මේක ශ්‍රී ලංකාවේ නළු නිළියන්ගේ වෘත්තීය ඛේදවාචකයක් – ශ්‍රීමාල් වෙඩිසිංහ

Avatar Cinema.lk A | December 10, 2013 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

ප්‍රවීණ නළු රන්ජන් රාමනායකගේ නවතම සිනමා සිතුවමේ‍ රූ ගත කිරීම් මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.මේ චිත්‍රපටයේ නම “නවරියන්“.මේ චිත්‍රපටයේ ප්‍රබල භුමිකාවක් රඟදක්වන අපේ තවත් සහෝදර රංඟන ශිල්පියෙකුට මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදී ලොකු කරදරයකට මුහුණ දෙන්න සිදුවුණා.රූගත කිරීම් අතරවාරයේ මේ අකරතැබ්බයට මුහුණ පෑවේ ප්‍රවීණ රංඟන ශිල්පී ශ්‍රීමාල් වෙඩිසිංහයි.ආරංචියේ හැටියට මේ කරදරයට හේතු වෙලා තියෙන්නේ  හිසේ ආලේපනය කරපු ඩයි වර්ගය විසවීමක්.මේ චිත්‍රපටයේ ශ්‍රීමාල්ට රඟපාන්න තිබිලා තියෙන්නේ මහාචාර්යවරයෙකුගේ භුමිකාවක්.එහිදි ඔහුට සිදුවෙලා තියෙනවා හිස සුදු පැහැ කරගන්න.මෙහිදි මෙම කාර්යය මණ්ඩලයේ හිටපු වේශ නිරුපණ ශිල්පියා ශ්‍රීමාල්ගේ හිස වර්ණ ගන්වා තිබෙන්නේ ඇමරිකාවේ නිශ්පාදිත ඩයි වර්ගයකින්.මේ ඩයි වර්ගය මුලදී ශ්‍රීමාල්ට අහිතකර වෙලා නෑ.නමුත් මොහු මෙම ඩයි වර්ගය පැය 12ක් පමණ හිසෙහි ගල්වාගෙන හිඳ තියෙනවා.මේ නිසා ශ්‍රීමාල්ට මේ ඩයි වර්ගය විස වෙලා.කොහොම හරි දැන් ශ්‍රීමාල් මේ අසාත්මිකතාවයට ප්‍රතිකාර ලබාගන්නවා.මෙ අයුරින් සිදුවු කරදරය පිළිබඳ ශ්‍රීමාල්ගෙන් විමසු විට ඔහු දක්වා සිටියේ මෙවන් අදහසකි.

“මේ තත්ත්වය ඇතිවූයේ වේශ නිරූපණ ශිල්පියාගේ වරදකින් නොවේ. වරද වූයේ හිසෙහි ආලේපනය කරගෙන අප සිටින කාලසීමාවයි. මේ ආලේප ගල්වාගෙන සිටිය යුතු උපරිම කාලය පැය හතරයි. එහෙත් ඉතින් අපට පැය 12ක් 14ක් ඉන්න වෙනවා. එය ඉතා අහිතකරයි. සිද්ධ වුණේ ඒකයි. එක දිගට දවස් තුන හතරක් උදේ ඉඳන් හවස් වනතුරු ගල්වාගෙන හිටියා. දවස් 15ක් 20ක් අතර මට රූගත කිරීම් තිබුණා. දැන් මේ සියල්ල විඳ දරා ගැනීමට සිදුවී තිබෙන්නේ මටයි. ශ්‍රී ලංකාවේ නළු නිළියන්ගේ වෘත්තීය ඛේදවාචකයක් මේක“

Share

50 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.