The Post අලුත්ම සිනමාපටය ජනවාරියේ
ප්‍රකට හොලිවුඩ් සිනමාකරුවකු වන Steven Spielberg නිර්මාණය කළ නවතම සිනමාපටයක් ලබන ජනවාරි ආරම්භයත් සමගම තිරගත වීමට නියමිතයි. 1970 දශකයේදී සිදුවූ සමාජ දේශපාලනික සිදුවීමක් ඇසුරින් මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. Historical Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය Liz Hannah සහ Josh Singer විසින් තිරරචනාකොට තිබෙනවා. 2017 දෙසැම්බර් 14 වැනිදා Woshington Newseum හිදී චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා තිබුනා. Meryl Streep, Tom Hanks, Sarah Paulson, Bob Odenkirk, Tracy Letts ඇතුළු ප්‍රවීන නළු නිලි පිරිසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබෙනව.
Written by Nisanka Weheraduwa
