Sonali Bendre බලන්න Akshay Kumar නිව්යෝක් යයි

Avatar Nisanka Weheraduwa | July 5, 2018 31 Views 0 Likes 0 Ratings

31 Views 0 Ratings Rate it

දශක ගණනාවක් පුරා බොලිවුඩ් තිරය හැඩකළ සුරූපී බොලිවුඩ් තරුවක් වුනු Sonali Bendre ගැන ඊයේ පටන් නැවත ලෝකය පුරා කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ වෙනකක් නිසා නොවෙයි, ඇගේ අසනීප තත්වය නිසයි. ඇය ඊයේ සිය Twitter ගිණුම හරහා ප්‍රථම වරට සිය රෝගී තත්වය පිළිබඳව ලෝකයට නිරාවරණය කළා. තමන් පිළිකා රෝගයෙන් පිඩා විඳින බවට රෝග නිශ්චය කරගත් බවත්, එය high grade cancer ලෙස හඳුනාගෙන ඇති බවත් ඇය සිය පණිවිඩයේ අනාවරණය කොට තිබුනා. මේ පුවත සැලවීමත් සමග බොලිවුඩ් සිනමා රසිකයින් කැළඹීමට පත්ව සමාජ ජාලා හරහා ඇයට ආශිර්වාද කරමින් නිරෝගී සුව පතමින් පණිවිඩ සටහන් කොට තිබුනා.

කෙසේ නමුත් ඇගේ රෝගී තත්වය පිලිබඳ දැනගත් වහා ඇගේ සුවදුක් විමසීමට බොලිවුඩ් නළු Akshay Kumar නිව්යෝක් බලා ගොස් ඇති බව සඳහන්. කලක් ඇගේ සමීපතම මිත්‍රයෙක් මෙන්ම තිරයේදී බොහෝ වාර ගණනක් ඇගේ සහය නළුවා ලෙස කටයුතු කලේ Akshayයි. සොනාලි වෙනුවෙන් තමා දෙවියන් යදින බවත්, අගේ ඉක්මන් සුවය සහ ඉක්මනින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යලි පැමිණීමට හැකිවන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවත් ආක්ෂේ පවසා තිබුනා. සොනාලි සිය පවුලේ අය සහ සමීපතමයින් සියල්ලන්ටම ස්තූති කොට පණිවිඩයක් සටහන් කොට තිබුනා.

ඇය සටහන් කොට තිබූ පණිවිඩය මෙසේයි.

“Sometimes, when you least expect it, life throws you a curveball. I have recently been diagnosed with high-grade cancer that has metastasized, which we frankly did not see coming. A niggling pain led to some tests, which led to this unexpected diagnosis. My family and close friends have rallied around me, providing the best support system that anyone can ask for. I am very blessed and thankful for each of them. There is no better way to tackle this than to take swift and immediate action. And so, as advised by my doctors, I am currently undergoing a course of treatment in New York. We remain optimistic and I am determined to fight every step of the way. What has helped has been the immense outpouring of love and support I’ve received over the past few days, for which I am very grateful. I’m taking this battle head-on, knowing I have the strength of my family and friends behind me.”

Share

31 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.