රුවන්ති ඩි චිකේරා The Return හොලිවුඩ් සිනමාපටයේ තිර රචනයට එක්වෙයි

Avatar Kavinu Weerakkody | April 18, 2025 159 Views 0 Likes 5 On 2 Ratings

159 Views 5 On 2 Ratings Rate it

මචන් සිනමාපටයේ තිර පිටපත් රචනයෙන් එක් වූ රුවන්ති ඩි චිකේරා, දැන් යළිත් ජාත්‍යන්තර සිනමාවට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඒ හෝමර්ගේ Odyssey සුප්‍රසිද්ධ ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණය වූ The Return නැමැති හොලිවුඩ් සිනමාපටයේ තිර පිටපත රචනා කරමිනුයි!!

2008 වසරේදී ඉතාලි ජාතික Uberto Pasolini මෙරටට පැමිණ, “මචං” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දි එම චිත්‍රපටයේ තිර පිටපත රචනා කරමින් ඔහුට සහාය වූයේ රුවන්ති ඩි චිකේරා යි. තිර රචිකාවියක් – සමාජ ක්‍රියාකාරිනියක් – වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙසින් මෙරට සාහිත්‍යය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබෙන ඇය 2000 වසරේදී ග්‍රේෂන් සම්මානයෙනුත් පිදුම් ලැබුවා.

මචං චිත්‍රපටයට පසුව Uberto Pasolini විසින් තවත් සිනමාපට කීපයක්ම අධ්‍යක්ෂණය කළ අතර ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන්නේ The Return නැමැති හොලිවුඩ් සිනමාපටයයි. ලෝ පුරා ජනප්‍රිය හොලිවුඩ් තරු රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගයෙන් එක්වනවා. The Return සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජනප්‍රිය හොලිවුඩ් නලු Ralph Fiennes විසිනුයි. Scindler’s List – The English Patient – Conclave – The Menu වැනි චිත්‍රපටවල ඔහු ඉදිරිපත් කළ පෙරළිකාර රංගනයට විශාල පැසසුම් ලැබුවා.

ලෝ පුරා මෙතරම් ජනප්‍රිය සිනමා තරුවක් ප්‍රධාන රංගනයෙන් එක්වන The Return සිනමාපටයේ තිර පිටපත රචනා කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ලාංකික සාහිත්‍යෙව්දිනියක වන රුවන්ති ඩි චිකේරා හටයි. අධ්‍යක්ෂක උබර්තෝ පසෝලිනි සහ තවත් නාට්‍යෙව්දීන් කිහිප දෙනෙකු සමඟිනුයි, ඇය මෙම චිත්‍රපට පිටපත රචනා කර තිබෙන්නේ…

මෙය හෝමර් විසින් රචිත Odyssey නැමැති සුප්‍රසිද්ධ ග්‍රීක කාව්‍යෙය් සිදුවීම් පෙළක් ආශ්‍රය කරගෙන නිමැවූවක්. ලෝ පුරා සිනමා උළෙල රාශියක් නියෝජනය කිරීමට සමත් වූ මෙය පසුගිය වසරේදී ඇමරිකාව පුරා තිරගත වුනා. ඉන් අනතුරුව මේ දිනවල බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය තුළ The Return චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා.

Oppenheimer – Interstellar – Tenet වැනි චිත්‍රපට ඔබ වෙත ගෙනා ක්‍රිස්ටෝපර් නෝලන් විසින් මේ දිනවල අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේත් හෝමර්ගේ මෙම Odyssey ග්‍රීක කාව්‍යයයි.

ජනප්‍රිය නලු Ralph Fiennes අමතරව Juoiette Binoche, Charlie Plummer වැනි තවත් ජනකාන්ත බටහිර නලු නිලියන් රැසක්ම මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.

Share

159 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.