මට මගේ නොවන මගේම ආදරයක්‌ තිබුණා – සමනල සංධ්වනිය

Avatar Cinema.lk A | July 10, 2012 230 Views 0 Likes 0 Ratings

230 Views 0 Ratings Rate it

විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි දිගු නිහැඬියාවකින්  පසුව අත පෙවු සිනමා සිත්තමෙහි වැඩ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

අග්නි දාහය, ගරිල්ලා මාර්කටිං වැනි විචාර අවධානයට යොමු වූ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජයන්තගේ නවතම සිනමා කෘතිය සමනල සංධ්වනිය යනුවෙන් නම් කර තිබේ.

යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, පුබුදු චතුරංග, රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානආරච්චි, ගාමිණී ජයලත්, උද්දික ප්‍රේමරත්න, විල්සන් ගුණරත්න, දිමුතු චින්තක ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයේ යෙදෙති.

රූසිනේ ක්‍රියේෂන් වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධන සමනල සංධ්වනියේ නිෂ්පාදකවරුන්ය. රුවන්, මාතා චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයෙකි.

කැමරාව රුවන් කොස්තා මෙහෙයවයි. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයකි. සමනල සංධ්වනිය නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූගත කර ඇත.

Share

230 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.