Sri Lanka's Best Cinema Portal

 

“ගින්නෙන් උපන් සිතල” OSCAR තරග බිමට…???

0
Posted July 5, 2018 by Nisanka Weheraduwa in Articles
36670680_405802173260139_7948880061300473856_n

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ නවතම චිත්‍රපටය වන ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය පිලිබඳ විශාල් කතාබහක් ඇතිව තිබෙනවා. ඊට හේතුව වුනේ එය OSCAR සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වීමට සුදුසුකම් ලබුවේ යයි කියවෙන පුවතක් සමගින්. මේ පිළිබඳව ඉන්දියානු සමාගමක් සහ මෙරට මාධ්‍යත් වාර්තා පලකොට තිබුනා. එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන තොරතුරු සැකෙවින් මෙසේයි.

OSCAR උළෙලට චිත‍්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඉන්දියානු චිත‍්‍රපට ප‍්‍රවර්ධන සමාගමක් චිත‍්‍රපටය නරඹා එය ‘හොදම චිත‍්‍රපටය’ යන කාණ්ඩය යටතේ ඉදිරිපත් කිරීම සදහා තෝරා ගැනීමට ඔවුන් තීරණය කොට ඇති බව නිවේදනය කොට තිබෙනවා. OSCAR උළෙලේ තරග කිරීමේදී වට කිහිපයක් සදහා ඉදිරිපත් වීමට සිදු වෙනවා. එහි පළමු වටය සදහා මෙම චිත‍්‍රපටය ඉදිරිපත් කිරීමට ඉහත කී All Lights Film Services (Pvt) Ltd, නැමැති සමාගම සිය කැමැත්ත පළකොට තිබෙනවා. ඒ අතරම මෙම  චිත‍්‍රපටය සීමිත කාලයක් ඇමෙරිකාවේ ප‍්‍රදර්ශණය කිරීමටත් මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව පැවසෙනවා. ඊට හේතුව වන්නේ ඇමරිකාවේ තිරගත වූ චිත්‍රපටයක් පමණක් OSCAR සම්මාන උළෙලේ “හොඳම චිත්‍රපටය” යන කාණ්ඩය යටතේ තරග කළ හැකි බවට කොන්දේසියක් එම සම්මාන උළෙල සංවිධායකයින් විසින් පනවා තිබීමයි. එසේ නොවුන හොත් තරග කළ හැකි වන්නේ Best foreign language film (හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය) යන කාණ්ඩයට පමණයි. හොඳම චිත්‍රපටය කාණ්ඩයට තරග කිරීමට නම්, ඇමරිකාව තුළ දිනකට තුන් වරක් සතියකට වැඩි කාලයක් තිරගත වීම අනිවාර්යයි. මේ ආකාරයෙන් OSCAR උළෙලේ මුල් වටයක් සදහා ඉදිරිපත් කිරීමට සුදුසු මට්ටමක චිත‍්‍රපටය ඇති බවට ඉන්දියානු සමාගමක් තීරණය කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ බව නිවේදනය කරමින් අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කොට තිබෙනෙවා.  කෙසේ නමුත් ඉදිරි වට සඳහා තරග කිරීමෙන් පසු OSCAR සිහිනය සැබෑ කරගැනීමට වරම් ලැබේවා..! යැයි cinema.lk අපි ප්‍රාර්ථනා කරනවා. 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2