවිත කතාව පාදක කර ගනිමින් බොලිවුඩයෙන් නිපදවෙන නවතම සිනමා සිතුවමයි. සිනමා නිළියක වීමේ නොතිත් ආශාවෙන් මුම්බායි නුවර වෙත පැමිණෙන සුරූපී යුවතියන් තිදෙනකු කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන මේ චිත්‍රපටය රික්ෂිට් මට්රායිගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. සන්දීපා දාර්, ශ්වේතා භාරද්වාජ්, රාජ්පාල් යාදෙව් සහ මනෝජ් ජෝශිප් යන යොවුන් නළු නිළියන්  ප්‍රධාන චරිත රඟන මේ චිත්‍රපටය බොලිවුඩ් සිනමා වංශකතාවේ නොමැකෙන සටහනක් තබණු ඇති බවටයි වැඩි දෙනාගේ මතය.

බෝල්ඩ් බොලිවුඩ් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා තම කුලුඳුල් සිනමා පටය ගැන මේ අයුරින් අදහස් දැක්වූවා. ‘ජියා ගැන පහුගිය දවස්වල පළ වූ නොයෙකුත් ප්‍රවෘත්ති මම කියවා බැලුවා.

ඉන් පස්සේ තමයි, මේ විදියේ චිත්‍රපටයක් කරන්න මට හිතුණේ. බොලිවුඩ් සිනමාව තුළ රැඳී සිටින්න, ජනප්‍රිය වෙන්න පහසු නැහැ. ඒ තුළ අනන්තවත් යටි උගුල් ක්‍රියාත්මක වෙනවා. මම මේ චිත්‍රපටයෙන් උත්සාහ කරන්නේ බොලිවුඩ් සිනමාවෙ මතුපිටට නොපෙනෙන අසුන්දර පැත්ත විවරණය කරන්නයි.

චිත්‍රපටයේ එන තරුණියන් තුන්දෙනාගෙන් එක් කෙනකුගේ ජීවිතය ජියා ඛාන්ගේ ජීවිතයට සමානයි. ඇය, ඇගේ කෙටි ජීවිත කාලයේදී මුහුණ දුන් නොයෙකුත් බාධක, හැලහැප්පීම් වගේම ඇය ලැබූ ජයග්‍රහණද මේ චිත්‍රපටයෙන් විවරණය කෙරෙනවා.’

jiah-khan-10a jiah-khan-11a jiah-khan-13a jiah-khan-15a jiah-khan-16a Jiah-Khan-hot-photos-01

Share

143 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.