මේ සිකුරාදට චන්නගේ අලුත්ම කෙල්ල ගැන දැනගන්න පුළුවන් වේවී.
අංජලිකා කියන්නේ හුඟ කාලයන් නළුවෙක් වෙලා හිටිය චන්න පෙරේරාව අධ්‍යක්ෂකවරයෙක් කළ සිනමාපටයයි.එකෙන් චන්න සිනමා අධ්‍යක්ෂකවරයෙක් වුනා වගේම පුජා උමාශංකර් කියන නිළිය මෙරට සිනමාවට හඳුන්වා දීමද සිදු කළා.මෙ දේවල් කරපු චන්න ඒ කාලේ වාණිජ සිනමා කරලියේ ලොකු වැඩක් කරා.ඔන්න දැන් චන්නගේ දෙවැනි එකත් එනවා.කල්පාන්තයේ සිහිනයක්…
කල්පාන්තේ සිහිනයක්’ මෙම මස 31 වැනිදා සිට රිද්මා සහ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.මේ සිනමාපටයෙන්ද චන්න පෙර ලෙසම අලුත් හඳුන්වා දීමක් සිදුකරනවා.මේ චිත්‍රපටය ඔස්සේ චන්න පෙරේරා සිංහල සිනමාවට හඳුන්වා දෙන අලුත්ම නිළිය වන්නේ ඉන්දීය නිළි චයිත්‍රා චන්ද්‍රනාත්ය
චන්න පෙරේරා හා චයිත්‍රා චන්ද්‍රනාත් ප්‍රධාන චරිතවලට පණ දෙන ‘කල්පාන්තෙ සිහිනයක්’ සිනමාපටයේ අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංග යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වෙයි. මෙහි හඳුන්වා දෙන ළමා නිළිය වන්නේ ගයානා නිර්මන්තිය.
පුෂ්ප කුමාර රාජගුරු හා චන්දන ජයසිංහ, උපුල් ප්‍රජාත්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චන්දන වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සෂික රුවන්ගේ ශබ්ද පරිපාලනයෙන් ද ‘කල්පාන්තේ සිහිනයක්’ හැඩ වැඩ වෙයි.
මෙහි තිර රචනය කපිල කුමාර කාලිංගගේයි. ගීත රචනා කර ඇත්තේ වසන්ත කුමාර කොබවක හා සුනිල් විමලවීර, කපිල කුමාර කාලිංග වන අතර ගී ගයන්නේ උරේෂා රවිහාරි, උදය වික්‍රමසිංහ රංජන් සාලිය යන ශිල්පීන් හා ශිල්පිනියයි. ‘කල්පාන්තේ සිහිනයක්’ පර්ලි විජේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරිගේ නිෂ්පාදනයකි.

Written by Cinema.lk A
