තහනම් වූ Ram Leela සහ Thor 2 අද සිට ලංකාවේ
අද දින අපේ හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා ලෝලීන්ට වැදගත් දවසක්. ඇලන් ටේලර් අධ්‍යක්ෂණය කරන ලද Thor : The Dark World’ සහ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Ram – Leela’ චිත්‍රපටය යන චිත්‍රපට දෙකම අද (27) සිට වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමාහලේදී තිරගතවීම ආරම්භ කෙරිණි. මීට අමතරව Amity Lite, Liberty Lite සහ MC Platinum ඇතුළු තවත් සිනමාහල් කිහිපයකම මේ චිත්‍රපට ද්විත්වය ප්‍රදර්ශණය වේ.
තෝර් චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Dark World මනංකල්පිත ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර ක්‍රිස් හෙම්ස්වෝර්ත්, නටාලි පෝර්ට්මන්, ටොම් හිඩ්ල්ස්ටන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. රන්වීර් සිංග්, දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත මවන ‘Ram-Leela’ සංගීතමය චිත්‍රපටය ප්‍රේම වෘත්තාන්තයක් ගෙන එන චිත්‍රපටයක් වුවත් චිත්‍රපටයේ ඇති ඇතැමි දෙබස් හා දර්ශණ හේතුවෙන් ඉන්දියාවේ දී තහනමට ලක්වූ චිත්‍රපටය කි.
SEE ALSO: අධිකරණ නියෝගයෙන් තහනම් වූ Ram – Leela බොක්ස් ඔෆීස් අතරට
Written by Cinema.lk