ශ්‍රී දේවීට පෙම් බැදි තරුණ කොලුගැටයා

Avatar Cinema.lk A | October 27, 2014 107 Views 0 Likes 0 Ratings

107 Views 0 Ratings Rate it

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා ගේ අලුත්ම සිනමාපටය මේ වන විට මුළු මහත් ඉන්දියානු සිනමාකර්මාන්තය තුළ කතා බහට ලක් වෙන ප්‍රධානම මාතෘකාව වෙලා.මේ සිනමාපටයට රාම් ගොපාල් වර්මා පාදක කරගෙන තියෙන්නේ “මලීනා“ සිනමාපටයේ කතා ආකෘතියයි.කුඩා ළමයෙක් හා සරාගී කාන්තාවක් පසුබිම් කරන් හැදුණු මෙම සිනමාපටය රූ ගත කරද්දී නම් කරලා තිබුණේ “සාවිත්‍රී“ කියන නමින්.ඒත් මේ චිත්‍රපට‍ය ළඟදීම තිරගත කරන්නට ආසන්න වෙද්දී එහි නම වෙනස් කරලා. දැන් එය නම්කර ඇත්තේ ‘ශ්‍රී දේවි’ යනුවෙන්.

රාම් ගෝපාල් වර්මා මේ අයුරින් තම චිත්‍රපටයේ නම වෙනස් කිරීම ගැන සුපිරි නිළි ශ්‍රී දේවී ඉන්නේ තරමක කෝපයෙන්.තමන්ගේ කිසිඳු විමසීමකින් හෝ එකඟත්වයකින් තොරව ‘ශ්‍රීදේවි’ යනුවෙන් මේ චිත්‍රපටය නම් කිරීමට එරෙහිව ඇය නඩු මඟට පිවිසිලා. මේ සඳහා ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ සහායත් ලැබී තිබෙනවා.

චිත්‍රපටයක් වෙනුවෙන් ‘ශ්‍රීදේවි’ යන නම යොදා ගැනීම එතරම් වරදක් වන්නේ කොහොම ද? ශ්‍රීදේවි ඇයි, රාම් ගෝපාල්ට එරෙහිව නඩු පැවරුවේ? චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රීදේවිගේ තරුණ කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලට සමාන යැයි සමහරු ප්‍රකාශ කරනවා. තරුණ කාන්තාවක පිළිබඳ සිත් ඇතිකර ගන්නා කොලු ගැටයෙකු ගැන කතාවක් මේ චිත්‍රපටයට පාදක වී ඇතැයි පැවසෙනවා.

සමහරු පවසන්නේ මේ තරුණ කාන්තාවගෙන් මතු වන්නේ ශ්‍රීදේවි බවයි. කොලු ගැටයා තුළින් නියෝජනය වන්නේ එවක ගැටවර වියෙහි සිටි රාම් ගෝපාල් වර්මා යයි ද ඔවුන් අනුමාන කරනවා. මේ අදහස් ගැන කතා කළ රාම් ගෝපාල් කීවේ තමන් ලද අත්දැකීමක් මේ චිත්‍රපටයට පාදක කරගත් බවයි.

sri devi movie (3) sri devi movie (4) sri devi movie (5) sri devi movie (6) sri devi movie (1) sri devi movie (2)

 

 

Share

107 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.