KAKUDA – ලබන වසරේ මුල, ඩිජිටල් අවකාශයෙන්…

Avatar Nisanka Weheraduwa | August 23, 2021 29 Views 1 Like 0 Ratings

29 Views 0 Ratings Rate it

Ronnie Screwvalaගේ RSVP සිනමා නිෂ්පාදන ආයතයෙන් නිපදවෙන අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වෙකොට ඇරඹී තිබෙනවා. Kakuda යනුවෙන් නම් කරලා තිබෙන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Horror-Comedy කියන කාණ්ඩයට. විශේෂයෙන්ම, Comedy චිත්‍රපටයකට ගැළපෙනම ආකාරයේ නලු නිළි පිරිසකුත් ඉන්න නිසා ගුණාත්මක නිර්මාණයක් ගැන බලාපොරොත්තු තබාගත හැකි බව බොහෝ දෙනෙක් පවසනවා.

පසුගිය ජූලි මාසයේ රූපගත කිරීම් පටන් ගත් Kakuda චිත්‍රපටයේ castingවල යම් හේතු කිහිපයක් හින්දත් මෙය විශේෂත්වයක් උසුලනවා. නළු නිළි පිරිසෙන් ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ Riteish Deshmukh, Sonakshi Sinha සහ Saqib Saleem විසිනුයි. පහුගිය වසර කිහිපයක ඉඳන් Riteish Deshmukh සිනමාපට බාර ගත්තේ බොහොම අඩුවෙන්. Baaghi 3 හින්දි සිනමාපටයෙන් පසු ඔහුව කිසිම නිර්මාණයකින් දැකගන්න ලැබුණෙත් නැහැ.

ඒ වගේම, Riteish කියන්නේ comedy movies වෙනුවෙන්ම හොඳ හැකියාවක් දක්වන රංගන ශිල්පියෙක් නිසා Kakuda චිත්‍රපටයත් හොඳ entertaining ස්වභාවයක් තියෙන mass movie එකක් වෙන්න ඉඩකඩ තියෙනවා. Sonakshi Sinha පවා වැඩිපුරම රංගනයෙන් දායක වෙලා තියන්නේ සරල storyline තිබෙන family entertaining සිනමාපටවලට නිසා ඇයත් හොඳ ගැළපීමක් විය හැකියි.  සෙසු ප්‍රධාන චරිතයට පණ පොවන Saqib Saleem පවා මේ වනකොට digital contentsවලින් බොලිවුඩයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නඟාගෙන අවසන්.

සාර්ථක මරාති සිනමාපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Aditya Sarpotdar තමයි Kakuda සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් අපට දැකගන්න ලැබෙන දෙවන හින්දි සිනමාපටය වෙන්නෙත් මෙයයි. Aditya Sarpotdar විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළ Thodi Thodi Si Manmaaniyan හින්දි සිනමාපටය සාර්ථක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වුණේ නැහැ. නමුත්, ඔහු සහ Riteish Deshmukh එක්ව, ඊට පෙර නිර්මාණය කළ Mauli මරාති චිත්‍රපටය නම් හොඳ සාර්ථකත්වයක් ලැබුවා. Aditya Sarpotdarගේ Faster Fene (2017) මරාති සිනමාපටය හැඳින්වෙන්නේ, මෑතකාලීන මරාති සිනමාවෙන් බිහිවුණු ජනප්‍රියතම entertaining නිර්මාණයක් විදිහට.

ගුජරාට් ප්‍රාන්තය මුල් කරගනිමින්, මෙහි රූපගත කිරීම් ඇරඹුණේ පසුගිය ජූලි මාසයේදීයි. සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින්, OTT Platform එකක් ඔස්සේ චිත්‍රපටය Direct Release කරන්නයි නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන්නේ. 2022 වසරේ මුල් භාගයේදී එය නිකුත් කරන්නට අදහස් කරන බවත් ඔවුන් පවසා තියෙනවා.

“ Triple trouble on the way!

Get ready for a spooktacular – laughter riot with our homegrown direct to digital film, #Kakuda!

The shoot begins today.

@AdityaSarpotdar @Riteishd #SonakshiSinha #SaqibSaleem @RonnieScrewvala @iavinashdwivedi @gharkaachirag @nonabains “

මෙම සිනමා නිර්මාණය පිළිබඳව තම RSVP Films නිල ට්විටර් ගිණුමෙන්, ඔවුන් තමන්ගේ රසිකයින්ව දැනුවත් කළේ එලෙසයි.

Share

29 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.